විකල්ප වාම වැඩපිළිවෙළක් – இடதுசாரி மாற்று வேலைத்திட்டம்
එක්සත් වාමාංශික පෙරමුණ ‘නව නිදහස් අරගලයක්’: නව ලිබරල්වාදී නව – නවයටත් විජිතවාදයෙන් මිදීමට ක්‍රම වෙනසක්!යනුවෙන් 2024 මාර් තු මස දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර එහි සාමාජිකයන් අනුමත කරනු ලැබූ වාම වැඩපිළිවෙල එහි ජාතික සංවිධායක චමීර පෙරේරා විසින් ‘කතිකා’ වෙත ලබා දී ඇති අතර අපි මෙහි පල කරමු.
‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க ஒரு அமைப்பு ரீதியான மாற்றம்!’ என்ற தலைப்பில் ஒரு இடதுசாரி வேலைத்திட்டம் 2024 மார்ச் மாதத்தில் ஐக்கிய இடதுசாரி முன்னணியால் அதன் பொலிட்பீரோவிற்கு சமர்ப்பிக்கப்பட்டது. அதன் உறுப்பினர்களால் அங்கீகரிக்கப்பட்ட வேலைத்திட்டம் அதன் தேசிய அமைப்பாளர் சமீர பெரேராவினால் ‘கத்திகா’விற்கு வழங்கப்பட்டது. அதை நாங்கள் இங்கு வெளியிடுகின்றோம்.
தமிழ் மற்றும் ஆங்கில சுருக்கம் மற்றும் ஆங்கில மொழிபெயர்ப்புடன் கூடிய ஆவணத்தை இங்கே பார்க்கவும்:
A left political programme titled ‘A New Freedom Struggle: A ‘System Change’ to Escape Neoliberal Neo-Neo-Colonialism!’ was presented by the United Left Front to its Politburo in March 2024. The program approved by its members has been given to ‘Kathika’ by its national organizer Chameera Perera and we publish it here.
See, the document with Tamil and English summary, and English translation, here:
නව නිදහස් අරගලයක්!
නව ලිබරල්වාදී නව – නවයටත් විජිතවාදයෙන් මිදීමට ක්‍රම වෙනසක්!
– මැතිවරණ පොරොන්දු වලින් ඔබ්බට වාම වැඩපිළිවෙළක් සඳහා ප්‍රවිශ්ඨයක්
එක්සත් වාමාංශික පෙරමුණ
2024 මාර්තු
නව නිදහස් අරගලයක්!නව ශ්‍රී ලංකාවක් සඳහා නව දැක්මක් ගොඩ නඟමු !
ශ්‍රී ලාංකිකයනි අවදි වවු!නව යටත් විජිතවාදයේ දෙවන රැල්ලෙන් ලංකාව බේරා ගනිමු!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරටු කරගත් ගෝලීය මූල්‍ය අධිරාජ්‍යවාදී ණය මර උගුලෙන් නිදහස් වෙමු!
නව ලිබරල්වාදයේ මාවත ප්‍රතික්ෂේප කරමු.නව ලිබරල්වාදයෙන් මිදීමට ක්‍රම වෙනසක් කරමු!
පළමුව, නග්න යුද යටත් විජිතවාදයද, දෙවනුව, පශ්චාත් යටත් විජිත සංස්කෘතික අධිරාජ්‍යවාදය ද විය.
අද, අපට ගෝලීය උතුරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතහොත් අයි.ඇම්.එෆ් (ජාමූඅ ),ලෝක බැංකුව (ලෝබැ),ආසියානු සංවර්ධන බැංකුව (ආසබැ) මුල් කරගත් ඇමරිකානු, එංගලන්ත,ජපන්, යුරෝපීය (ඇඑයු) ගෝලීය මූල්‍ය අධිරාජ්‍යවාදී ණය මර උගුල විසින් වහල්භාවයට බැඳ ගැනීමේ වත්මන් උත්සාහයෙන් නිදහස් වීමේ දෙවන නිදහස් අරගලය දියත් කිරීමට සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ රටවැසියන්ට නොව, ගෝලීය උතුරේ තම ස්වාමිවරුන්ට සේවය කරන කොම්ප්‍රදෝරු පන්තිය වන, ටයි-කෝට් වේවා, ඊනියා ජාතික ඇඳුමෙන් වේවා සැරසුණු අපේම කළු සුද්දන්ගෙන් නිදහස් වීමේ අරගලය අපි එක්ව දියත් කරමු!
රනිල්-රාජපක්ෂ-නන්දලාල්- මහින්ද සිරිවර්ධන -හර්ෂ-එරාන්- ශාන්ත දේවරාජන්- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි-ශාමිණී කුරේ -ෂෙහාන්-කාංචන-රංජිත්- ඇතුළු නව ලිබරල් නඩය අයි.ඇම්.එෆ් සමඟ ඇති කරගත් ගිවිසුම් මර උගුලෙන් නිදහස් වෙමු!
අයිඑම්එෆ්, ලෝක බැංකුව,ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු නව ලිබරල් කොන්දේසි සහ ගිණි පොලී පණවන, සියළු කොල්ලකාරී, යටත්විජිතකරණ, ජාත්‍යන්තර ණය මෝරුන්ගෙන් නිදහස් වෙමු!
පිළිකුල් සහගත ස්වෛරී බැඳුමිකර ණය අහෝසි කරන ලෙස ජාත්‍යන්තරයට බල කරමු!
හිඟ ණය පියවීම අවශ්‍ය කෙරෙන තැන ඒ සඳහා අපේම වැඩ පිළිවෙළක් සම්පාදනයට යොමු වෙමු!
මහ බැංකුව යළි පාර්ලිමේන්තුවට වග කියන පරිදි පණත් සංශෝධන වහා ගෙන එනු!
සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රථිලාභ කප්පාදු කළ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩ පිළිවෙළ වහා අහෝසි කරනු!
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙළ ගස්වා ඇති, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, ක්ෂුද්‍ර ණය සම්බන්ධ පනත් කෙටුම්පත සහ ධීවර පනත් කෙටුම්පත වහා ඉරා දමනු! මාර්ගස්ථ සුරක්ෂිතතා පණත සහ නව පුනරුත්ථාපන පනත වැනි මර්ධනකාරී වැනි පණත් වහා අහෝසි කරනු!
