By kathika

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ‘කතිකා’ අධ්‍යයන කවය

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ධවල පත්‍රිකාව සඳහා යෝජනා සහ නිර්දේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය පිළිබඳ යි.(එම ප්‍රකාශය සඳහා සුනිල් විජේසිරිවරධන ගේ මුහුණු පොත බලන්න.)ධවල පත්‍රිකාව ක් යනු සාමාන්‍ය යෙන් රජයක ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා පෙර ගමන් කරුවෙකු ලෙස ඉදිරිපත් කරන අධිකාරවාදී බලයක් කියා පාන ලියවිල්ලකි, යෝජනාවලියකි. මෙම ධවල පත්‍රිකාව…

මහා සම්ප්‍රදායේ කෘතීන් සදාතනිකය – නිව්ටන් ගුණසිංහ

සංස්කෘතිය තුළ පවතින චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය නොබෝදා කම්කරු ගොවි ආයතනය සමග විවෘත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මහනුවර යුගයේ සිංහල සංස්කෘතිය සහ කලාව පිළිබඳ මා විසින් පළ කරන ලද අදහස් ‛ඉරිදා දිවයින’පුවත්පතේ ප්‍රසිද්ධ විවාදයකට තුඩු දී ඇති බව පැහැදිලිය. මේ විවාදය කෙරීගෙන යන ස්වරූපයෙන් ඉස්මතු වී පෙනෙන කරුණු දෙකක් ඇත. (1)…

පසුගිය ජනාධිපතිවරණය පුරවැසි දේශපාලනය සක‍්‍රීය වුණ අවස්ථාවක් – කුමුදු කුසුම් කුමාර

පසුගිය ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණයක් ද? නැතිනම් සමාජ විද්‍යාත්මකව දක්වන විශේෂත්‍වයන් මොනවා ද? පැහැදිලි හේතු කීපයක් නිසා විශේෂ මැතිවරණයක්. පැවැතිච්ච පාලනය පරාජය කරන්න මිනිසුන් තුළ තිබුණු බලවත් අවශ්‍යතාවක් ප‍්‍රකාශයට පත් වුණ මැතිවරණයක් ඒක. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ යුද්ධය අවසන් කළ පසු සහ එයට පෙර කරපුවත් මීට සම්බන්ධයි. ලංකාවේ බුද්ධිමතුන්, පුරවැසි සංවිධාන, සිවිල් සමාජය පමණක් නොවෙයි,…

මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

අශෝක හඳගමගේ මේ මාගේ සඳයි සිනමා කෘතිය පිළිබඳ මෙම සාකච්ඡාවට දායක වූ මෙම ලිපි පෙළ බලය සඟරාවේ 2001- 2002 වර්ෂ වල පලවු අතර ඒවා එලෙසින්ම මෙහි පල කරමු. x කණ්ඩායම විසින් අශෝක හඳගමගේ මේ ‘මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව ‘අංශක බිංදුවේ සෞන්දර්ය වියමන‘ යන මැයෙන් ප‍්‍රකාශයක් කර තිබිණ (බලය, සැප්තැම්බර් 2001). එම ප‍්‍රකාශයේ හරය මා තේරුම්…

නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are – ප්‍රේක්ෂක

1. ගම සහ නගරය ප්‍රතිපක්ෂයන් ලෙසින් දැකීම අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර මුල් කොට ගෙන බිහිවූ නවරැල්ලේ සිංහල සිනමාව මූලිකවම ගම තුළ පොදුවේත්, මායිම් ගම්මාන තුළ සුවිශේෂයෙනුත්, යුද්ධය පිළිබඳ කතන්දරවලත් සිරකරුවකුව සිටියේ ය (බලන්න, කුමුදු කුසුම් කුමාර, “පශ්චාත් නූතන දෘෂ්ටියෙන් සම්ප්‍රදායික සිංහල ගම බැලීම” ලිපිය https://kathika.lk/old/ ප්‍රාරම්භක කලාපය). ඔවුන් ඇතැමෙකුගේ එම චිත්‍රපට ගම…