By kathika

ශ්‍රීලනිපයේ ඓතිහාසික කාර්යභාරය අවසන් වී ඇත ? – කුමුදු කුසුම් කුමාර

මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැළිය නරඹමින් අප රැඳී සිටියේ රැස්වීම පැවති භූමියෙන් පිටත පදික වේදිකාවෙහිය. එයද විනාඩි කිහිපයකට පමණි. ඉන් අනතුරුව අපි පැමිණි දිශාවට ආපසු යාමට පිටත් වුනෙමු. එවිට සැණෙකින් අප මැදිවුනේ “මහින්ද මහත්තයා විනාශ…

“සුන්දර දෙයෙහි අදාළත්වය” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

ජර්මානු දාර්ශනික හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ සුප්‍රකට The Relevance of the Beautiful: Art as Play, Symbol and Festival නමැති රචනාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය. ගැඩමර්ගේ දාර්ශනික අර්ථවිවරණවේදය පිළිබද දීර්ඝ හැඳින්වීමක්ද සහිතයි. පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ විසිවන සියවසේ දර්ශනවාදයේ ප්‍රමුඛතම පුද්ගලයෙක් මෙන්ම මහජන දාර්ශනිකයා (Public Philosopher) වශයෙන් හදුන්වනු ලැබූ හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ The Relevance of…

වරාය නගර ව්‍යාපෘතිය, ජාතික ස්වෛරීත්වය කැප කිරීම සහ බෞද්ධ වන්දනා – ගනනාථ ඔබේසේකර

සති කිහිපයකට පෙර විශ්ව විද්‍යාල සගයන් සංවිධානය කොට දිල්ලි විශ්ව විද්‍යාලයේ පවත්වන්ට යෙදුණු සම්ම්න්ත‍්‍රණයකට සහභාගී වීමේ භාග්‍යය මට ලැබුණි. එම සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබැවූයේ, 14 වැනි දලයිලාමා තුමා වන අති උතුම් ටෙන්සින් ග්යැට්සෝ ය. සමකාලීන අධ්‍යාපනික ආකෘතීන් තුළ බෙහෙවින් විරල, කරුණාව සහ දයාව පිළිබඳ පුරුෂාර්ථ අන්තර්ගත කරගත හැකි වන අයුරින් ළමුන්ගේ ලෞකික අධ්‍යාපනය සංවර්ධනය කරගත හැක්කේ…

Sovereignty, Port City & The Dalai Lama – Gananath Obeyesekere

Several weeks ago I had the privilege of attending a conference organized by colleagues in the University of Delhi and presided by His Holiness Tenzin Gyatso, the Fourteenth Dalai Lama. The conference itself was on how children’s secular education could be transformed in order to bring in values of compassion and caring sorely lacking in…

විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු! – කුමුදු කුසුම් කුමාර

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව සැබෑය. එය ලාංකේය පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද සැබෑය. මන්ද යත් එය සටහන් කරන්නේ 1978 දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙහි ලා මෙරට පුරවැසි ජනතාව තුළ වූ දැඩි අධිෂ්ඨානයේ සහ ඒ සඳහා ඔවුන් වසර 37 ක් අත් නොහැර ගෙන ගිය…

විමල් රුද්‍රිගු සමුගනියි…! – එස්.යාපා

ඇන්.ඇම්., කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි අභීත වාමාංශික දේශපාලන නායකයන්ගෙන් ගුරුහරුකම් ලැබ, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන දර්ශනයෙන් මනා ලෙස පන්නරය ලද විමල් රුද්‍රිගු නම් නිර්ව්‍යාජ දේශපාලන මිනිසා අද අපෙන් සදහට ම සමුගෙන ඇත. පුරා දශක හතරක් තිස්සේ නිවැරැදි දේශපාලන භාවිතාවක් නියෝජනය කළ ඔහු, සමාජවාදී දේශපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සක‍්‍රීය දේශපාලනඥයෙකි. ඔහු කිසි විටෙකත් හුදු…