1
පළමු කොටස

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගැළවීමට වමේ දැක්මක් සඳහා ආරම්භයක්
වත්මන් ආර්ථික අර්බුදය සහ අද වමේ දේශපාලන භූමිකාව
( මෙම කොටසේ සටහන් සහ යෝජනා සම්පාදනයේදී අහිලන් කදිර්ගාමර්, දේවක ගුණවර්ධන, ආර්ථික යුක්තිය සඳහා ස්ත්‍රීවාදී එකමුතුව, සහ සුමනසිරි ලියනගේ යනාදීන් පළ කළ ලිපි සහ ප්‍රකාශනද දායක කරගත් බව කෘතඥ පූර්වකව සඳහන් කරමු.නමුත් මෙම ලියවිල්ලේ එන අදහස් සඳහා වගකීම සහමුලින්ම අප සතු ය.)
අද ලංකාවේ වමේ දේශපාලනයේ හදිසි භූමිකාව විය යුත්තේ යහපත් ජීවිතයක් වෙනුවෙන් ජනතාව කරන අරගලයට මඟ ෙපන්වීම සහ අනුග්‍රහය සැපයීමයි.
ඊනියා නිදහසේ සිට මේ දක්වා ලංකාවේ පාලනය ගෙන ගිය විදෙස් ගැති කොම්ප්‍රදෝරු ප්‍රභූ පැළැන්තියේ පාලනය මහජනතාවගේ අභියෝගය ඉදිරියේ මේ වනවිට බිඳ වැටී ඇත.මෙම ප්‍රභූ පැළැන්තිය තම පාලන කාලය පුරා ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අව්‍යාජ උනන්දුවක් දක්වා නොමැති අතර ඊට අසමත් වී ඇත. ඒ මන්ද යත්, එය ඔවුන් ගේ පංති අවශ්‍යතාවට එරෙහිව යන හෙයිනි. ඔවුන්ගේ ඵල ප්‍රයෝජන ගැට ගැසී තිබී ඇත්තේ යටත් විජිත, නව යටත් විජිත සහ වත්මනෙහි ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන හිමි පංතීන් සමග ය.
විශේෂයෙන්ම 1977 මේ දක්වා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අණ පණත් සහ දැනට කඩිමුඩියේ සම්මත කෙරෙමින් යන අණ පණත් සියලල් ජනතා විරෝධී ඒවා ය.කෝවිඩ් අර්බුදයේ පටන් උග්‍ර කෙරුණු ජනතා විරෝධී රාජ්‍ය ප්‍රතිපත්ති වත්මන් ආර්ථික අර්බුදය සමග ජනතාව නිවාස අඩස්සියේ තැබීමේ උත්සාහය දක්වා වර්ධනය කෙරී ඇත. මෑතක දී සම්මත කරගත් ඊනියා මාර්ගගථ ආරක්ෂණ පණත සහ එපරිද්දෙන්ම සම්මත කරගැනීමට නියමිත නව ත්‍රස්ත විරෝධී පණත අරමුණ කරන්නේ ජනාතවගේ කට වසා ඔවුන් නිවාස අඩස්සියේ සිරකොට ඔවුන්ගේ දේශපාලනය අවසන් කිරීමට බව පැහැදිළි ය.
ප්‍රභූ පාලනය, එහි වලංගුභාවය රටේ ජනතාවගෙන් බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඇති බව අරගලයෙන් පැහැදිලි විය. ජනතාවගේ පැත්තෙන් බලන කළ, එයට දැන් කිසිදු යුක්තියුක්තතාවයක් නැත. එය දැන් පවතින්නේ රාජ්‍යයේ නග්නතම ස්වරූපය වන මර්ධනකාරී රාජ්‍ය යාන්ත්‍රණයේ පිහිටෙන් පමණි. මෙම ප්‍රභූ පර්යාය පැළැස්තර දමා යළි ප්‍රතිසංස්කරණය කොට ප්‍රථිෂ්ඨාපනය කළ නොහැකිය. එය ක්‍රම වෙනසකට,’සිස්ටම් චේන්ජ්’ එකකට ලක් කළ යුතු ය.
ඒ සඳහා අපට විපරිවර්ථනීය දැක්මක්, නව කථිකාවක් සම්පාදනය කර ගැනීම අවශ්‍ය කෙරෙයි. එයට පදනම් විය හැක්කේ සමසමාජයක්, සමානාත්මවාදී සමාජයක් පිළිබඳ නව දැක්මකට පමණි. යටත් විජිත සමයේ සමසමාජය පිළිබඳ පැරණි අදහස, එදා අධිරාජ්‍යවාදීන් සහ වැඩවසම් සහ කොම්ප්‍රදෝරු ධනේශ්වර ප්‍රභූ පැළැන්තියට එරෙහිව ජනතාව සංවිධානය කළා සේ අප නව ලිබරල්වාදයට සේවය කරන ප්‍රභූ පැළැන්තියට එෙරහිව ජනතාව පෙළ ගැස්විය යුතුය.
මෙහිදී අප ප්‍රමුඛතාව දිය යුත්තේ නව ලිබරල්වාදයට එෙරහි අරගලයට මිස දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ න්‍යාය පත්‍රයට නොවේ.1977 සිට මේ දක්වා නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ලංකාවේ ක්‍රියාත්මක කෙරී ඇති අතර මෛම ආර්ථික ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය අතර තිබී ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. ප්‍රභූ පැළැන්තිය දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව 1977 සිට මේ දක්වාම පොරොන්දු දෙමින් බලය ලබා ගත් නමුත් බලය ලැබුණු පසු එම ප්‍රතිසංස්කරණ කිරීමට අව්‍යාජ උනන්දුවක් දක්වා නැත.
විවෘත ආර්ථිකය හඳුන්වාදුන් සමයේ සමසමාජ නායකයන් පෙන්වා දුන් පරිදි එය පවත්වාගෙනයාම සඳහා අත්‍යන්තයෙන් ප්‍රජාතන්ත්‍රවිරෝධී විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍ය වීය. මීට පෙර නව ලිබරල්වාදී ආර්ථිකය ක්‍රියාවට නැංවූ චිලී රටේ, ඇමරිකානු මධ්‍යම බුද්ධී ආයතනය (සීඅයිඒ) මුල්වීමෙන් බාධා පැණවීමට අපොහොසත් වූ අයියන්ඩේ ගේ පාලනය කුමන්ත්‍රණයකින් පෙරළා දමා බලයට පත් පිනොචේ ගේ පාලනය නව ලිබරල්වාදය පවත්වාගෙන ගියේ කෘර හමුදා පාලනයක් යටතේ ය. එම අත්හදාබැලීමේ කටුක ප්‍රථිඵල පසුබිමෙහි ලංකාවේ නව ලිබරල් ආර්ථිකයක් පවත්වාගෙන යාමට අත්හදා බැලීමට යොදාගත්තේ විධායක ජනාධිපති ක්‍රමය යි.මේ විනවිට එය වසර 47ක් පවත්වාගෙන ගොස් ඇත. ජාත්‍යන්තරයට එය කවරදාකවත් ගැටළුවක් නොවීය.
