සිවිල් සමාජ සංවිධානවල හිතවතුනි, ඔබ දැනටමත් දන්නා පරිදි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව EPF සහ ETF ගිණුම් පදනම් කරගනිමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබේ. EPF සහ ETF අරමුදල් යනු ඔබ සියලුදෙනාම ඇතුළත් වැඩ කරන ජනතාවගේ දීර්ඝකාලීන ඉතුරුම්ය. ඔබේ වැටුප්වලින් අඩු කරන මුදල් මහ බැංකුව යටතේ කළමණාකරණය කරනු ලබන ගිණුම්වල තැන්පත් කරනු ලැබේ. ඒ…
'kathika' social, cultural and political review
From දේශපාලනය
ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීම මගින් විශ්‍රාම අරමුදල් අසන්තක කිරීම
අහිලන් කදිර්ගාමර් විසිනි පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන විශ්‍රාම අරමුදල් පමණි. වැඩකරන ජනතාවගේ ජීවිතවල අනාගතයට බරපතළ විපාක දෙන වෙනස්කම් කිරීම කිසිවිටෙක අවසන් වශයෙන් තීන්දු කළ දෙයක් නොවන අතර, ආණ්ඩුවේ සැලැස්ම සහ…
බහුසංස්කෘතික සමාජයක් කරා
අනුභූතිඋත්තර බවින් පාළු වූ ලෝකයක,ම්ලේච්ඡ සිරිත් විරිත් සාධාරණීකරණය කිරීමට උමතුවාදීහු තවදුරටත් දෙවියන්ගේ නාමය උද්දීපනය නොකරති; ඒ වෙනුවට ඔවුහු අනන්‍යතා දේශපාලනය ඉල්ලා සිටිති. ස්වර්ගයට ආයාචනා කිරීමට නොහැකිව,ඔවුහු ඉතිහාසය හා වෙනස සමඟ ඔවුන්ගේ විශ්වාසයන් ආරක්ෂා කරති. දෙවියන් මිය ගොස් ඇත, නමුත් ජානආත්මය දිගටම ජීවත් වෙයි, මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස පැවැත්මට ආවේ නිශ්චිතවම පැරණි මහාද්වීපයේ පසෙහි ගැඹුරින් මුල් බැස ඇති සම්ප්‍රදායන්හි අධිකාරයට අභියෝග කිරීම සඳහා වූවද. යුරෝපීය පුද්ගලයන්,එකින් එක,ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේ ඔවුන්ගේ සංස්කෘතිය නොසළකා හරිමිනි. අවසානයේදී යුරෝපයේ අධ්‍යාත්මික අත්තිවාරම යුක්ත වන්නේ සම්ප්‍රදාය පිළිබඳ විචාරයෙනි, මෙය පුද්ගලයා සංස්කෘතික ප්‍රපංචයකට වැඩි යමක් නොවන බව අපට ඒත්තු ගැන්වීමෙන් විජිතහරණයේ දර්ශනය අපට අමතක කරන්නට ඉඩ සළසා ඇති කරුණකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අයවැය සහ මහා ආර්ථික විනාශය
අහිලන් කදිර්ගාමර් විසිනි ජාතික අයවැය ඊළඟ වසර සඳහා ආර්ථික ප්‍රතිපත්ති හෙළිදරව් කරන අතර, ඓතිහාසික අවස්ථාවන්හිදී වසර ගනනාවක් සඳහා ආර්ථික ප්‍රතිපත්ති ගමන් පථයේ තැන් මාරුව හෙළිදරව් කරයි. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 2023 අයවැය පැමිණෙන්නේ නිදහසින් පසු රට තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වන අතර, එහි කරන දේ සහ අතපසු කරන දේ පිළිබඳ ප්‍රවේශමෙන්…
හනා ආරන්ඩ්ට් ලිපි සරණිය – ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’
හනා ආරන්ඩ්ට් විසිවැනි සියවසේ ලොව ප්‍රමුඛ පෙළෙහි දේශපාලන න්‍යායධාරිණියක ලෙස පිළිගැනී ඇත. ඇය, පළමුව මාර්ටින් හෛඩැගර් යටතේත් දෙවනුව කාර්ල් ජැස්පර්ස් යටතේත් දර්ශනය හැදෑරීමට යොමු වූවා ය. තමා දර්ශනවාදිණියක ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ තමා හඳුන්වාගැනීමට කැමැත්තේ දේශපාලන විද්‍යාඥවරියක නොව දේශපාලන න්‍යායධාරිණියක ලෙස බවයි. හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන…
අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ
ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන් සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.





