Tagged විනිශ්චය

මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

අශෝක හඳගමගේ මේ මාගේ සඳයි සිනමා කෘතිය පිළිබඳ මෙම සාකච්ඡාවට දායක වූ මෙම ලිපි පෙළ බලය සඟරාවේ 2001- 2002 වර්ෂ වල පලවු අතර ඒවා එලෙසින්ම මෙහි පල කරමු. x කණ්ඩායම විසින් අශෝක හඳගමගේ මේ ‘මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව ‘අංශක බිංදුවේ සෞන්දර්ය වියමන‘ යන මැයෙන් ප‍්‍රකාශයක් කර තිබිණ (බලය, සැප්තැම්බර් 2001). එම ප‍්‍රකාශයේ හරය මා තේරුම්…

“අනෙකා නිවැරදි විය හැකියි” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – දෙවන කොටස පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ රෝයි : හබර්මාස්ගේ කර්තව්‍යය ජර්මානු දර්ශනවාදය තුළට විශ්ලේෂී ශෛලිය (analytic style) කඩාවැදීම ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් ලෙස ඔබ සළකන්නේද? ගැඩමර් : නැහැ. හබර්මාස් විශ්වාස කරන දෙය වන්නේ විද්‍යාත්මකව සහ නිල තන්ත‍්‍රයක් වශයෙන් (bureaucratically) සංවිධානය කෙරුණු අප සංස්කෘතිය තුළදී සමාජ ව්‍යාපාර ග‍්‍රහණයට ගෙන ඒවා මෙහෙයවිය හැක්කේ විද්‍යාවට පමණක් බවයි. මිට ප‍්‍රතිපක්ෂව මම විශ්වාස කරන්නේ මෙය කළ හැක්කේ මානව විචක්ෂණභාවයට (human prudence) පමණක් බවයි. දිනක් කොරිඩෝවේදී ආශ්වාදජනක හමුවක් අප අතර ඇතිවුණා. ඔහු එහිදී පැවසුවේ අපට උපකාර කළ හැක්කේ විද්‍යාත්මකව ශික්ෂණය කෙරුණු විචක්ෂණභාවයට පමණක් බවයි. ඊට පිළිතුරු වශයෙන් මම පැවසුවේ විචක්ෂණභාවය…