ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතා න්‍යාය පත්රයක් ඉදිරියට ගන්නේ කෙසේ ද? මැයෙන් සංවාදයක් ඉකුත් 4 දා සවස මරදාන සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ සමාජවාදී අධ්‍යන කවය මගිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙහෙයවූ සංවාදය අදියර දෙකකින් යුක්ත විය. පළමු අදියරේදී ආචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර සභාව ඇමතූහ. දෙවන අදියරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, රාජා උස්වැටකෙයියාව, ප‍්‍රසන්න විතානගේ සහ කේ.ඩබ්. ජනරංජන සභාව ඇමතුවේය. වත්මන් දේශපාලන පෙළගැස්ම සහ ඒ තුළ සිදුවිය හැකි සහ සිදු කළ යුතු දේ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සංවාදයට ලක්විය. සංවාදය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ චමීර පෙරේරා ප‍්‍රකාශ…
'kathika' social, cultural and political review
From දේශපාලනය
අපේ දරුවන් සඳහා අපට අධ්‍යාපනයෙන් අවශ්‍ය කුමක් ද?
අප රටේ අධ්‍යාපනය සහ පාසල් සම්බන්ධව දෙමාපියන් ඉදිරිපත් කරන පහත සඳහන් ගැටළුවලින් කොපමණ ප‍්‍රමාණයක් ඔබට අදාල ද? පාසලකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට හෝ ඇතුළත් කිරීම: මගේ දරුවාගේ පාසල පිළිබඳව මට ආඩම්බර විය නොහැක. හොඳ පාසල්වලට මගේ දරුවා ඇතුළත් කර නොගනියි. මුදල් සහ සම්බන්ධකම් සහිත මිනිස්සු පමණක් සිය දරුවන් හොඳ පාසල්වලට ඇතුළත් කර ගනිති. එපමණ මුදල් හෝ එවැනි සබන්ධකම් මා සතුව නොමැත. මගේ ජනවර්ගයල ආගමල කුලය හෝ භාෂාව හේතුවෙන් මට හොඳ පාසලක් සොයාගැනීම අසීරුය. මගේ දරුවාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවශ්‍යතාව ඇතත්, එම පාසලේ උසස් පෙළ විෂය ධාරාව හොඳ තත්ත්වයක නොමැත. ටිියුෂන් පන්ති සඳහා ප‍්‍රමාණවත් මුදල් මා සතුව නැත. මගේ දරුවා උසස්…
සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්
ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම ඛේදජනක තත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ: x නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම x ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම x සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම x විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම…
ඇන්. ඇම්. කියූ, වර්තමාන සම සමාජ නායකයන් නොකියූ දේවල් – චමීර පෙරේරා
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ විධායක ජනාධිපති ධූරය, අනාගත දේශපාලනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඇන්. ඇම්. පෙරේරාට තිබුණු කියවීම, ඔහු ලියූ කුඩා පොතේ ඇති දේශපාලන කරුණුවලට වඩා තියුණු හා බරපතලය. විශේෂයෙන්ම විවිධ අවස්ථාවන්වලදී ඒ පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න සමඟ කතා කළ අවස්ථාවලදී ඇන්. ඇම්. පලකළ අදහස් වෙනින් කවරදාකටවත් වඩා අදට කෙතරම් ගැලපේද යන්න සිතා බැලිය හැක. ඇන්. ඇම්. දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින අතරතුර ජේ. ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වීම පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න වඩා විමසිලිමත් වෙමින්, මෙතරම් වෙහෙසෙමින් කටයුතු කිරීම පිළිබඳ ප‍්‍රශ්න කර ඇත. එවන් අවස්ථාවක ආචාර්ය ඇන්. ඇම්. ප‍්‍රකාශ…
ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය
කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය. විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක…
‘නැරඹීමේ ආකාරයන්’ – ජෝන් බර්ජර්
ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව ජනප්‍රිය වාම කතිතාව ඇතුළත වෝල්ට(ර්) බෙන්ජමින් ගේ “යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය” නමැති ලිපිය කියවනු ලැබෙන්නේ නූතන යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය හේතුවෙන් කලා කෘතියක් හා බැඳුණු රශ්මි මාලාව වියැකී ගොස් කෘතියේ මුල් පිටපතට ඇති වැදගත් කම නැති වන්නේ ය, එහෙයින් කලාවේ අධිකාරය ප්‍රතිනිෂ්පාදනය විසින් විනාශ කරනු ලැබ ඇත්තේය වැනි සරල අර්ථවලිනි. බෙන්ජමින් ගේ ලිපිය පදනම් කොට ගත් නිදර්ශණයක් ලෙස පිළිගැනී ඇති බීබීසී ය විකාශය කළ ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව (සහ එය පදනම් කරගත් පොත) පවා බර්ජර්ගේම ප්‍රකාශිත අරමුණු…