By kathika

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! – මහාචාර්ය නවරත්න බණ්ඩාර

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! නරක්වූ කුණු ගොඩකින් හොඳ “ව්‍යවස්තාවක්” හදා ගන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න මෙයාලට බැරි බව දැන් මෙයාලා ඔප්පු කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මේ අය ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එක මේ රටේ අභාග්‍යයකි. ජනවාරි 08 වෙන දා ජනතාව මේ පාර්ලිමේන්තුවේ තුනින් දෙක ද පැරදවූ බව මෙයාලට කියදෙන්න නම් මේ…

නලින් ස්වාරිස්: ශේක්ස්පියරියානු රූපකයකින් දේශප්‍රේමය වෙතට – දිමුතු සමන් වෙත්තසිංහ

ආචාර්ය නලින් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2015.04.17 වන දිනට අවුරුදු 4 ක් සම්පූර්ණ වේ. ශ්‍රී ලාංකීය බුද්ධිමය දේශපාලන විෂයට ඔහු විසින් කරන ලද දායකත්වය බටහිර මෙන්ම පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යයේ සිට නූතන, පශ්චාත් නූතන ආදී වශයෙන් වූ අනේකාකාර ඥාන මූලයන්ගෙන් පොෂිත වේ.භාෂා අටක පමණ නිපුණයෙකු වූ ඔහු ලියූ ලේඛන නොමඳ සාරගර්භ බවකින් යුක්ත වූ අතර අදාළ විෂය…

මෛත්‍රී නිමේෂය ගිලිහී නොයන්නට නම්…. – කුමුදු කුසුම් කුමාර

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වූයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ බහුජන ව්‍යාපාරය තුළිනි. මෙරට ජනයාට පොදු අපේක්ෂකයෙකු මූලිකවම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් තුළ වූ බලවත් අපේක්ෂාව ඉටු කර ගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමටත් පෙර සිටම පොදු අපේක්ෂකයා කවරෙකු වුවත් ඔහු හෝ ඇයගේ ජයග්‍රහණය සහතික කිරීමට පෙළ ගැසෙමින් තිබුණු දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ…

‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක

“………මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන…

මෛත්‍රී තම ප්‍රතිරූපය විනාශ කරගනීද? – කුමුදු කුසුම් කුමාර

මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපති ධුරයට පත් වන්නේ මිලියන හයකුත් ලක්ෂ දෙකක් ඉක්මවූ ජනතාවකගේ ඡන්දයෙනි. ඔහු මෙම ජනතාවට දුන් ප්‍රධානම මැතිවරණ පොරොන්දුව ඔහුගේ “ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මැතිවරණ ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ “අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” යන සිරස්තලය යටතේ ය. ඔහු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට හේතුව…