බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…
'kathika' social, cultural and political review
Tagged ණය පැහැර හැරීම
කම්පන ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය
මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව, වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

