By kathika

‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශන අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම් – වංගීස සුමනසේකර

‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම් වංගීස සුමනසේකර ආරම්භයක් වශයෙන් අපි සියළු දෙනාට එකතු වෙන්න පුළුවන් තැනකින් මේක පටන් ගනිමු. අද අප ජීවත්වන්නේ ප්‍රාග්ධනයේ ස්වයං ක්‍රියාකාරිත්වයන් සිතාගැනීමට පවා නොහැකි ලෙස සහ මෙයට සියවස් එකහමාරකට පෙර මාක්ස් පුරෝකථනය කළ පරිදිම මේ වන විට සම්ප්‍රදායිකව ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වයෙන් පරිභාහිරව තිබෙන විෂය පථයන් හා ප්‍රපංචයන් වෙත දිග හැරෙමින් සිටිනා අවධියකය යන්න පිළිබඳ විශාල විරෝධයක් නොමැති වේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැමදෙනාම වටිනාකම මැණබලන මිණුම්දණ්ඩ බවට ප්‍රාග්ධනය පත් වී ඇති අතර එහි මිණුම්දන්ඩට හසු නොවන දෙයක් වී ද, එය වටිනාකමක් නොමැති සහ එනිසාම පැවතීමට…

ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න!

ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න! – මෝදර, එළිහවුස් පාරේ, අසල්වැසියෝ ඩයලොග් ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරියගෙන් ඉල්ලා සිටිති ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් වටකොට ගත්. කොළඹ මෝදර, මුතුවැල්ලේ, එළිහවුස් පාරේ අංක 94/3, ලිපිනයේ නිවෙසක මතු මහලේ ඉදි කොට ඇති ඩයලොග් ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය කුළුණ ඒ වටා වසන වැසියන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල කළ හැකි හෙයින් එම කුළුණ වහා ඉවත් කර ගන්නා මෙන් එහි වැසියෝ ඩයලොග් අධිපත් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගෙන් ඉල්ලා සිටිති. මෙම කුළුණ මුලින්ම ඉදිකිරීම ඇරමුණු අවස්ථාවේ, 2008 දෙසැම්බර් 25 වන දින ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාට මෙම ඉල්ලීම අළුත්…

ෂාරුක්ට ආචාර්ය පදවියක් ! ඩී. බී. කුරුප්පු

” ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි.” ෂාරුක්ට ආචාර්ය පදවියක් ! ඩී. බී. කුරුප්පු මේ පුවත්පතක පළ වූ සිරස්තලයකි. මගේ ලිපියේ සිරස්තලය හැටියට එය යොදා ගත්තේ, එයින් සිංහලයේ වත්මන් නැඹුරුවක් පිළිබිඹු කැරෙන නිසාය. මෑතක දී ආසියානු ක්‍රීඩා උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලාංකික කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගය නියෝජනය කරන බව සඳහන් වූයේ ද පුවත්පතකය. ඒ දෙකින්ම මා පුදුම නොවූයේ ඊට කලින් මෙල්බර්න් පත්තරයකට මෙහි වසන ශාස්ත්‍රපති උපාධිධාරී හිමිනමක් ලියූ…

පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු – සුචරිත ගම්ලත්

පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු සුචරිත ගම්ලත් අප මෙම ලිපිය පළකරන්නේ සුචරිත ගම්ලත් එහි ලා පළ කරන සියලු අදහස් හෝ ඔහු ගේ එළඹුම ඒ ආකාරයෙන්ම පිළිගන්නා නිසා නොව ඇතැම් තැනක අතිශයෝක්තියෙන් අවධාරණය කරමින් වුව ඔහු මතුකරන කරුණු සාකච්ඡා කිරීම වැදගත් යැයි අප සිතන හෙයිනි. පෞද්ගලික විශ්ව විද්‍යාල-විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා-ශ්‍රී ලංකාවේ පිහිටුවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී . දිසානායක කියයි. මේ ගැන විවාදයක් මතුවී ඇත. සමහරු මේ සැලසුම හොඳ යයි කියති. ඇතැම්හු එය හානිකර යයි කියති. එහෙත් මෙසේ කියන එකෙකුවත් ප්‍රශ්නයේ සෑම පැත්තක් ම සලකා කිරා මැන බලා කථා කරන බවක් නො පෙනේ. අපේ රටේ දැනට මත් විශ්ව විද්‍යාල ගණනාවක්…

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට පියන්කාරගේ බන්දුල ජයවීර මාක්ස්, එංගල්ස් ‍‍ෆ්‍රොයිඩ්, ෆූකෝ ලකාන්, ‍ඩෙරීඩා කොටා දියකර බී, එයින් මත් වී වනා කගපත හතරතේ ‘පිටිය සුද්ධයි’ (Ground Clear) කියා තුටු වී කුටියකට වැද….. මමයි ලෝකය මම වගේ වෙනු! සකල සාහිත කලා ලෝකය මගේ අණසක අනුව යා යුතු! (ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද) ඈත නොම වූ දිනෙක “දහසක් මල් පිපේවයි මත ගැටේවයි” කියූ මුවගින් “එකම මල මම” කියා මළ පැන! වහසි දොඩනා කුටියකට වැද ස්වයං වින්දනයේ වුණේ කිම් දැයි අසන‍ ලොව වෙත බුරා පැන පිළිතුරු දෙමින් “මට වුණේ කිම්දැයි දැනගන්න තොපි සතුටු නම්……” මා සොයා ගෙන මාගේ ගෙදරට තොපි වරෙව් (මෙන්න ලිපිනය මගේ අභිමානය එයයි)…

මිඩ්ල්සෙක්ස් සරසවි සිසුහු දර්ශන අධ්‍යයන අංශය රැක ගැනීමට සටන් වදිති!

මිඩ්ල්සෙක්ස් සරසවි සිසුහු දර්ශන අධ්‍යයන අංශය රැක ගැනීමට සටන් වදිති! ලොව පුරා දාර්ශනිකයෝ තීරණය වෙනස් කරන ලෙස සරසවියෙන් ඉල්ලති!! Students at Middlesex University are now occupying the main administrative building of the Trent Park campus, Middlesex University, demanding a reversal of this irrational decision. Lot’s of people have come in support of us, giving presentations, lectures, songs, even a ‘socialist magic show’. We had a meeting with the university administration but it was not very successful, both the parties were playing hardball and it ended at a dead end. The occupation started on Tuesday the 4th of May, by occupying…