මෙතෙක් කල් ලංකාවේ නව ලිබරල්වාදය පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම විධායක ජනාධිපති ක්‍රමය පදනම් කොටගෙන ය. දේශපාලන පක්ෂ අතර බලය හුවමාරු වුවත් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම කොම්ප්‍රදෝරු පංතියේ අව්‍යශතාව වූ නව ලිබරල්වාදය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය කොන්දේසිය විය. නව ලිබරල්වාදී ආර්ථික පර්යාය මෙම පංතිය මත පදනම් වූවකි. එහෙයින් මෙම පර්යාය විපරිවර්ථනයට ලක් කිරීමෙන් තොරව කැබලි වශයෙන් කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ වලින් අපට මෙම ගැටළුවට විසඳුම් සෙවිය නොහැකිය. එහෙයින්, පර්යාය විපරිවර්ථනය, ක්‍රම වෙනස, පංති පදනමින්ම සමස්තයක් ලෙස, නව ලිබරල් ආර්ථික ක්‍රමයත් එයට දේශපාලන රැකවරණය සපයන විධායක ජනාධිපති ක්‍රමයත් දෙකම එකට ගෙන සිදුකළ යුත්තකි. මෙය සංධාන ආණ්ඩු සෑදීම මත සිදුකළ හැක්කක් නොවේ.
ඉතින්, මෙබඳු විපරිවර්ථනීය දැක්මක්, ක්‍රම වෙනසක් ප්‍රායෝගිකව සාර්ථක කළ හැක්කක් ද? ජාත්‍යන්තරව නව ලිබරල්වාදය බිඳ වැටෙමින් පවතියි.නව ලිබරල්වාදය මුලින්ම ඇරඹුණු චිලී රටේ අද පවතින්නේ වාමාංශික ජනාධිපතිවරයෙකු යටතේ පවතින සමාජවාදී ආණ්ඩුවකි.අප මත තව දුරටත් නව ලිබරල්වාදී වැඩ පිළිවෙළ පටවමින් සිටින ඇමරිකාවම පවා නව ලිබරල්වාදී මගින් ඉවත් වී ඇත. ගෝලීය උතුරේ ධනේශ්වර රටවල වර්ධනය වෙමින් පවතින දේශපාලන නැඹුරුව ඇත්තේ අර්බුදයට ලක්ව ඇති නව ලිබරල්වාදී පර්යායට විකල්පයක් ගොඩ නඟා ගැනීම උදෙසා යි.ලංකාවේ ජනතාවද නව ලිබරල්වාදය ප්‍රතික්ෂේප කිරීම අරමුණු කොට දියත් කළ අරගලය රාජ්‍ය මර්ධනය හමුවේ තාවකාලික පසුබැස්මට ලක්වුවද එළඹෙන ජාතික මැතිවරණ වලදී එම අරගලය ඉදිරියට ගෙන යාමට රට පුරා ජනතාව පෙළගැසෙමින් සිටින බව පැහැදිළි වී තිබේ. අප කළ යුත්තේ මැතිවරණ ජයග්‍රහණයනගෙන් ඔබ්බට ක්‍රම විපරිවර්ථනයක් උදෙසා, සමසමාජයක්, සමානාත්මතා සමාජයක් ගොඩ නැඟීම උදෙසා වන නව ලිබරල්විරෝධී අරගලය දිගටම කරගෙන යාම සඳහා වන ජනතා අභිලාෂය මුදුන් පමුණුවා ගැනීම සඳහා ජනාතව සමග එව කටයුතු කිරීම යි. මෙම වැඩ පිළිවෙළ එයට ආරම්භයක් සැපයීම උදෙසා ය.
වත්මන් ආර්ථික අර්බුදය සහ නව ලිබරල්වාදය

– අපට ක්‍රම වෙනසක් අවශ්‍යයි
ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වශෙයන් ජනප්‍රිය කථිකාවේ කියැවෙන “දූෂණය” මුල් කරගත් අදහස් කුමක් වුවත් විචාරශීලීව සිතන ආර්ථික විද්‍යාඥයන් එකඟ වන කරුණු කිහිපයක් තිබේ.
ඉන් පළමුවැන්න, ලංකාව දිගු කලක සිට – විශේෂයෙන් 1977 සිට උග්‍රවෙමින් පැවත ආ වෙළඳ ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුෙවන් විදේශ ණය ගෙවා ගත නොහැකි තත්වයකට පත් වි සිටීම යි.
දෙවැන්න, 2007 සිට ජාත්‍යන්තර වාණිජ මූල්‍ය වෙළඳ පොළෙන් අධික පොළියට ණය ගැනීමයි.
තෙවැන්න, අය-වැය පරතරය පියවා ගැනීමට සෘජු බදු යොදා ගන්නවා වෙනුවට සෘජු බදු අවම කොට වක්‍ර බදු වැඩි කරමින් දේශීයවත් තව තවත් ණය ගැනීම යි.
නිදහසේ සිටම ලෝක බැංකු සහ අයි.ඇම්.එෆ් උපදෙස් මත අප තල්ලු කෙරුණේ පරායත්ත ධනවාදී සංවර්ධන ආකෘතියක දිශාවට මිස ස්වායත්ත, ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නැඟීමට නොවේ.1977 සිට ආර්ථික නිර්බාධීකරණය නමින් මෙරට ක්‍රියාත්මක කෙරුණු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූ, සංචාරක සහ ඇඟළුම් යන දුර්වල කර්මාන්ත මත යැපෙන, පරායත්ත ආර්ථික එළඹුම වත්මන් අර්බුදයේ පදනම යි.
