From දේශපාලනය

‘නැරඹීමේ ආකාරයන්’ – ජෝන් බර්ජර්

ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව ජනප්‍රිය වාම කතිතාව ඇතුළත වෝල්ට(ර්) බෙන්ජමින් ගේ “යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය” නමැති ලිපිය කියවනු ලැබෙන්නේ නූතන යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය හේතුවෙන් කලා කෘතියක් හා බැඳුණු රශ්මි මාලාව වියැකී ගොස් කෘතියේ මුල් පිටපතට ඇති වැදගත් කම නැති වන්නේ ය, එහෙයින් කලාවේ අධිකාරය ප්‍රතිනිෂ්පාදනය විසින් විනාශ කරනු ලැබ ඇත්තේය වැනි සරල අර්ථවලිනි. බෙන්ජමින් ගේ ලිපිය පදනම් කොට ගත් නිදර්ශණයක් ලෙස පිළිගැනී ඇති බීබීසී ය විකාශය කළ ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව (සහ එය පදනම් කරගත් පොත) පවා බර්ජර්ගේම ප්‍රකාශිත අරමුණු…

වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු

වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු වාමාංශික පක්‍ෂ හා පොදුවේ වාමාංශික ව්‍යාපාරය රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා දැඩි කැපවීමෙන් ක‍්‍රියාකර ඇත. අප බලාපොරොත්තු වූ සමාජවාදී සමාජයක් මෙතෙක් ගොඩනැඟීමට නොහැකි වූවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීමට ගත් උත්සාහයෙන් සතුටුදායක ප‍්‍රතිඵල ලැබී ඇති බව පැහැදිලිය. 1977 දී පාර්ලිමේන්තුව තුළ වමේ නියෝජනය අහිමි වීම සමඟ ඇතිවූ දැවැන්ත පරාජය මෙන්ම කම්කරු පන්තිය හා විශේෂයෙන් වෘත්තිය සමිති ව්‍යාපාරය දුර්වල තත්ත්වයට පත්වීම හේතු කොට ගෙන දක්‍ෂිණාංශික බලවේගවලට විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට අවස්ථාව ලැබිණ. 1977 සිට වාමාංශික පක්‍ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා නිරන්තරයෙන් සටන් කරමින් සිටී. 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ ( අවසාන කොටස)

නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය. නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ…

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.

යළි දේශපාලනික දේ වෙතට: ප්‍රජාතන්ත්‍රවාදී අරගලයම නව ලිබරල්වාදයට එරෙහි සටනක් විය නොහැකි ද ? සුමනසිරි ලියනගේ ට කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරු

සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් කිහිප දෙනෙකුට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය අප ඔහුගේ අවසරයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ පළකිරීමෙන් ඇති වී තිබෙන සාකච්ඡාව යහපත් දෙයක් ලෙස අපි දකිමු. “ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?” (බලන්න, මෙහි) යන මැයෙන් මා සුමනසිරි ලියනගේ ගේ ලිපියට ලියූ පිළිතුරට යෙදූ සිරස්තලයෙන් මා අදහස් කරන්නේ “සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි” යන්න දැයි සුමනසිරි විමසයි (බලන්න මෙහි). එයට කෙටි පිළිතුර “ නැත ” යන්නයි.

අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ

අපි ජීවත්වන අවධියේ ස්වභාවය තේරුම් ගනිමු – කුමුදු කුසුම් කුමාර ට පිළිතුරක් සුමනසිිරි ලියනගේ විසිනි ‘වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11 ක්’ මැයින් මා ලියූ ලිපිය පල කිරීම අරමුණු කර ගෙන නොකල ද එය තම වෙබ් අඩවියේ පල කිරීම ගැන මම කුමුදු ට ස්තූතිවන්ත වෙමි. තම පිළිතුරට කුමුදු යොදන හෙඩිම ‘ලංකාවත් දැන් පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලා ද?’ යන්න ය. පශ්චාත් යන වචනය කුමන නාම පදයකට විශේෂණයක් ලෙස හෝ යෙදීමට මම අකමැත්තෙමි. එහෙත් එම විශේෂණය යෙදීමට මගේ විරුද්ධත්වයක් නැත. කුමුදුගේ හෙඩිමෙන් සමහර රටවල් අද එවැනි යුගයකට පිවිස ඇති බවත් ශ්‍රී ලංකාව එම ගොඩට දැමීම ප්‍රශ්න කළ හැක්කක් යැයි හේ අදහස් කරන්නේ…