From දේශපාලනය

විමල් රුද්‍රිගු සමුගනියි…! – එස්.යාපා

ඇන්.ඇම්., කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි අභීත වාමාංශික දේශපාලන නායකයන්ගෙන් ගුරුහරුකම් ලැබ, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන දර්ශනයෙන් මනා ලෙස පන්නරය ලද විමල් රුද්‍රිගු නම් නිර්ව්‍යාජ දේශපාලන මිනිසා අද අපෙන් සදහට ම සමුගෙන ඇත. පුරා දශක හතරක් තිස්සේ නිවැරැදි දේශපාලන භාවිතාවක් නියෝජනය කළ ඔහු, සමාජවාදී දේශපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සක‍්‍රීය දේශපාලනඥයෙකි. ඔහු කිසි විටෙකත් හුදු…

ජනවරමට හිස නමනු 19 වහාම සම්මත කරනු! මහා ජන පෙළපාලිය සහ රැළිය

රටටත් ජනතාවටත් තමන් කැමති ඕනෑම දෙයක් කරන්නට තනි පුද්ගලයකුට බලය ලැබුණු විධායක ජනාධිපති ක‍්‍රමයේ අනිටු විපාක අවුරුදු 37ක් තිස්සේ අපි හොඳහැටි අත් වින්ඳෙමු. මහින්ද රාජපක්ෂ පාලනය මේ රටේ මහජන මුදල් මහජන දේපොළ කෝටි ප‍්‍රකෝටි ගණනින් විනාශ කළේ, රට හොරුන්ගේ අපරාධ කරුවන්ගේ කෙළිබිමක් බවට පත් කළේ ඒ විධායක බලය උපයෝගී කර ගනිමිනි. තමන් හොරුන් අපරාධකරුවන් ආරක්ෂා…

19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! කුමුදු කුසුම් කුමාර

යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැස් වූ බහු ජන සංවිධාන 30ක පමණ නියෝජිතයන් හැටක් පමණ සාකච්ඡා කොට ගත් ඒකමතික ප්‍රධාන තීරණය වූයේ එයයි. හදිසියේ කැඳවූ මෙම රැස්වීමට පැමිණි සංවිධාන…

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! – මහාචාර්ය නවරත්න බණ්ඩාර

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! නරක්වූ කුණු ගොඩකින් හොඳ “ව්‍යවස්තාවක්” හදා ගන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න මෙයාලට බැරි බව දැන් මෙයාලා ඔප්පු කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මේ අය ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එක මේ රටේ අභාග්‍යයකි. ජනවාරි 08 වෙන දා ජනතාව මේ පාර්ලිමේන්තුවේ තුනින් දෙක ද පැරදවූ බව මෙයාලට කියදෙන්න නම් මේ…

නලින් ස්වාරිස්: ශේක්ස්පියරියානු රූපකයකින් දේශප්‍රේමය වෙතට – දිමුතු සමන් වෙත්තසිංහ

ආචාර්ය නලින් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2015.04.17 වන දිනට අවුරුදු 4 ක් සම්පූර්ණ වේ. ශ්‍රී ලාංකීය බුද්ධිමය දේශපාලන විෂයට ඔහු විසින් කරන ලද දායකත්වය බටහිර මෙන්ම පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යයේ සිට නූතන, පශ්චාත් නූතන ආදී වශයෙන් වූ අනේකාකාර ඥාන මූලයන්ගෙන් පොෂිත වේ.භාෂා අටක පමණ නිපුණයෙකු වූ ඔහු ලියූ ලේඛන නොමඳ සාරගර්භ බවකින් යුක්ත වූ අතර අදාළ විෂය…

මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු…