ශ්රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…
'kathika' social, cultural and political review
From ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
කම්පන ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය
මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව, වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
මූල්‍ය “ජල වධ හිංසා” සමඟ ජාමූඅ සඳහා අයවැය
වඩාත් කප්පාදු පියවර සහිත අයවැය නිවේදනය කරන ලද්දේ හුදෙක් ජාමූඅ දිනාගැනීමට ය. එහි නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම බලාපොරොත්තු වූ දේ හරියටම ප්‍රකාශ කළේය; එය හුදු ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් පමණක් වන අතර එම අරමුදල් පවා ලබා දෙන්නේ ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පමණි. රාජපක්ෂගේ පුනරාගමනය පැහැදිලිවම පෙන්නුම් කළේ ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් රාජ්‍ය බලය තරයේ අල්ලාගෙන සිටින බවයි.
පසුගිය සති කිහිපය තුළ රටේ ආර්ථික හා දේශපාලන ගමන් මගෙහි විශාල විශ්මයන් නොමැති අතර, වැඩ කරන ජනතාවගේ තත්ත්වය ඔවුන් කෙමෙන් ගෙල සිරකර මරා දැමීමකි. හිටපු ග්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරූෆාකිස් 2015 දී ග්‍රීසියේ ඇපදීමේ ගිවිසුම “මූල්‍ය ජල වධ හිංසා” ක්‍රියාවක් ලෙස කළ ලක්ෂණ නිරූපණය ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳ උචිත විස්තරයකි.
භූමිතෙල් මිල වැඩිවීම: ග්‍රාමීය හා නාගරික පරිධිය ගිනි තැබීම
දේවක ගුණවර්ධන සහ අහිලන් කදිරගාමර් ආණ්ඩුව ග්‍රාමීය හා නාගරික බෙදුම හරහා වැඩකරන ජනතාව මත විනාශකාරී ප්‍රහාරයක් දියත් කර ඇත. භූමිතෙල් මිල රු. 87 සිට රු. ලීටරයක් රුපියල් 340 දක්වා – හෝ පවතින මිල දළ වශයෙන් හතර ගුණයකින් – වැඩි කිරීම මිනිසුන්ගේ ජීවනෝපායන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇත. තම බෝට්ටු සඳහා භූමිතෙල් මත යැපෙන ධීවරයින් …
ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීම සහ සංක්‍රාන්ති අභියෝග
දේශපාලන පෙරළියේ සහ ආර්ථික අර්බුදයේ අන්තර්ඡේදනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ සමාජය පරිවර්තනය කළ හැකිය. අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන මෙසේ ලියයි. ජනතා නැගිටීම අවසානයේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය පලවා හැර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්විය යුතු යැයි කියන ජන බලයේ දැවැන්ත දර්ශනය මුළු ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාඩම් සපයයි. එවැනි ඇදහිය නොහැකි…
ඇයි ලංකා විදුලිබල මණ්ඩලය?
අහිලන් කදිර්ගාමර් විසිනි සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්, ඇයි දැන්? එමෙන්ම, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…





