දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.
'kathika' social, cultural and political review
Tagged මන්දපෝෂණය
අරගලයෙන් ඉදිරියට – 21 වැනි සියවසේ දෙවැනි කාර්තුවේ ලංකේය වාම දේශපාලනයේ ඉදිරි දිශානතිය කුමක් වනු ඇතිද?
මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල – අහිලන් කදිර්ගාමර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම…
මැතිවරණ අපේක්ෂාවන් ශ්‍රී ලංකාවේ අවවරප්‍රසාදිතයන් සඳහා ශුභවාදී හැඟීම් දල්වයි – චරිත් ගුණවර්ධන
“මහ මැතිවරණයක් පිලිබඳ අපේක්ෂාව බල කොරිඩෝව හරහා කම්පන තරංග යවා ඇත්තේ, මූලික වශයෙන් එය තෝරාගත් කිහිප දෙනෙකු විසින් භුක්ති විඳින මුල් බැසගත් වරප්‍රසාද බිඳ දැමීමට තර්ජනය කරන නිසාය. පවතින ආර්ථික හා ණය අර්බුදයන් ජාතිය පීඩාවට පත් කරමින් තිබියදීත්, සමාජයේ සැලකිය යුතු කොටසක් දූෂණයෙන්, වැරදි කළමනාකරණයෙන් සහ දුර්වල පාලනයෙන් පිරී ඇති පද්ධතියකින් දිගටම ප්‍රතිලාභ ලබති.” මහා…



