By kathika

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි දැන් නගර සභා, මහ නගර සභා ඡන්ද කරලියට පැමිණ තිබේ. මෙම ඡන්ද පැවැත්වෙන්නේ නාගරික සංවර්ධනය පිළිබඳ නව උනන්දුවක් ලංකාවේ ඇති වී තිබෙන අවස්ථාවක ය. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරකයන් වැඩියෙන් අද්දා ගැනීම ය. ඒ සඳහා නගර අලංකරණයට කොළඹ නගර සභාව මේ දිනවල යොමුවී තිබේ. ඊට ම සම්බන්ධව නගරයේ සමාජීය ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් එහි පරිසරයේ විවිධ වෙනස් කම්, මැදිහත්වීම් ඇති කෙරෙමින් පවතී. මෙයින් සමහරක්, උදාහරණයක් වශයෙන් රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය, යුද්ධය සමයේ ඇරඹී දැන් වැඩි දියුණු කෙරෙන ඒවාය. පදික වෙළෙඳුන් ඇතුලු ස්වයං රැකියාවල යෙදෙන්නන් යළි ස්ථාන…

අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර

අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර වසර තිහක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක්‌ දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී…

සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය

සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තවත් මැතිවරණ වටයක ඉහළ ජයක් ලැබුවේය. එබඳු ආණ්ඩුවක් ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට තමන්ම වළ කපා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට දිගින් දිගටම යොමුවන්නේ මන්ද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. මහජනයා අතර ආණ්ඩුවට ඇති ප‍්‍රසාදය හීන වීමට හේතුවන ආකල්පයක් යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු පසුගිය කාලය තුළ ආණ්ඩුව ගත් ක‍්‍රියාවලීන් ගණනාවක් තුළ හඳුනාගත හැකි වෙයි. එය නම්, ජනතාව සහ රටට බලපාන ප‍්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී ඒවායින් මහජනයාගේ ජීවිතවලටත් රටේ අනාගතයටත් ගෙන දෙන හානිකර ඵලවිපාක වැදගත් කොට නොසැළකීමේ ආකල්පයයි. එය ප‍්‍රකාශ වන සිදුවීම් විමසා බලන කළ දැකිය හැකි පොදු රටාවක් මතු වෙයි. එම…

අපේ ජයග‍්‍රහණ අපේ පරාජයන් හා ඉදිරි කි‍්‍රයා මාර්ග

අපේ ජයග‍්‍රහණ අපේ පරාජයන් හා ඉදිරි කි‍්‍රයා මාර්ග – වෘත්තීය ක‍්‍රියා මාර්ග අත්හිටුවීම පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ නිවේදනය 2011 මාර්තු 15 වැනිදා එක් දින සංකේත වැඩ වර්ජනයකින් ආරම්භ කර මැයි 9 වැනි ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස් වී, ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීමට උපකාර වන අන්දමේ ගෞරවනීය වැටුපක් ලබා ලබා දෙන මෙන් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය කි‍්‍රයා මාර්ගය අත්හිටුවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව 2011 ජූලි මස 21 වැනි දින රැුස් වී තීරණය කළේය. මෙසේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය අත්හිටුවීමේ ප‍්‍රධාන හේතුව වූයේ අධ්‍යයන පාඨමාලාවලට දීර්ඝ කාලීන බාධා…

සරසවි ඇදුරු අරගලය: උගත හැකි පාඩම්

සරසවි ඇදුරු අරගලය: උගත හැකි පාඩම් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2011 ජූලි කලාපයේ ‘දේශපාලන සටහන‘ ලිපිය රජය සංවර්ධනයට ප‍්‍රමුඛතාව දී ඇත. ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම එහි ප‍්‍රධාන අංගයකි. එහිලා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අතිශය වැදගත් තැනක් හිමි විය යුතුය. අපගේ තරුණ පරපුරේ දක්ෂතමයන් රැකියාවලට සහ වෘත්තීන්වලට පුහුණු කිරීමත්, ඔවුන් අතරින් විද්‍යාඥයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ශාස්ත‍්‍රඥයන් සහ දාර්ශනිකයන් යනාදීන්ද බිහි කිරීමේ කටයුත්තත් අප පවරා ඇත්තේ ඒවාටය. එහෙයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන අරගලය මාස දෙකකට ආසන්නව දිග්ගැස්සෙන්නට හැර තිබීම මෙරට සංවර්ධනයට කිසිසේත් හිතකර නොවේ.…

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය

එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වියදම, අධ්‍යාපනය, ශාස්ත්‍රාලීය නිදහස සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනාගතය විමෙයෝ අධ්‍යාපනයේ ආර්ථික සහ සදාචාරාත්මක අරමුණු, ලෝක බැංකුව අපේ අධ්‍යාපනය ගැන හිතන දේ සහ යථාව විමෙයෝ