නව ලිබරල්වාදය වෙළඳ සහ මූල්‍ය නිර්බාධීකරණය දියත් කළේ ය. එම පංති කොටස් ආර්ථිකය හසුරුවන තැනට පත් විණි.නව ලිබරල්වාදය යටතේ දේශීය කෘෂිකර්මය නොසළකා හරිනු ලැබිණි; සමාජ සුභසාධනය කපා හරිණු ලැබිණි; මූල්‍යකරණයට ලක් කිරීමෙන් ආර්ථිකය අවපාතයට තල්ලු කරන ලදී. එය ඇරඹීමේ පටන් ලංකාවේ ආර්ථික අසමානතාව විශාල වශෙයන් වර්ධනය වී තිබේ. අපි වතුකරය, ඇඟළුම් කර්මාන්තය, සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රයන්හි ශ්‍රමිකයන් දුකසේ උපයන විදේශ විනිමය, ප්‍රධාන කොටම ප්‍රභූ පැළැන්තියේ, උත්කර්ෂවත් පාරිභෝජනය සඳහා යොදා ගනිමින් සිට ඇත්තෙමු.
‘ණය මගින් සංවර්ධනය උදා කළ හැකිය,’ යන මතවාදය රාජපක්ෂ පාලනය යටතේ සුවිශේෂීව තහවුරු කෙරිණි. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීමේදී එම පරිමාණයේම කොමිස් මුදල් ලබාගැනීමට හැකි වීම මෙයට හේතුව බව පෙනී යයි.
මේ සියල්ල, වත්මන් ආර්ථික අර්බුදය කරා අප ගෙන ඒමට දායක වීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම
‘වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් අයි.ඇම්.එෆ් වෙත ගොස් අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලබා ගත හැකිය,’ යන අන්තයට මෙරට ජනතාව තල්ලු කිරීම ඒ සඳහා දිගු කලක සිට ගෙනගිය සැළසුම් කළ ක්‍රියා පිළිවෙතක් සහ උග්‍ර මතවාදී සංග්‍රාමයක් මගින් සිදුකරන ලද්දක් බව දැකිය හැකිය.
අපගේ නූතන ආර්ථිකය හැමදාමත් නියෝජනය කර ඇත්තේ ප්‍රභූන්ගේ ඵල ප්‍රයෝජනයන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් බර දැමෙන්නේද සාමාන්‍ය ජනතාවගේ පටි තද කර ගැනීමට මිස මේ මොහොතේ අපගේ ප්‍රමුඛතාව විය යුතු ධනය සහ ආදායම් ප්‍රතිව්‍යාප්තිය නැතහොත් යළි බෙදා හැරීම පිළිබඳ කරුණට නොවේ.
අපි ජාමූඅ වෙත යාමේ ප්‍රථිඵලයක් වශෙයන් එහි නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිට ඇත්තෙමු. වැට් බද්ද වහා වැඩි කරනු ලැබිණි. රුපියල සැළසුම් කිරීමකින් තොරව අවධමනයට ලක් කිරීමෙන් ආනයනකරුවන් ඖෂධ ආහාර ද්‍රව්‍ය ඇතුළු සියළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අධික ලෙස වහා ඉහළ දමන ලදී. පොළී අනුපාත අධික ලෙස ඉහළ නැංවීමෙන් කුඩා ව්‍යාපාර සහ කර්මාන්ත පමණක් නොව කෘෂිකර්මයේ ආයෝජනයන්ද කඩා වැටී ඇත. එම ක්ෂේත්‍රවල රැකියා උත්පාදනය බිඳ වැටී ඇත. දිගින් දිගටම ජනතාව මත තව තවත් බදු වැඩි කෙරී ඇත. ඉන් ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝජන හැකියාව තව තවත් හැකිළී ඇත.
ජාමූඅ අපට උපෙදස් දෙන්නේ පහසුකම් සළසන්නේ ගත් ණය සහ පොළිය ගෙවීමට ජාත්‍යන්තර වාණිජ මූල්‍ය වෙළඳ පොෙළන් අධික පොළියට තව තවත් ණය ගැනීමට ය.නමුත්, එම අවස්ථාව උදා කර ගැනීම සඳහා ජනතාවට තවත් බර පටවන පටි තද කරගැනීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට අපට බල කෙරී ඇත. අපට ඉතා දුෂ්කර අවධියක් ගෙවීමට සිදුවනු ඇතැයි රජය සහ නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් කැඩුණු තැටි වාදනයක් මෙන් ජනතාවට කියමින් සිටීමේ සැබෑ අරුත දැන් සියල්ලන්ටම පැහැදිළි විය යුතු ය. සියළු සහන කප්පාදු කොට වැඩ කරන ජනයා සහ පවුල් ආර්ථික අහේනියේ අගාධයට තල්ලු කර දමනු ලැබ ඇත.
අය වැයෙහි රාජ්‍ය වියදම් කපා හැර ඇත. සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය වැනි ක්ෂේත්‍ර වල රජයේ ආයෝජනද අන්තයටම හැකිළී ඇත. රාජ්‍ය ආයතන සහ සේවා, ඒවායින් පොදු යහපතට වන සේවයේ වැදගත්කම නොසළකා ලාභ ලබන ඒවා පෞද්ගලීකරණය කිරීම,සහ අනෙක්වා වසා දැමීම ඇරඹී ඇත. ඒ යටතේ වැඩ කරන ජනයා විශාල වශෙයන් තම රැකියා වලින් නෙරපා දැමෙනු ඇත.
ආර්ථික සංවර්ධන මාවත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව යන ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා සහ ද්වි-පාර්ශ්වික ණය මගින් ද ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන හිමි පංතිය අප මත පනවන වහල් භාවයට අප යටත් වීම යනු අපි අපේ ශිෂ්ඨාචාර උරුමයට පිටුපෑමට සලස්වන මාවතකට සම්පූර්ණයෙන්ම අවතීර්ණ වීමක් වනු ඇත.
අපගේ සාමූහික වටිනාකම් ඇති කළ දාර්ශනික හා සංස්කෘතික පදනම් 1977 දී විවෘත වූ නව ලිබරල් ආර්ථික මාවතේ සිට වඩ වඩාත් තර්ජනයට ලක්ව ඇත.
දැන්, අපි සදාකාලිකවම අපගේ “සංවර්ධන මාවත” නිශ්චිතව තෝරාගත යුතු බව අපට කියනු ලැබේ. ඔවුන් ඉන් අදහස් කරන්නේ අපගේ සාමූහික ජීවිතය සංවිධානය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම සහමුලින්ම වෙළඳපොළට පවරාදෙන නව ලිබරල් ආර්ථික සංවර්ධන මාවත ය.
