From දේශපාලනය

ඒකාධිපති ජනාධිපති වියරුව පරදවමු – මහාචාර්ය නවරත්න බණ්ඩාර

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙරටට විධායකජනාධිපතිවරයකු ප‍්‍රථමයෙන් පත් වන්නේ 1978 පෙබරවාරි 4 වන දිනය. අදට වසර 37 කට පෙර 1972 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද දෙවන සංශෝධනය මගින් මෙම ධුරය හඳුන්වා දෙන විට පැවතියේ අගමැතිවරයකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මංඩල පාලන ක‍්‍රමයකි. විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් එම පාලන ක‍්‍රමයට එකතු කිරීම එම අවස්ථාවේ දී සිදුකරන ලදි. එහි ප‍්‍රතිඵලය වූයේ අගමැති සහ ඇමති මංඩලය සතුව තිබූ විධායක බලය ජනාධුපති ධුරය වෙතට පවරා ගැනීමය. එමගින් නාමික සහ දේශපාලන යනුවෙන් පැවති විධායක ආයතන දෙක එකක් බවට පත්කරන ලදි. නව ක‍්‍රමය යටතේ අගමැති ධුරය හුදු තනතුරු නාමයක් පමණක් බවට පත් විය. ඒ මගින් අගමැතිවරයා ජනාධිපති…

ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි. පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව…

සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය. ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි. ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020…

ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත්‍රයක් ඉදිරියට ගැනීමේ අභියෝගය – සමාජවාදී අධ්‍යන කවයේ සංවාදය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගන්නේ කෙසේ ද? මැයෙන් සංවාදයක් ඉකුත් 4 දා සවස මරදාන සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ සමාජවාදී අධ්‍යන කවය මගිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙහෙයවූ සංවාදය අදියර දෙකකින් යුක්ත විය. පළමු අදියරේදී ආචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර සභාව ඇමතූහ. දෙවන අදියරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, රාජා උස්වැටකෙයියාව, ප‍්‍රසන්න විතානගේ සහ කේ.ඩබ්. ජනරංජන සභාව ඇමතුවේය. වත්මන් දේශපාලන පෙළගැස්ම සහ ඒ තුළ සිදුවිය හැකි සහ සිදු කළ යුතු දේ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සංවාදයට ලක්විය. සංවාදය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ චමීර පෙරේරා ප‍්‍රකාශ…

අපේ දරුවන් සඳහා අපට අධ්‍යාපනයෙන් අවශ්‍ය කුමක් ද?

අප රටේ අධ්‍යාපනය සහ පාසල් සම්බන්ධව දෙමාපියන් ඉදිරිපත් කරන පහත සඳහන් ගැටළුවලින් කොපමණ ප‍්‍රමාණයක් ඔබට අදාල ද? පාසලකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට හෝ ඇතුළත් කිරීම: මගේ දරුවාගේ පාසල පිළිබඳව මට ආඩම්බර විය නොහැක. හොඳ පාසල්වලට මගේ දරුවා ඇතුළත් කර නොගනියි. මුදල් සහ සම්බන්ධකම් සහිත මිනිස්සු පමණක් සිය දරුවන් හොඳ පාසල්වලට ඇතුළත් කර ගනිති. එපමණ මුදල් හෝ එවැනි සබන්ධකම් මා සතුව නොමැත. මගේ ජනවර්ගයල ආගමල කුලය හෝ භාෂාව හේතුවෙන් මට හොඳ පාසලක් සොයාගැනීම අසීරුය. මගේ දරුවාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවශ්‍යතාව ඇතත්, එම පාසලේ උසස් පෙළ විෂය ධාරාව හොඳ තත්ත්වයක නොමැත. ටිියුෂන් පන්ති සඳහා ප‍්‍රමාණවත් මුදල් මා සතුව නැත. මගේ දරුවා උසස්…

සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්

ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම ඛේදජනක තත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ: x නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම x ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම x සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම x විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම…