Tagged කාල් මාක්ස්

Featured

ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි

ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.

Featured

නව මානව යුගයේ පාරිසරික මාක්ස්වාදය – නිමක් නැති ප්‍රාග්ධන සමුච්චයනය ද, නැතහොත් තිරසාර මානව සංවර්ධනය ද? 

” දහනවවන සියවසේදී මාක්ස් විසින් හඳුනාගත් පරිවෘත්තීය විඛණ්ඩනය, අද විසිඑක්වන සියවසේදී ධනවාදයේ වර්ධනය සහ එහි ගෝලීය ව්‍යාප්තියත් සමඟ බහුවිධ පැතිකඩ සහිත පාරිසරික ගැටලුවක් බවට පත්ව, මිනිසාගේ සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම ඉතා දරුණු අවදානමකට ලක් කර ඇත. එදාම ඔහු ධනවාදී ක්‍රමයේ පරිවෘත්තීය විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට නිරීක්ෂණය සටහන් කළේය. මෙහි අර්ථය නම් ධනවාදී ක්‍රමය තුළ එම විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි. “

Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට-අහිලන් කදිර්ගාමර්

ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම,  නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන…

Featured

දේශපාලනයට එරෙහිව සමාජය – හනා ආරන්ඩ්ට් කියවීම

හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism (1951) නමැති කෘතියෙහි, ස්ටාලින්වාදය, නාට්සිවාදය සමඟ එකට තබා සර්වාධිකාරවාදයක් ලෙස හඳුනාගත්තාය. නමුත්, පසුව, කාල් මාක්ස් පිළිබඳ තම වැඩිදුර අධ්‍යයනයේදී වටහා ගත් දෙයක් ලෙස ඇය සඳහන් කළේ, මාක්ස් ගැන වැඩි වැඩියෙන් කියවන තරමට තමා වැඩි වැඩියෙන් දැනුවත් වූයේ යුරෝපයේ සර්වාධිකාරවාදය නැඟීමෙන් බිඳ දමන ලද සම්ප්‍රදාය පස මාක්ස් සිටින බවයි.…

විප්ලවයක් බවට පත් විය හැකි කැරැල්ලක් – අහිලන් කදිර්ගාමර්

“….ලුවී බොනපාට්ගේ 18 වන බෲමරයේ කාල් මාක්ස් 1848 අසාර්ථක ප්‍රංශ විප්ලවය ගැන මෙම ආරම්භක පේළි ලිවීය: “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සියලු සිද්ධි සහ පුද්ගල චරිත දෙවරක් සිදු වන බව හේගල් කොතැනක හෝ ප්‍රකාශ කරයි. ඔහුට එකතු කිරීමට අමතක විය: පළමුවතාව ඛේදවාචකයක් ලෙස, දෙවන වර  විගඩමක්  ලෙස. මාක්ස් සඳහන් කළේ නැපෝලියන් ත්‍රාසජනක ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ඛේදවාචකය සහ දශක ගණනාවකට…

ස්ව-සවිඥානිකත්වයේ ස්වාධීනත්වය සහ පරාධීනත්වය – ජෝර්ජ් විල්හෙල්ම් ප්‍රෙඩ්රික් හේගල්

පරමාදර්ශීයවාදයේ ආදි කතෘවරයා වන ජර්මන් දාර්ශනික ෆ්‍රෙඩ්‍රික් විල්හෙල්ම් හේගල්ගේ “ආත්මයේ ප්‍රපංචවේදය” කෘතියේ ඇතුළත් ස්ව ස්විඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය යන වහලා සහ ස්වාමියා පිළිබඳ උපමා කතාව වශයෙන් ප්‍රකට රචනාව පසුකාලීන බොහෝ දාර්ශනිකයන් හා විචාරකයන් මෙන්ම නවකතාකරුවන්ගේ සංකල්පනාවන්ට සහ ලේඛනවලට බලපෑමක් වී ඇති බව නොකිවමනාය. මාක්ස්වාදයේ සිට ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, පශ්චාත් ව්‍යුහවාදය,සහ ලිබරල්වාදයේ විජයග්‍රහණය ප්‍රකාශ කළ ඇමරිකානු…