ඇතැම්මු, පුද්ගල නිදහස සහ ආර්ථික සංවර්ධනය අතර ඇතැයි කියන ප්‍රතිරෝධයක් පිළිබඳ ගැටළුවක් මතු කරති.නව ලිබරල්වාදයට එරෙහි දේශපාලන ප්‍රතිරෝධය ආර්ථික සංවර්ධනයට තර්ජනයක් ලෙස සලකමින්, නව ලිබරල්වාදය ආර්ථික සංවර්ධනයේ එකම මාවත ලෙස සලකමින්, අපේ ජනතාවට යහපත් වන්නේ කුමන ආකාරයේ ආර්ථික සංවර්ධනයක්ද යන්න සාකච්ඡා නොකොටම, “සංවර්ධනය” කරා යාමට නිදහස කැප කළ යුතු යැයි ඔවුහු තර්ක කරති.
තවත් සමහරුන්ට අවශ්‍ය වන්නේ,නිදහස් වෙළඳපොලේ තෝරා ගැනීමට සෑම තරාතිරමකම මිනිසුන්ට එකම මට්ටමේ මූල්‍ය නිදහසක් ඇතිවාක් මෙන්, සාමූහිකයේ සියලුම සාමාජිකයින්ගේ පැවැත්මේ සහ සමෘද්ධිමත්භාවයේ අවශ්‍යතාවයට වඩා වෙළඳපොලේ පුද්ගල නිදහස තෝරා ගැනීමයි.
නිදහසින් පසු අප අනුගමනය කළ “සංවර්ධන” මාවත – ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර ණය දෙන ආයතන සහ බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් මෙහෙයවන ලද ඊනියා සංවර්ධන මාවත අපව අද සිටින තත්ත්වයට ඇද දමා ඇත.
මෙම දෙවනුව කී ඔවුනට හිතකර කොන්දේසි මත ණය දෙන ඊනියා “පරිත්‍යාගශීලීන්” විසින් දෙනු ලැබ ඇති ණය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කර ඇති බලපෑෙම් යථා ස්වභාවය තවමත් සම්පූර්ණයෙන් පරීක්ෂා කෙරී නැති අතර ඔවුන් දී ඇති ණය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා විවෘත නොවීම ද අප මෙහි ලා සිහිපත් කළ යුතුය.
අප ජාත්‍යන්තර මූල්‍ය ආයතන මුල් කරගත් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන ප්‍රජාවේ වියගසට බැඳීම අප -එක්සත් ඇමරිකා ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපීය, ජපන්, චීන, ඉන්දීය යනාදී බලවේග වලට යටත් වී – යළි යටත් විජිත යුගයකට ප්‍රවිශ්ඨ වීම හා සමාන ය.
ජාමූඅ යනු අපගේ නවතම නව යටත් විජිත ස්වාමීන් ගේ ප්‍රධානතම ඒජන්තයා ය.ලෝ.බැ. සහ ආ.සං.බැ. හුදෙක් ජාමූ අරමුදලේ සගයන් ය.
මෙම නවතම නව යටත් විජිතවාදයේ ආකාරය මුල්‍ය ය, එයට කලින් පැමිණියේ සංස්කෘතික නව යටත් විජිත වාදය යි. එය මනා ලෙස එහි කාර්යභාරය ඉටු කොට අපගේ ස්වාධීන සිතීමේ හැකියාව අකා මකා දමා අප හුදු ප්‍රයෝජ්‍යතාවාදීන්, සුඛ පරමවාදීන් බවට ලඝු කොට ඇති හෙයින්, නවතම අදියර ක්‍රියාවට නැංවීමට සුදුසු අවස්ථාව එළඹ ඇතැයි මූල්‍ය නව යටත් විජිතවාදයේ ඒජන්තයන් සිතන බව පෙනෙයි.

අප මුහුණ පා සිටින මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සමඟ තම ඉරණම ගැට ගැසී ඇතැයි සිතන ප්‍රභූ සහ නාගරික මධ්‍යම පන්තික කොටස්වල අවශ්‍යතා පමණක් නොව අප බහුතර ජනතාවකගේ ද සාමූහික අවශ්‍යතාවලට ගැලපෙන නව ආර්ථික සංවර්ධන මාවතක් අප සොයා ගත යුතුය.
ශ්‍රී ලංකාව නැවතත් යටත් විජිතයක් බවට පත් වී ඇත. ගෝලීය උතුරේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය මෙහෙයවීමෙන්, අපගේ සමස්ත ආර්ථික ප්‍රතිපත්තියම ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් කල් තබා තීරණය කර ඇත. අපගේ දේශපාලන නායකයන්, නිලධාරී තන්ත‍්‍රය සහ මුල්‍ය තාක්‍ෂණික තාන්ත්‍රිකයන් විසින් අප ගෝලීය මූල්‍ය වෙළඳපොලේ යාචකයින් බවට පත් කර ඇත.
අද අප සිටින්නේ,යටත් විජිත යුගයේ සිට මේ රටේ ජනතාව ලැබූ ජයග්‍රහණ සියල්ල ආපසු හරවන, යළිත් වරක් යටත්, වහල් ජාතියක් බවට අප පත් කිරීමේ මාවතේ ය.
රජයේ භූමිකාව
1977 සිට අප මත පැනවූ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හෝ වෙළඳපොළ මෙහෙයවන ආර්ථික මාවත නොහොත් නව ලිබරල්වාදය, රාජ්‍යය එයට හිමි මහජනයාගේ යහපත සුරැකීමේ භූමිකාවෙන් ඉවත් කොට,රාජ්‍යය හුදු වෙළඳපොළ සහ මුල්‍ය ප්‍රාග්ධනයේ මෙවලමක් බවට පත් කරයි. එය එවක සිට පැවති බොහෝ පාලන තන්ත්‍රයන් විසින් අනුගමනය කරන ලදී.
නව ලිබරල්වාදය, සමාජයේ, වෙසෙසින්ම දුප්පතුන්ගේ සහ වැඩකරන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආර්ථිකය සංවිධානය කිරීමට රජයට කිසිදු කාර්යභාරයක් නොමැති බව විශ්වාස කරන තැනට අපව පත් කරයි.
නව ලිබරල්වාදය යටතේ ජනතාව ආත්ම ගෞරවය වර්ධනය කර ගන්නේ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නේ නැත. අපේ රටේ ආර්ථිකය වෙනත් රටවල ආර්ථිකය මත යැපෙන තත්ත්වයට පත්වෙයි. සිදු වී ඇත්තේ නව ලිබරල් ආර්ථික ක්‍රමය හරහා රට දිළිඳු කිරීමට හැකි උපරිමය කිරීමයි.
