Tagged ෆීඩෝ

මරණය සහ ප්‍රචණ්ඩත්වය මැද සංවේදීත්වය වගා කර ගැනීම: මහාචාර්ය පී. ඩී. එම් වීරක්කොඩි ගේ ෆීඩෝ කියැවීම

මරණය සහ ප්‍රචණ්ඩත්වය මැද සංවේදීත්වය වගා කර ගැනීම: පොතකින් පිටුවක් – ෆීඩෝ ඉදිරිපත් කිරීම මහාචාර්ය පී. ඩී. එම් වීරක්කොඩි බී බී සී සන්දේශය වැඩ සටහනේ ‘පොතකින් පිටුවක්’ වැඩ සටහනට ඥානසිරි කොත්තිගොඩ කළ සම්පාදනය chamille zue අන්තර්ජාලයට කළ එකතුවෙන් උපුටා ගන්නා ලදී.

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන් ගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය මෙසේ සටහන් කොට තබමු. මහාචාර්ය වීරක්කොඩි බටහිර සම්භාව්‍ය සාහිත්‍ය යේ වැදගත්ම කෘති ගණනාවක් මුල් ග්‍රීක බසින් සිංහලට පරිවර්තනය කොට පළ කළේය. ඒවා අතර ප්ලේටෝ ගේ ෆීඩෝ, සහ ජනරජය ප්‍රධාන තැනක් ගනී. මහාචාර්ය වීරක්කොඩිගේ ශාස්ත්‍රාලීය සේවාව පිළිබඳ තොරතුරු සඳහා මෙහි බලන්න. ජනරජය පරිවර්තනය පළ කිරීමට ඉදිරිපත්වීම පිළිබඳ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අපගේ කෘතඥතාව පළකළ යුතු අතර එම පළමු මුද්‍රණය මුද්‍රණ දෝශ වලින් ගහණ හෙයින් මහාචාර්ය වීරක්කොඩිට ගේ ශාස්ත්‍රීය මෙහෙවරට කරන…