From දේශපාලනය

මානව සුරක්ෂිතභාවයකින් තොර ජාතික ආරක්ෂාව – මහාචාර්ය සිරි හෙට්ටිගේ

කොළඹ විශ්වවිද්‍යාලය යුද්ධය අවසන් වී වසර පහක් ගෙවීගොස් ඇති අද මෙරට මුහුණදෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය ලෙස බලයේ සිටින නායකයන් හුවා දක්වන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි යන්නයි. එහෙත් පුදුමයට කාරණයක් වන්නේ, මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන අනෙකුත් කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ නොපෙනෙන ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් බලයේ සිටින අයට පමණක් පෙනීමයි. මෙරට යුද්ධයක් පැවැති වසර තිහක පමණ කාලය තුළ රාජ්‍යාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් පැවැති බව කවුරුත් දන්නා සත්‍යයකි. එම ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය මතුවූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ අදහස් තිබිය හැකි වුවත්, ඒ සඳහා ප‍්‍රධාන සාධකයක් වූයේ මෙරට ද්‍රවිඩ ජනතාවට මුහුණදීමට සිුවූ විවිධ ප‍්‍රශ්න පදනම් කරගෙන ක‍්‍රමිකව වර්ධනය වූ බෙදුම්වාදී ව්‍යාපාරයයි.…

ගෝනිබිල්ලන්ට බිය නොවෙමු – මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න

ජනාධිපති රාජපක්ෂ තම ධුර කාලයෙන් වසර දෙකක්ම ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය. මෙම තීරණයට හේතුව මෙරට ජනයා සිය පාලනය විසින් පටවනු ලැබූ බරින් පීඩිතව සිටින බවත් සිය ඒකාධිපති ස්වරූපයේ පාලන ශෛලියෙන් හෙම්බත්ව සිටින බවත් ඌව පළාත්සභා මැතිවරණයෙන් පසු අවබෝධ වීමය. ”ත‍්‍රස්තවාදය පැරදවීම” මත පදනම් වූ ඔහුගේ ජනප‍්‍රියභාවය ද හීන වෙමින් යන බැවින් තව වසර දෙකක් ගත වුවහොත් ඉදිරි ජනපත්ිවරණයකින් තමා පරාජය වන බව ඔහු දැන ගත්තේය. වර්තමාන ජනපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ දී ඔහු විසින් යොදා ගනු ලබන කපටි උපක‍්‍රමයන්ගෙන් එකක් වන්නේ විදේශ ගත දෙමළ පුරවැසියනට හා වෙනත් බලවේගයන්ට අනුබල දෙමින් රට අස්ථාවර කිරීමටත් තමා විදුලි පුටුවට යැවීමටත් ”විදේශීය කුමන්ත‍්‍රණයක්”…

වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යායපත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි නම් වෙනසක් සෙවීම අපගේ පරම යුතුකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියා තරම් අන් කිසිවෙකුත් වැදගත් නොවන බව අප කිසි දිනක අමතක කළ යුතු නැත. ආණ්ඩුකරණය සඳහා ඇති බලය ජනතා ස්වෛරීත්වයේ කොටසකි. එහෙත් අපට මෙය නිතර අමතක වන අතර ආණ්ඩුකරණය යනු දේශපාලකයින් ප‍්‍රධාන නළුවන් වන නාට්‍යයක් සේ සලකා සැනසී සිටිමු. පුරවැසියන් වන අප අපගේ දේශපාලන ඉරණම සකස් කොට ගැනීමේ වගකීම දැරිය යුතු බව පිළිගැනීම වැදගත් වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ, හැම විටම ජීවගුණයෙන් යුතු විපක්ෂයක් පැවතීම අතිශය…

ඒකාධිපති ජනාධිපති වියරුව පරදවමු – මහාචාර්ය නවරත්න බණ්ඩාර

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙරටට විධායකජනාධිපතිවරයකු ප‍්‍රථමයෙන් පත් වන්නේ 1978 පෙබරවාරි 4 වන දිනය. අදට වසර 37 කට පෙර 1972 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද දෙවන සංශෝධනය මගින් මෙම ධුරය හඳුන්වා දෙන විට පැවතියේ අගමැතිවරයකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මංඩල පාලන ක‍්‍රමයකි. විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් එම පාලන ක‍්‍රමයට එකතු කිරීම එම අවස්ථාවේ දී සිදුකරන ලදි. එහි ප‍්‍රතිඵලය වූයේ අගමැති සහ ඇමති මංඩලය සතුව තිබූ විධායක බලය ජනාධුපති ධුරය වෙතට පවරා ගැනීමය. එමගින් නාමික සහ දේශපාලන යනුවෙන් පැවති විධායක ආයතන දෙක එකක් බවට පත්කරන ලදි. නව ක‍්‍රමය යටතේ අගමැති ධුරය හුදු තනතුරු නාමයක් පමණක් බවට පත් විය. ඒ මගින් අගමැතිවරයා ජනාධිපති…

ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි. පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව…

සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය. ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි. ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020…