By kathika

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර (සිවුවැනි කොටස) : ස්වයංසිද්ධ අනන්‍යතාවන් (Axiomatic identities) නිර්මාණය

එසේ ස්වයංසිද්ධ අනන්‍යතාවය යථාර්ථයක් වූ හෙයින් බෞද්ධ ඉතිහාසයේ විටින් විට දකුණු ඉන්දියාවෙන් පැමිණියවුන්, ඔවුන්ගේ දෙවිවරුන්, යාතුකර්ම, භාෂාව හා පාඨ ග්‍රන්‍ථ බෞද්ධභාවයට පත් කර ගැනීමක් හෙවත් සාසනකරණයක් [“naturalization” “ජාති ප්‍රවේශනය” ] කරගනු [a continual අඛණ්ඩව] දැක්ක හැකිය. දිගු කාලීන ඉතිහාස දෘෂ්ටියෙන් බැලූ කල බොහෝ සිංහලයෝ මෙසේ ස්වභාවීකරණය වූ දකුණු ඉන්දීය සංක්‍රමණිකයෝ වෙත්. මේ සාසනකරණය සිංහල බහුතරය වෙසෙන පෙදෙස්වල පහසු වූයේ සංක්‍රමණිකයන් ඊට ප්‍රතිරෝධයක් නොපෑ බැවිනි. ඒ ආකාරයෙන්ම යාපනේ අර්ධද්වීපයෙහි අඩුම තරමින් 15 වන සියවසට පසු කේරළ හා දමිළ ජනයා විසින් ආධිපත්‍ය දරන ලද හෙයින් එහි කලින් සිටි සිංහල භාෂකයන් අරභයා ද සිදු කෙරෙන්නට ඇත. “සිංහල බෞද්ධ” නම් සංස්කෘතික අනන්‍යතාව යනු විවිධාකාර…

A Lecture by Charles Taylor on Modern Secular Societies in the West, and the Notion of Multiculturalism

The Faculty of Arts University of Peradeniya And The High Commission of Canada Cordially invite you to a Public Lecture on Modern Secular Societies in the West, and the Notion of Multiculturalism Conducted by Eminent Scholar Charles Taylor Professor of Political Science, Philosophy and Law McGill University-Canada Date: Friday, November 29, 2013 Time: 11:00 – 12:00 Venue: Senate Room, University of Peradeniya

අනන්‍යතාව හීලෑකර ගැනීම: මහියංගනයේ සාමූහික නිරූපණ – “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – තෙවැනි කොටස – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

අපි මෙහිදී ආරම්භක පුරාණ කථාවේ එන වැද්දන්ගේ ප්‍රභව ප්‍රවෘත්තිය දෙසට හැරෙමු. ඒ අනුව වැදි ජනයා විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නෝය. ඒ අනුව [ විජය මගින් through Vijaya] සිංහලයන් හා ඥාතිත්වයක් ඇතත් [විජය කුවේණි විවාහ කොට ගෙන එම විවාහයෙන් ලද දරුවන් දෙදෙන Vijaya married Kuveni and …… his two children by that marriage] වනයට පිටුවහල් කරන ලදුව දඩයමින්, එනම් [ඉතා] අබෞද්ධ වූ දිවිපෙවෙතකින් ඔවුන් වෙසෙන නිසා දෙපිරිස එකිනෙකාගෙන් ඈත් වෙති. [සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ මෙම සංගමයෙන් “පුලින්දන්“ (“දඩයක්කරුවන්“, එනම්, වැද්දන්) පැණ නැඟුණු බව අපි දුටුවෙමු. We noted that out of this union of brother and sister sprang the Pulindas…

ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස

ආචාර්ය නලීන් සවාරිස් පරීක්ෂාකාරීව හෙළා දැකීම වෙනුවට ස්ත්‍රියව විචාර බුද්ධියෙන් දුර්වල හැඟීමෙන් පිරුණු (emotional being) හැටියට පිළිඹිඹු කිරීම. හැඟීම් පාලනය කරගන්න බැරි මොර ගැසීමේ මානසික රෝගය ඔහු හැඳින්වූයේ හිස්ටීරියා (hysteria) කියලා – කුසයේ රෝගයක් හැටියට එය වැඩියෙන්ම ගැහැණුනගේ රෝගයක් හැටියට. මේවා ඉතා අපූරුවට ඩෙරීඩා නිරාකරණය කරනවා. ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස ආචාර්ය නලීන් ස්වාරිස් මෙසේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය කෘතීන් – ඩෙරීඩා මෙන් හදාරන වැදගත් ගුරුකුලයක් සාහිත්‍යය ලෝකයේ ඉන්දියාවේ බිහි වී තියෙනව “නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලය” යනුවෙන්. මෙහි වැදගත් නම් ගයත්‍රි ස්පිවැක්, රනජිත් ගුහා. මොවුන් ඩෙරීඩා අනුගාමිකයින් හැටියට හඳුන්වා දෙනවා. නමුත් මෙතැනත් ඇත්තේ සමානවත් අදහසක්. ශාස්ත්‍රීය පොතක්, ඉතිහාස පොතක්…

ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම

ආචාර්ය නලීන් සවාරිස් භාෂාව – සංඥාව සියල්ලම වැළඳ ගන්නා නිසා, ඩෙරීඩාගේ විසංකරණය භාෂාවටත් සාහිත්‍යටත් සීමා වෙන්නේ නැහැ. හැම දෙයක්ම text එකක් (වියමනක්), ප්‍රතිමාවක්, ඡායාරූපයක්, චිත්‍රපටියක්, නාට්‍යයක්, “ටෙක්ස්ට් එකක්” හැටියට හැදෑරුව හැකියි. දේවල් මතු කරනා අතර – ඒවාට අවධානය යොමු කරන අතර දේවල් ආවරණය වෙනව. එතෙන කර්තෘ object (විෂය වස්තුව) කරපු දේවල් පෙනෙනව. මැජික් කරන්නෙත් මෙහෙමයි. ඒ නිසා වියමන (text) කියවනකොට බලන්න ඕනෙ “වියමනෙන්” කියවන මතුපිට තියෙන අර්ථය පමණක් නොවෙයි – මෙතන “යටවෙන වියමන”, “ගිලුනු වියමන” කුමක්ද? මෙතන යම් දෙයක් මාතෘකාව කරගෙන එය එය විෂය වස්තුව (objectify) බවට පත් කරනා කර්තෘ කවුද? එවිට කර්තෘකයා (subject) වෙන – යටවෙන විෂය වස්තුව කවුද?…