දේශපාලන ප්‍රභූ පැළැන්තියේ තැනට තාක්‍ෂණ තන්ත්‍රය ආදේශ කිරීම සම්පූර්න කෙරෙමින් පවතියි. මෙය අපගේ දේශපාලනයේ මූලික ප්‍රවණතාවය බවට පත් වූ අතර, සමාජ ඉංජිනේරුකරණය පිළිබඳ ආකල්පය ෙහළිදරව් කරමින් මිනිසුන් හුදු සංඛ්‍යාලේඛන පමණක් බවට ලඝු කරන තාක්‍ෂණික තාන්ත්‍රික පාලනය යටතට සමාජය පත් කෙරෙමින් ඇත.
මෙම නව ලිබරල්වාදී මාවතේ අප දිගටම ගමන් කරන්නේ නම්, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය විසින් පාලනය කරනු ලබන මූල්‍ය වෙළඳපොළේ නියමයන්ට සම්පූර්ණයෙන්ම බැඳී සිටීමෙන් අප ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ වහලුන් බවට පත් කරනු ඇත.
මෙහි ඇති මූලික ගැටලුව නම් ධනවතුනට පමණක් නොව, සියළු ජනයාට යුක්තිය සහ සාධාරණත්වය, අපේ රටේ ජාතික ධනය හා සම්පත් ආරක්ෂා කිරීම, අපේ ජනතාවට යහපත් රැකියා අවස්ථා සහ තම රටේ ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් වීමට ඔවුන්ට අවස්ථාවන් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් නොමැති රටක් බවට අපි පත් වී සිටීම යි.
ඒ වෙනුවට, අපි හිඟාකන රටක් බවට පත් වී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ දේශීය දේශපාලන ප්‍රභූන් සහ සමායතන-ප්‍රභූ පැළැන්තිය විසින් අපව තව තවත් ණයගැතිභාවයට ඇද දමමින් තිබේ. ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒකාධිපතිවාදයක් නිර්මාණය වෙමින් පවතී.
නිදහසින් පසු විශේෂයෙන් 1977 සිට අපව වර්තමාන අසීරු තත්ත්වයට ගෙන ආ ආර්ථික සංවර්ධන මාවතේ වලංගුභාවය පිළිබඳව අප ප්‍රශ්න කළ යුතුය. එය මිනිසුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට යොමු වී තිබේද? රටේ ජනතාවට, වැඩකරන ජනතාවට සහ දුප්පතුන්ට, සතුන්ට සහ පරිසරයට එහි බලපෑම කෙබඳුද? අවසානයේ මනුෂ්‍ය සහ සත්ත්ව ජීවිතය,පරිසරය අදාල නොමැති සහ වටිනාකමක් නැති, තාක්‍ෂණිකත්වයේ පරිගණක තිරවල හුවමාරු කිරීමට යොදාගන්නා හුදු සංඛ්‍යාලේඛන බවට ලඝු කොට ඇත.
විදේශිකයන්ට භාණ්ඩ හා සේවා විකිණීම සරලව විශ්වාස කරන ආර්ථික සංවර්ධන ආකෘතියක් අප අනුගමනය කර ඇත.අවසානයේ වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ ඉටු වූවා යැයි කියන ඊනියා සංවර්ධන ඉලක්කවල අරමුණ වූ නළ ජලය, විදුලිය සැපයීම, ඉවුම් පිහුම් ගෑස් සහිත නවීන ජීවන තත්ත්වයන්, පොදු ප්‍රවාහනය ආදිය අද අපට අහිමි වෙමින් යාම ඊනියා නූතන සංවර්ධනය පිළිබඳ බරපතළම උත්ප්‍රාසය නොවේද?
නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙතින් මිදීමෙන් තොරව ලංකාවේ ජනතාවට සැබෑ දේශපාලන නිදහසක් ලැබිය නොහැකිය.
නව ලිබරල්වාදය එය ඇරඹුනු බටහිරම – චිලී, එංගලන්තය, ඇමරිකාව -අවසන් වෙමින් යද්දී ලංකාව මත එය යළි පැනවීම ජාත්‍යන්තර මූල්‍ය ධනවාදයේ සහ ලංකාවේ පරගැති ධනපති සහ ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතාව මත සිදුවන්නකි. එය නව යටත් විජිතවාදයේ නව ස්වරූපයක්, නව අධිරාජ්‍යවාදයක් වන, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය ට අපව වහලුන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන මුල් කරගත් ගෝලීය උතුරේ මූල්‍ය ප්‍රාග් ධනය අපේ නව නව-යටත් විජිතවාදී වහල් හිමියන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ලංකාව ස්වාධීන ආර්ථික සංවධනයක් අත්පත් කර ගැනීම හැමදාමත් වළක්වා ඇත. ඔවුහු ණය මාර්ගයෙන් අප පරාධීන භාවයේ ගිල්වා විදේශ ණය සහ ආර්ථිකයන් මතම තව දුරටත් යැපෙන තත්වයේ පවත්වා ගැනීම අරමුණු කරති. ඔවුන් ගේ අධි මිල භාණ්ඩ සඳහා මෙරට වෙළෙඳ පොළක් ලෙස පවත්වා ගැනීම පමණක් අරමුණු කරති. අපගේ ශ්‍රමය, අමු ද්‍රව්‍ය සහ භාන්ඩ ඔවුන් ගේ සංචාරක, ගෘහස්ත සහ අනෙකුත් සේවා සහ නිෂ්පාදන සඳහා ලාභයට ලබා ගැනීම අරමුණු කරති. ඔවුන් මෙරට බහුජනතාවගේ සුබසාධනය පිළිබඳ අව්‍යාජ උනන්දුවක් නොමැති අතර අපව සූරාකෑමේ යටත් ස්ථාවරයක තබා ගැනීම මගින් ධනය ඒකරාශි කර ගැනීමෙහි ලා වන ඔවුන් ගේ ඵලප්‍රයෝජනයන් පමණක් ඉදිරියට ගෙන යාමෙහි ලා උත්සුක වෙති.
