චමීර පෙරේරා, මධ්‍යම කාරක සභික – ල.ස.ස.ප. ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ සහෝදරයා මාධ්‍ය හමුවක් කැඳවා තමන් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ බවත්, සෙසු අය ඊට විරුද්ධව බොරු කියමින් යන බවත් පවසා ඇත. ඇත්තටම විතාරණ සහෝදරයා කළ යුත්තේ, මාධ්‍ය හමුවක් කැඳවා ඔය දේ ප‍්‍රකාශ කිරීමට පෙර, දේශපාලන මණ්ඩලය රැස්වන කාමරයේ ඇති ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියට ගොස් ඔය ප‍්‍රකාශය කිරීමය. ලේකම් සහෝදරයාට තමන් ලියූ දේශපාලන වාර්තාව ගැන කල්පනාවක් නැති කල්හි, පක්‍ෂයේ ව්‍යවස්ථාව හෝ ඇන්. ඇම්, කොල්වින් සහෝදරවරුන්ගේ ප‍්‍රකාශන ගැන කුමන කතාද? විතාරණ සහෝදරයා පසුගිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි: ‘‘රාජපක්‍ෂ පවුල මෙන්ම ශ‍්‍රි.ල.නි.පයේ සමහර නායකයන් විසින්…
'kathika' social, cultural and political review
By kathika
රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු
රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.
යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ? සුමනසිරි ලියනගේ ට කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරු
සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.
අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ
අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ විසිනි ‘වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11 ක්’ මැයින් මා ලියූ ලිපිය පල කිරීම අරමුණු කර ගෙන නොකල ද එය තම වෙබ් අඩවියේ පල කිරීම ගැන මම කුමුදු ට ස්තූතිවන්ත වෙමි. තම පිළිතුරට කුමුදු යොදන හෙඩිම ‘ලංකාවත් දැන් පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලා ද?’ යන්න ය. පශ්චාත් යන වචනය කුමන නාම පදයකට විශේෂණයක් ලෙස හෝ යෙදීමට මම අකමැත්තෙමි. එහෙත් එම විශේෂණය යෙදීමට මගේ විරුද්ධත්වයක් නැත. කුමුදුගේ හෙඩිමෙන් සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි හේ අදහස් කරන්නේ…
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර
ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? කුමුදු කුසුම් කුමාර විසිනි සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන ලියූ අදහස් පිළිබඳ ලියමි. මගේ ප්‍රමාදය මෙම සාකච්ඡාවට වමෙන් ප්‍රතිචාරයක් දැක්වෙනු ඇතැයි බලා සිටි හෙයිනි. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ගොඩ නැගෙන ජන පෙළගැස්ම සමග වම නොසිටිය හොත් වම තනි විමට ඇති ඉඩ කඩත් එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කිරීමක් ලෙස ජනයා සැළකිමට හැකි කමත් ගැටලුවක් ලෙස දකින වමේ මතය සුමනසිරි ලියනගේ ප්‍රශ්න කරයි. එයට විසඳුමක් ලෙස වම ඉදිරිපත් කරන “වම ස්වාධීන…
Part Two- Public Discussion, The Urban Landscape : Should We Ape the West? By Ashley de Vos
Part Two – Public Discussion The Urban Landscape : Should We Ape the West? A public lecture By Ashley de Vos Dip. (Arch.), FIA (SL) Architecture is the process of building well, taking into account Culture, History, tradition, place, location, orientation, human needs and use, building layout, proportion, the solid to void relationship, use of materials, shading, thermal mass and comfort, ventilation, etc. Good building is not dictated by style or fashion, it has a timeless quality and this quality usually defines architecture. Countries with strong and deep cultural roots, including traditional societies understood and used the process of ecological…