By kathika

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය – ගණනාථ ඔබේසේකර

“….මේ න්‍යාය ධර්මය පිලිබඳ නව සංකල්පයක් ද භගවත් ගීතයේ හා හින්දු ධර්මශාස්ත්‍රවල එන පුරුෂාර්ථ පිළිබඳ ඝට්ඨනයන්ට වඩා වෙනස් පුරුෂාර්ථ ඝට්ඨනයක් ද බිහි කරයි. මෙය අශෝක රජු තුළ වූ පුරුෂාර්ථ ඝට්ඨනයට ද වඩා වෙනස් ය. එනම්, ආගම රැකීම රජුගේ රාජ්‍ය ධර්මයෙහි අංගයක් විය යුතුය යන බෞද්ධ මතයයි. මෙහි ඇති පුරුෂාර්ථ ඝට්ඨනයෙහි ලා මූලික වන්නේ විශ්ව ආගමක්…

බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් – ගණනාථ ඔබේසේකර

“ගැමි සියලු දෙනා එකතු වී “අඩුක්කු” පූජාවක් මගින් දෙවියන්ට ස්තූති කරති. මෙහිදී ගමේ කපුරාළ බුදුරදුන්ට හා ප්‍රධාන ආක්ෂක දෙවිවරුන්ටත් පළමුව පූජා පවත්වා ඊ ළඟට ගමේ දෙවිවරුන් වන බණ්ඩාර දෙවියන්ට පූජා පවත්වයි. මේ වතාවත් අනුව ග්‍රාමය බණ්ඩාර දෙවියන්ගේ දයාලු ආරක්ෂාව යටතේ සිටින සදාචාර සමාජයක් (moral community) ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. සෑම වසරකටම වරක් ගැමි ඇතැම්හු…

ගෝලීය මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට ලාංකික මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ?-ආචාර්ය කුමුදු කුසුම් කුමාර

“ආර්ථික පීඩාව, දේශපාලන නියෝජනයක් තමන්ට නැහැ කියන හැඟීම, පැරණි පරම්පරාවට සංස්කෘතික වශයෙන් තමන්ගේ මුල් උදුරා දාපු තත්ත්වයකට පත් වෙලා කියන හැඟීම. ඒකට හේතුව ලිබරල් සමාජය බිහිවීමයි. මේක හොඳ පසුබිමක් අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන බලවේගවලට සිංහල බෞද්ධ ජනයා පාවිච්චි කරන්න. ඒ වගේම ආගම් අතරින් වඩාත්ම තර්ජනයට මුහුණ පාලා තියෙන ආගමක් වන්නේ බුද්ධාගම. පන්සල් වැසී යෑම, හාමුදුරුවරුන් ලෙස…

දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිම සමාව අයැදීමක් නැති කලෙක…… මහාචාර්ය රංජිනී ඔබේසේකර

පරිවර්තනය කතිකා අධ්‍යයන කවය 2018 පෙබරවාරි 3 දින දී අයිලන්ඩ් පුවත්පතේ පලවූ මහාචාර්ය රංජිනී ඔබේසේකර ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක මාතෘකාවට අදාළ කොටස්වල මූලික අර්ථය විකෘති නෙකාරන පරිද්දෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කළ දළ අනුවර්ථනයකි මේ. මෙය කියවා ඔබේ නිගමන වලට එළඹෙන්න. මුල් ලිපියට සබැඳිය පහත දැක්වෙයි. කලාකරුවන් පිරිසක් පසුගිය වසර 70 ක දේශපාලන පක්ෂ පිළිබඳ ඇගයීමක් කරන…

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

පාසලේ කෘත්‍යය ලෝකය කෙබඳු ද යන්න දරුවන්ට ඉගැන්වීමයි, නොඑසේව ජීවත්වීමේ කලාව පිළිබඳ ඔවුනට උපදෙස්දීම නොවේ. හනා ආරන්ඩ්ට් නූතන අධ්‍යාපනය සැලසුම් කොට ඇත්තේ ගණකාධිකරණ කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ අපේ තැන ගන්නට අප ගළප්පන පරිද්දෙනි; සැබෑ සංස්කෘතියක් ‘කරන්නට තරම් වටින්නේ කුමන ආකාරයේ වැඩද? ‘ (යනුවෙන්) අසන්නට සමත් මිනිසුන් වර්ගයක් බෝ කරයි. ආනන්ද කුමාරස්වාමි (පණ්ඩුක කරුණානායක ලියූ “The University…

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (අවසාන කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “16 වැනි ශතකයේ රචිත රාජරත්නාකරය කියන්නේ ගජබාහු අලූත්කුරුව ප‍්‍රදේශයේ හිරකරුවන් පදිංචි කර වූ බව යි. පුරාණොක්තියේ මේ ස්වරූපය ම වර්තමාන ද්විභාෂක ධිවරයන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනෙයි. රාජරත්නාකරය ලියැවෙන අවධියෙහි අලූත්කුරුව පදිංචි වූ ධීවර පිරිස ඒ ළඟ දී එහි ආ සංක‍්‍රමණිකයන් විය යුතුය. එහෙයින්…