වත්මන් ජාමූඅ වැඩ පිළිවෙළේ අරමුණ ලංකාවේ ශ්‍රමය තවත් ලාභ කිරීම සඳහා ගැමි ගොවියන් ඉඩම් අහිමි ශ්‍රමිකයන් ලෙස ශ්‍රම වෙළඳ පොළට තල්ලු කිරීම ය. එවිට ශ්‍රමයේ මිල තවත් පහලට වැටෙනු ඇත. නාගරික ශ්‍රමිකයන් ගේ වැටුප් තවත් පහළට වැටී ඔවුන්ට තම රැකියා සඳහා ගැමි කුලී ශ්‍රමිකයන් හා තරඟ කිරීමට සිදුවනු ඇත.
මේ සියල්ලන්ගේ ආධිපත්‍යයෙන් නිදහස් වීමෙන් තොරව කෙරෙන පැලැස්තර දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් අපට සැබෑ ආර්ථික හෝ දේශපාලන නිදහසක් ලැබිය නොහැකිය.
දේශපාලනඥයන් සහ ප්‍රභූ පැළැන්තිය

ලංකාව මුහුණ දෙන වත්මන් අර්බුදය හුදු ආර්ථික අර්බුදයක් පමණක් නොවේ. එය පාලක ප්‍රභූ පැළැන්තියේ සහ දේශපාලන පන්තියේ ද අර්බුදයකි.
එය දේශපාලනඥයින්ගේ හෝ සමායතනික ආර්ථික පන්තියේ පමණක් නොව පොදුවේ සමස්ත ප්‍රභූ පැලැන්තියේ ම අර්බුදයකි. මෙම ප්‍රභූ පැළැන්තියට මුදල්, වෘත්තිය, බලය, බුද්ධිය, නායකත්ව තනතුරු, නිලධරය, අධිකරණය, නීති වෘත්තිය, සහ අනෙක් සියලු වෘත්තීන්, විද්වත් ක්ෂේත්‍රයන්, ආගමික නායකයින් යන සියලු මාර්ගයන්ගෙන් එයට වැටෙන සෑම කෙනෙකුම ඇතුළත් වේ.
ප්‍රභූ පාලනය මහජනතාව ඉදිරියේ බිඳ වැටී ඇත. එහි නීත්‍යානුකූලභාවය සහ යුක්තිසහගතභාවය රටේ සාමාන්‍ය ජනතාවගෙන් බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඇති බව අරගලයෙන් පැහැදිලි විය.
අපේ දේශපාලනඥයන් ජනතාවට සේවය කිරීමට උනන්දු වී නැත. ඔවුහු වැඩකරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය නොසලකා හැරීම යුක්ති සහගත කිරීමට ආර්ථික අර්බුදය යොදා ගනිමින් සිටිති. දේශපාලකයන් ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝජිතයන් බවට පත්ව ඇත. එය විසින් පාර්ලිමේන්තුව ප්‍රාණ ඇපයට ගෙන ඇත. පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාව නියෝජනය නොකරයි.
අපේ ප්‍රභූ පැලැන්තියට රටේ සාමාන්‍ය ජනතාවගේ, වැඩකරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය ගැන අබමල් රේණුවක තැකීමක් නැත.
ප්‍රභූන් සහ සෙසු අය අතර පරතරය අති විශාල ය. ප්‍රභූ පැලැන්තිය නාස්තිකාර සුඛෝපබෝගී පරිභෝජනයේ යෙදෙන අතර මිලියන ගණනක් දුප්පත්තු තම පවුල් වලට අත්‍යවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය සම්පත් සහ දූදරුවන්ට පෝෂණ සහ පාසැල් අවශ්‍යතා නොමැතිව දැඩි ව්‍යසනයට පත්ව සිටිති.
සමස්ත දේශපාලන ක‍්‍රමයම අභියෝගයට ලක්ව ඇත්තේ ජනයා තුළ ඒ ගැන තිබූ විශ්වාසය බිඳ දමමිනි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටී ඇත. මහජනතාවගේ ඇස් හමුවේ පාර්ලිමේන්තුවේ සහ විධායකයේ නීත්‍යානුකූලභාවය නැති වී ඇත. එහෙයිනි, ‘පද්ධතිය වෙනස් කිරීම’ සඳහා කෑගැසීම මතුව එන්නේ.
මර්ධනය අවශ්‍ය වන්නේ දේශපාලන අර්බුදය වසාගැනීමට ය.
වත්මන් පාලනයට සහ ප්‍රභූ පැලැන්තියට ආරක්ෂා විය හැක්කේ දැඩි මර්දනයකින් පමණි. සාමාන්‍ය මහජනතාවගේ විසම්මුතිය, ප්‍රතිරෝධය, විරෝධය පිළිබඳ ප්‍රභූ පැලැන්තියට ඇති බිය, පාලන තන්ත්‍රය විසින් මුදා හරින ලද දරුණු මර්ධනය තුළ ප්‍රකාශ වේ.
මර්දනයට ප‍්‍රතිචාර දැක්වීමට නොහැකිවීම තුළ ප‍්‍රභූ සිවිල් සමාජය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් යනාදිය ලිබරල් සාරධර්ම ලෙස ආරක්‍ෂා කළ පිරිස් ද දැඩි අර්බුදයකට ගොස් ඇත. ඔවුන් නව ලිබරල්වාදයට පක්ෂපාතී වන අතර එම නිසා වත්මන් පාලනයේ ආර්ථික ප්‍රතිපත්තිවලට පක්ෂ වේ. නව ලිබරල්වාදී ආර්ථික පාලනය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව මර්දනය මුදා හැරිය යුතු බව ඔවුන්ට නොපෙනී ඇත.
මහජනතාවට විරුද්ධ වීමට සහ විරෝධතා දැක්වීමට ඇති අයිතිය යටපත් කොට ගෙන ජාතික ආරක්‍ෂක රාජ්‍යය ප්‍රමුඛත්වයට පත් වී ඇත. ජනතා විරෝධතා මර්දනය කිරීමට පොලිසිය සහ සන්නද්ධ හමුදා බලමුලු ගන්වා ඇත. වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ප්‍රකාශ කරන සෑම අවස්ථාවකම අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාවට නංවා ඒවා මර්දනය කිරීමට රජය ක්‍රියාත්මක වේ.
සාමය ආරක්ෂා කළ යුතු පොලිසිය මිනිසුන්ගේ දේශපාලන නිදහස යටපත් කිරීමට යොදා ගනී. රාජ්‍ය ආරක්ෂක සේවාවන් ම්ලේච්ඡ මෙවලමක් බවට පත් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වත්මන් පාලනය විසින් පොලිස් සේවය ම්ලේච්ඡත්වයට පත් කර ඇත.

