සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය සරච්චන්ද්‍ර කියන්නේ අපේ රටේ මහාර්ඝ වස්තුවක් කියලයි මගී අහල කියෝල තියෙන්නෙ. උන්නැහේ ගැන කතාබහ කරන්න මගීලට තියන දැනුම මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා. රතු පස්වලයි, ජූලි කලබලයි, වයඹ කලබලයි ගැනම හිත හිතා ලියන්නයි, කියන්නයි සිද්ධ වුනු මගීලට සරච්චන්ද්‍ර උන්නැහෙ ඔලුවට ආවෙ හේතුවකුත් එක්ක. උන්නැහේගෙ සියවෙනි උපන්දින සංවත්සරේ තියෙන්නේ 2014 ජූනි 03 දාටලු නේ. ඒක ගැනනම් පත්තරවල විස්තර වගයක් තියනව මගී දැක්කා. ආණ්ඩුවෙ සංස්කෘතිය භාර ආමතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියනවා කියන්නෙ එන අවුරුද්ද වෙනකල් සරච්චන්ද්‍ර උන්නැහෙගේ නාට්ටිය ගැන රට පුරා කතා පවත්වන්න කියල. අලුත් නාට්ටිය හදලා ඒවාත් අලුත් පරම්පරාවලට පෙන්නන්න කියලා. හැබැයි මගී නම් තාම දැක්කේ නෑ සරච්චන්ද්‍ර…
'kathika' social, cultural and political review
By kathika
“අනෙකා නිවැරදි විය හැකියි” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්
හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – දෙවන කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ රෝයි : හබර්මාස්ගේ කර්තව්‍යය ජර්මානු දර්ශනවාදය තුළට විශ්ලේෂී ශෛලිය (analytic style) කඩාවැදීම ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් ලෙස ඔබ සළකන්නේද? ගැඩමර් : නැහැ. හබර්මාස් විශ්වාස කරන දෙය වන්නේ විද්‍යාත්මකව සහ නිල තන්ත‍්‍රයක් වශයෙන් (bureaucratically) සංවිධානය කෙරුණු අප සංස්කෘතිය තුළදී සමාජ ව්‍යාපාර ග‍්‍රහණයට ගෙන ඒවා මෙහෙයවිය හැක්කේ විද්‍යාවට පමණක් බවයි. මිට ප‍්‍රතිපක්ෂව මම විශ්වාස කරන්නේ මෙය කළ හැක්කේ මානව විචක්ෂණභාවයට (human prudence) පමණක් බවයි. දිනක් කොරිඩෝවේදී ආශ්වාදජනක හමුවක් අප අතර ඇතිවුණා. ඔහු එහිදී පැවසුවේ අපට උපකාර කළ හැක්කේ විද්‍යාත්මකව ශික්ෂණය කෙරුණු විචක්ෂණභාවයට පමණක් බවයි. ඊට පිළිතුරු වශයෙන් මම පැවසුවේ විචක්ෂණභාවය…
“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “
බදාදා සටහන අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි: ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි…
“විසංයෝජනය එතරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් නොවේ” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්
හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – පළමු කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම ඔහුගේ සහායකයෙකු ද විය.“සත්‍යය සහ ක්‍රමය” (Truth and Method) වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියාපෑම අභියෝගයට ලක් කලේය. විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය විවේචනය කල ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික අත්දැකීම, සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් විසින් ඕනෑම යථාර්ත සංජානනයක් අසමත් කරන බවයි. ඔහුට අනුව කෘතියක අරුත අස්ථිර වන අතර කතුවරයාගේ අරමුණ සහ කියවන්නාගේ වැටහීම අතර පරස්පර ව්‍යවහාරය අනුව වෙනස් වේ. නමුත්, සත්‍යය පිළිබඳ අදහස…
ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම
බදාදා සටහන ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – පළමු කොටස අලාන් ෆින්කල්ක්‍රෝත් තම කෘතිය පාඨකයාට හඳුන්වා දෙන්නේ පහත සඳහන් පරිදි ය. “ ෂොන්-ලුක් ගොඩා (Jean-Luc Godard) ගේ විව්ර ස වි (vivre sa vi, ‘ඇගේම ජීවිතය ජීවත් වීමට‘) නමැති චිත්‍රපටියේ දාර්ශනිකයාගේ චරිතය රඟන බ්‍රයිස් පරේන් ඔහු වඩා උසස් ජීවිතය ලෙසින් ද හඳුන්වන මනසේ ජීවිතය එදිනෙදා ජීවිතය සමඟ සසඳයි. බටහිර ශිෂ්ඨාචාරයේ මූලික ගොඩනැඟුම් ගලක් වන මෙම ධූරාවලීය විශිෂ්ඨභාවය හැමවිටමත් සභංගුර බිමෙක පිහිටා තිබී ඇත. අදටත් මෙය අතිමහත් විවාදයක් අවුස්සාලයි. කෙසේ වුවත් මෑතකදී පක්ෂ…
දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක් නොවේ – ධර්මසේන පතිරාජ
දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක් නොවේ ධර්මසේන පතිරාජ දැනටත් විශ්ව සාහිත්‍යයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියෑවී තිබෙන විශිෂ්ට කෘති කියවනවා. විශේෂයෙන්ම සාහිත්‍යයේ නව ප්‍රවණතා ඉදිරිපත් කළ ලේඛකයන්ගේ කෘති ලැබුණු සෑම විටෙක කියවීම මගේ පුරුද්දක්. …………………………. දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක් නොවෙයි. කලාව අන්තර් පඨිතයි. කලාකරුවෙක් තනිවම කෘතියක් නිපදවන්නේ නැහැ. ඔහු කියවූ සාහිත්‍යය, අත්දැකපු ජීවිතය, දේශපාලනය, සමාජය තමයි කලා කෘතියක් බිහිවීමට හේතුවන්නේ. පඨිතය (Text) විශ්ලේෂණය කිරීම තමයි හොඳ කෘතියක් තීරණය කිරීමේ ප්‍රධාන සාධකය. මෙම නවකතාවේ පඨිතය තමයි එය පරිවර්තනය කිරීමට මාව පෙළඹවූයේ. එහි තිබෙන නැවුම් සන්දර්භ රීතිය ඒ සඳහා බලපෑවා. දේශපාලන දැක්‌මක් එහි තිබුණේ නැහැ. මා විශ්වාස කරන්නේ සාහිත්‍ය සාහිත්‍ය ඇසුරින්ම…