Tagged සුමති සිවමෝහන්

Featured

අරගලය පාවා දෙනු ලැබීද ?: ජනතාවාදී යුගයක බුද්ධිමතුන්ගේ ‘ද්‍රෝහීත්වය’ 

දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ  ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.

“නිර්ප්‍රභූ තැනැත්තියට කතා කළ හැකිද?“ – සුමති ගේ ඉන්ගිරින්දු චිත්‍රපටිය

කුමුදු කුසුම් කුමාර ( ඉන්ගිරින්දු කොළඹ කොටහේන සිනෙවර්ල්ඩ් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන අවසාන දින කිහිපය යි මේ. දුරකථනය 2330017) දෙමළ වීම නිසාම දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි නලින් ද සිල්වා අසා ඇති ප්‍රශ්නයට එක් පිළිතුරක් වන චිත්‍රපටියකි සුමති ගේ ඉන්ගිරින්දු. මෙම චිත්‍රපටිය ලාංකේය උඩරට දෙමළ ප්‍රජාව පිළිබඳ වෙයි. උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනකොටස් වල දේශපාලන නියෝජිතයන් වශයෙන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටින ප්‍රභූහු දේශපාලනය සහ ආර්ථික කරුණු මුල් කෙට ගෙන ලංකා රජය සමඟ විවිධ මට්ටමින් කේවල් කරමින් සිටිති. නමුත් කන්ද උඩරට දෙමළ වතු කම්කරු ජනතාවගේ තත්වය කුමක් ද? ඔවුහු නීතියෙන් ලංකාවේ පුරවැසියෝ ය. ඔවුන්ට ඡන්ද බලය තිබේ. ඔවුන් ගේ ඡන්දයෙන්…