By kathika

දේශපාලනයේ නියැලීමේ මහජන සතුට (public happiness) සියළු පුරවැසින්ට ලැබිය යුතුයි – කුමුදු කුසුම් කුමාර (වීඩියෝ)

ආචාර්ය එන්.එම් පෙරේරාගේ 110 වැනි ගුණ සමරුව වෙනුවෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී පසුගිය ජුනි 11 වන දින “ප්‍රජාතන්ත්‍රවාදයේ අදාළත්වය හා එහි බහුවිධ මානයන්” යන මැයෙන් පැවති කතිකාවේ කුමුදු කුසුම් කුමාර පළ කල අදහස්

මේ මාගේ ගමයි (2 කොටස ):පිරිමියා ආදරය හදාගන්නේ ස්වභාවයට, ගැහැණියට පරාජය වීමේ බය යටපත් කරන්න – කුමුදු කුසුම් කුමාර

පාලියා කියන්නේ ලිංගික ක‍්‍රියාව මුලික වශයෙන් සමාජමය නොව ස්වාභාවික ගනුදෙනුවක් බවයි. ලිංගිකත්වය යනු, ප‍්‍රතිවිරෝධයන්ගෙන් සහ එකම දේ පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ අදහසින් සැදුණු අඳුරු රාජ්‍යයකි. එය හැමවිටමත් සමාජීය ආකෘතීන්ගෙන් වටහාගත හැකි නොවේ. සමාජීය හෝ සදාචාරමය යෝග්‍යතාව පිළිබඳ කෝණයන්ගෙන් එය හරි ගැස්සිය හැකි නොවේ. පිරිමියාට හැම සංවාස අවස්ථාවක්ම මව කරා ආපසු යෑමක්, ඇයට යටත්වීමක් වෙයි. පිරිමින්ට ලිංගික ක‍්‍රියාව…

මෛත්‍රී-රනිල් රජය ශිෂ්‍ය විරෝධතා වලට එරෙහි නීති විරෝධී ක්‍රියා නැවැත්විය යුතුය! – කුමුදු කුසුම් කුමාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් රජරට සහ සබරගමුව විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනෙකු අද (ජූනි 1 දින) මා හමුවීමට පැමිණියෝය. ඔවුන් පැමිණ සිටියේ “විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව දියත් වී තිබෙන උග්‍ර රාජ්‍ය මර්දනය පිළිබඳ දැනුවත් කිරීම“ මැයෙන් කරුණු ඉදිරිපත් කිරීමට හා ඒ හා සම්බන්ධ ලිපි ගොණුවක් භාර දීමට ය. මම ඔවුනට සවන්…

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ‘කතිකා’ අධ්‍යයන කවය

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ධවල පත්‍රිකාව සඳහා යෝජනා සහ නිර්දේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය පිළිබඳ යි.(එම ප්‍රකාශය සඳහා සුනිල් විජේසිරිවරධන ගේ මුහුණු පොත බලන්න.)ධවල පත්‍රිකාව ක් යනු සාමාන්‍ය යෙන් රජයක ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා පෙර ගමන් කරුවෙකු ලෙස ඉදිරිපත් කරන අධිකාරවාදී බලයක් කියා පාන ලියවිල්ලකි, යෝජනාවලියකි. මෙම ධවල පත්‍රිකාව…

මහා සම්ප්‍රදායේ කෘතීන් සදාතනිකය – නිව්ටන් ගුණසිංහ

සංස්කෘතිය තුළ පවතින චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය නොබෝදා කම්කරු ගොවි ආයතනය සමග විවෘත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මහනුවර යුගයේ සිංහල සංස්කෘතිය සහ කලාව පිළිබඳ මා විසින් පළ කරන ලද අදහස් ‛ඉරිදා දිවයින’පුවත්පතේ ප්‍රසිද්ධ විවාදයකට තුඩු දී ඇති බව පැහැදිලිය. මේ විවාදය කෙරීගෙන යන ස්වරූපයෙන් ඉස්මතු වී පෙනෙන කරුණු දෙකක් ඇත. (1)…