By kathika

“විසංයෝජනය එතරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් නොවේ” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – පළමු කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම ඔහුගේ සහායකයෙකු ද විය.“සත්‍යය සහ ක්‍රමය” (Truth and Method) වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියාපෑම අභියෝගයට ලක් කලේය. විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය විවේචනය කල ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික අත්දැකීම, සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් විසින් ඕනෑම යථාර්ත සංජානනයක් අසමත් කරන බවයි. ඔහුට අනුව කෘතියක අරුත අස්ථිර වන අතර කතුවරයාගේ අරමුණ සහ කියවන්නාගේ වැටහීම අතර පරස්පර ව්‍යවහාරය අනුව වෙනස් වේ. නමුත්, සත්‍යය පිළිබඳ අදහස…

ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම

බදාදා සටහන ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – පළමු කොටස අලාන් ෆින්කල්ක්‍රෝත් තම කෘතිය පාඨකයාට හඳුන්වා දෙන්නේ පහත සඳහන් පරිදි ය. “ ෂොන්-ලුක් ගොඩා (Jean-Luc Godard) ගේ විව්ර ස වි (vivre sa vi, ‘ඇගේම ජීවිතය ජීවත් වීමට‘) නමැති චිත්‍රපටියේ දාර්ශනිකයාගේ චරිතය රඟන බ්‍රයිස් පරේන් ඔහු වඩා උසස් ජීවිතය ලෙසින් ද හඳුන්වන මනසේ ජීවිතය එදිනෙදා ජීවිතය සමඟ සසඳයි. බටහිර ශිෂ්ඨාචාරයේ මූලික ගොඩනැඟුම් ගලක් වන මෙම ධූරාවලීය විශිෂ්ඨභාවය හැමවිටමත් සභංගුර බිමෙක පිහිටා තිබී ඇත. අදටත් මෙය අතිමහත් විවාදයක් අවුස්සාලයි. කෙසේ වුවත් මෑතකදී පක්ෂ…

දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ – ධර්මසේන පතිරාජ

දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ ධර්මසේන පතිරාජ දැනටත් විශ්ව සාහිත්‍යයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියෑවී තිබෙන විශිෂ්ට කෘති කියවනවා. විශේෂයෙන්ම සාහිත්‍යයේ නව ප්‍රවණතා ඉදිරිපත් කළ ලේඛකයන්ගේ කෘති ලැබුණු සෑම විටෙක කියවීම මගේ පුරුද්දක්‌. …………………………. දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවෙයි. කලාව අන්තර් පඨිතයි. කලාකරුවෙක්‌ තනිවම කෘතියක්‌ නිපදවන්නේ නැහැ. ඔහු කියවූ සාහිත්‍යය, අත්දැකපු ජීවිතය, දේශපාලනය, සමාජය තමයි කලා කෘතියක්‌ බිහිවීමට හේතුවන්නේ. පඨිතය (Text) විශ්ලේෂණය කිරීම තමයි හොඳ කෘතියක්‌ තීරණය කිරීමේ ප්‍රධාන සාධකය. මෙම නවකතාවේ පඨිතය තමයි එය පරිවර්තනය කිරීමට මාව පෙළඹවූයේ. එහි තිබෙන නැවුම් සන්දර්භ රීතිය ඒ සඳහා බලපෑවා. දේශපාලන දැක්‌මක්‌ එහි තිබුණේ නැහැ. මා විශ්වාස කරන්නේ සාහිත්‍ය සාහිත්‍ය ඇසුරින්ම…

එක්ස් කණ්ඩායමේ ‘තග’ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම

එක්ස් කණ්ඩායමේ ‘තග‘ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම -‘කතිකා’ අධ්‍යයන කවය ‘කතිකා’අධ්‍යයන කවය සහ එහි සාමාජිකයන් ට විවිධ ආන්තික දේශපාලන කණ්ඩායම් සහ කල්ලිවලින් සයිබර් අවකාශයේ එල්ල කෙරෙන මැර ප්‍රහාර පසු ගිය කාලය තුළ උග්‍ර වී තිබේ. අප මෙය දකින්නේ අපගේ දේශපාලන කටයුතුවල බලපෑම නිසා රිදෙන පිරිස් ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙසිනි. මෙම ප්‍රහාරවල හරය වන්නේ බියවැද්දීමෙන් අනෙකා මහජන තලයෙන් පළවා හැරීමයි. එක්ස් කණ්ඩායමෙන් උපත ලද මෙම දේශපාලනය අපට ආගන්තුක දෙයක් නොවේ. ඔවුන්ගේ මෙම ‘තග’ දැමීමේ නොහොත් මැර දේශපාලනයට අප එක්ස් කණ්ඩායමේ ආරම්භයේ සිටම එළිපිටම ප්‍රතිරෝධය දක්වා ඇත්තෙමු. එක්ස් කණ්ඩායමේ දේශපාලනයෙන් උපත ලද විවිධ කල්ලි කණ්ඩායම්වලට මෙම උපන් ගෙයි…

“මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාද” සංවාදයෙන්…………….. දීප්ති: ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිළි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා. අර්ජුන: ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති……… අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති කුමුදු කුසුම් කුමාර විසින් සංවිධානය කරන ලද සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන…

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?

“ මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතිං පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවිකෙනෙක් කරලා තියෙන්නේ?“ අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු…