1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ විධායක ජනාධිපති ධූරය, අනාගත දේශපාලනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඇන්. ඇම්. පෙරේරාට තිබුණු කියවීම, ඔහු ලියූ කුඩා පොතේ ඇති දේශපාලන කරුණුවලට වඩා තියුණු හා බරපතලය. විශේෂයෙන්ම විවිධ අවස්ථාවන්වලදී ඒ පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න සමඟ කතා කළ අවස්ථාවලදී ඇන්. ඇම්. පලකළ අදහස් වෙනින් කවරදාකටවත් වඩා අදට කෙතරම් ගැලපේද යන්න සිතා බැලිය හැක. ඇන්. ඇම්. දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින අතරතුර ජේ. ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වීම පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න වඩා විමසිලිමත් වෙමින්, මෙතරම් වෙහෙසෙමින් කටයුතු කිරීම පිළිබඳ ප‍්‍රශ්න කර ඇත. එවන් අවස්ථාවක ආචාර්ය ඇන්. ඇම්. ප‍්‍රකාශ…
'kathika' social, cultural and political review
From දේශපාලනය
ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය
කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය. විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක…
‘නැරඹීමේ ආකාරයන්’ – ජෝන් බර්ජර්
ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව ජනප්‍රිය වාම කතිතාව ඇතුළත වෝල්ට(ර්) බෙන්ජමින් ගේ “යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය” නමැති ලිපිය කියවනු ලැබෙන්නේ නූතන යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය හේතුවෙන් කලා කෘතියක් හා බැඳුණු රශ්මි මාලාව වියැකී ගොස් කෘතියේ මුල් පිටපතට ඇති වැදගත් කම නැති වන්නේ ය, එහෙයින් කලාවේ අධිකාරය ප්‍රතිනිෂ්පාදනය විසින් විනාශ කරනු ලැබ ඇත්තේය වැනි සරල අර්ථවලිනි. බෙන්ජමින් ගේ ලිපිය පදනම් කොට ගත් නිදර්ශණයක් ලෙස පිළිගැනී ඇති බීබීසී ය විකාශය කළ ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව (සහ එය පදනම් කරගත් පොත) පවා බර්ජර්ගේම ප්‍රකාශිත අරමුණු…
වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු
වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු වාමාංශික පක්‍ෂ හා පොදුවේ වාමාංශික ව්‍යාපාරය රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා දැඩි කැපවීමෙන් ක‍්‍රියාකර ඇත. අප බලාපොරොත්තු වූ සමාජවාදී සමාජයක් මෙතෙක් ගොඩනැඟීමට නොහැකි වූවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීමට ගත් උත්සාහයෙන් සතුටුදායක ප‍්‍රතිඵල ලැබී ඇති බව පැහැදිලිය. 1977 දී පාර්ලිමේන්තුව තුළ වමේ නියෝජනය අහිමි වීම සමඟ ඇතිවූ දැවැන්ත පරාජය මෙන්ම කම්කරු පන්තිය හා විශේෂයෙන් වෘත්තිය සමිති ව්‍යාපාරය දුර්වල තත්ත්වයට පත්වීම හේතු කොට ගෙන දක්‍ෂිණාංශික බලවේගවලට විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට අවස්ථාව ලැබිණ. 1977 සිට වාමාංශික පක්‍ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා නිරන්තරයෙන් සටන් කරමින් සිටී. 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය…
අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ ( අවසාන කොටස)
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය. නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ…
රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු
රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.