මම කවරාකාරයේ හෝ නවකවදයකට එරෙහි වෙමි. නවකවදය ගත්කල එයට මුහුණ දීමට සිදුවන පුද්ගලයාගේ දෘෂ්ටියෙන් පමණක් නොව අනෙකාට දේශපාලන සමානයෙකු ලෙස සැලකීම දේශපාලන මූලධර්මයක් ලෙස ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වාමාංශික දේශපාලනයේ පර්යාලෝකයෙන් ද එය අමානුෂිකය. නවකවදයෙන් පෙන්නුම් කෙරෙන්නේ කෙනෙක්ට තම කනිෂ්ඨයාට සමාන ම්ට්ටමෙන් සැළකීමට ඇති නොහැකියාවයි. ඔබගේ මානසික අඩුව නිසා හෝ ඔබගේ සමූහයේ හෝ දේශපාලනයේ ආධිපත්‍යය අනෙකාට…