සමාජයේ සාමය ආරක්ෂා කරන උපකරණ ලෙස පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වන ක්‍රියාවලියක් දියත් කර ඇත. මෙය ෆැසිස්ට් ප‍්‍රවනතාවයකින් කෙළවර විය හැකිය.
දැනට යෝජිත නව ත්‍රස්ත විරෝධී පණත සහ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ පනත යනු ප්‍රභූ පාලනයේ නීත්‍යානුකූලභාවය අහිමි වීමේ හොඳම ප්‍රකාශනයයි.
එවැනි තත්ත්වයක් යටතේ, ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගන්නා ලද ජනාධිපතිවරයෙකු නොව මහජනතාවගේ ඇස් හමුවේ නීත්‍යානුකූලභාවය අහිමි වූ පාර්ලිමේන්තුවකින් පත් කරගත් අනුප්‍රාප්තික විධායක ජනාධිපතිවරයෙකු රටේ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේ අවස්ථාව බලහත්කාරය යොදා ලබා ගෙන ඇත.
‘අරගලය’ මූලික වශයෙන් ඉල්ලා සිටියේ තමන් ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ජනාධිපති සහ පාර්ල්මේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් යළි කැඳවීමේ අයිතියයි.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල අනුග්‍රහය යටතේ මෙරට දේශපාලන අධිකාරීවාදයක් නිර්මාණය වෙමින් පවතී.
ජාතික ආරක්‍ෂක රාජ්‍යය රැකීම, මහජනතාවට විරුද්ධ වීමට සහ විරෝධතා දැක්වීමට ඇති අයිතියට වඩා ප්‍රමුඛත්වය ගෙන ඇත.
රටේ වත්මන් දිශානතිය, නව ලිබරල්වාදී මාවත පිළිගත නොහැකි වන්නේ ඇයි?
නව ලිබරල්වාදය අපේ සමාජ සංවේදීකම නැතිකොට අප ආත්මාර්ථකාමී කරයි, තණ්හාධික වීමට අප තුළ ඇති හැකියාව වර්ධනය කරයි.එය අප අතර සිටින අන් අයගේ අවශ්‍යතා කෙරෙහි, අප සමඟ සමාජයේ එකට ජීවත් වන අවාසි සහගත අන් අය කෙරෙහි අපගේ නොසැලකිලිමත්බව හා අසංවේදීබව අප තුළ ප්‍රවර්ධනය කරයි.අවාසි සහගත අයව රැකබලා ගැනීම සඳහා වන අපගේ මූලික ශිෂ්ටසම්පන්න භාවය, මානව විනීතභාවය එය අපෙන් උදුරා ගනී.
අපට අපේ සමාජය යහපත්, ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයක් ලෙස හැඳින්විය හැකිද?
අද අප, කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත සංඛ්‍යාවක් ගැන තිබියේවා, ආහාර නොමැතිකම නිසා එක පුද්ගලයෙකුට පවා කුසගින්නේ සිටීමට ඉඩ දෙන විට අපට අපේ සමාජය යහපත් මිනිස් සමාජයක් ලෙස හැඳින්විය නොහැක.අප අතර ළමා මන්දපෝෂණය විශාල වශයෙන් ඉහළ යාමට ඉඩ දෙන විට; ආහාර, ඇඳුම් පැළඳුම් සහ ප්‍රවාහන වියදම්, පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය හිඟය නිසා අපේ දරුවන්ට පාසල් හැර යාමට ඉඩ දෙන විට; අරමුදල් නොමැතිකම හේතුවෙන් තම දරුවන්ගෙන් කවරෙකු කුමන පාසලට යවන්නේද යන්න තෝරා ගැනීමට දෙමාපියන්ට බල කෙරෙන විට; දෙමාපියන්ට තම දරුවන් සෑම දිනකම පාසල් යැවීමට හැකියාවක් නොමැති නමුත් විකල්ප දිනවල ඔවුන්ව විකල්ප වශයෙන් යවන විට; ආණ්ඩුවේ දේශපාලකයන්, නිලධාරීන්, තාක්ෂණ තාන්ත්‍රිකයන් එක්ව ඖෂධ කර්මාන්තය තම වංචනික කූට ගණු දෙනු වලට නතු කිරීමේ හේතුවෙන් ඇති කරන ඖෂධ හිඟය හේතුවෙන්, ඖෂධවල ගුණාත්මක බව නැතිකම නිසා, ඖෂධ මිලට ගැනීමට වත්කමක් නොමැතිව, දරුවන් සහ ජනයා මියයාමට අප ඉඩ දෙන විට; ජනාතව මත අධික බදු බර පටවන අතරතුර,ධන බද්දකට යටත් කොට නොමැති රටේ ධන හිමි පැලැන්තියට වාසිදායක වන පරිදි, වත්මන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වතුකරයේ, ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ අනෙකුත් කම්කරුවන්ගේ විශ්‍රාම අරමුදල සියයට 50 කින් කපා හරින විට ඒ පිළිබඳ අප ඇස් පියාගෙන සිටින විට;
අපට අපේ සමාජය යහපත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයක් ලෙස හැඳින්විය නොහැක.
ජාමූඅ යෝජනා කර ඇති පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ගයේ ගොස් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ණය ගැනීම දිගටම කරගෙන ගියහොත් එය සම්පූර්ණ සමාජ විනාශයක් ගෙන එනු ඇත.
අපි මේ මාවතේ තවදුරටත් ඉදිරියට ගිය හොත් අඩුම තරමින් මුළු පරම්පරාවක්ම බිලිගනු ඇත. මවගේ අධ්‍යාපනය කඩාකප්පල් වූ පසු (දැන් නව යොවුන් වියේ පසුවන තරුණ ගැහැණු ළමයින් ) ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ.
එය ලබා ගත හැකි වූ දා සිට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය හරහා සමාජ සංචලනය තුළින් එය ලබා ගත් ජයග්‍රහණ ගැන ආඩම්බර වූ සමාජයකට මෙම පරිමාණයේ අර්බුදයක අන්තර් පරම්පරාමය බලපෑම අතිශ්‍ය විනාශකාරී වනු ඇත.
අපට ක්‍රම වෙනසක් අවශ්‍යයි

නව ලිබරල්වාදය, දැනටමත් ඔවුන්ගේම වරදක් නොවන නිසා දුර්වල ස්ථානයක සිට ආරම්භ වී පරාජිතයින් ලෙස ඉවත්ව සිටින නිසා තරඟයෙන් ජයග්‍රහණය කළ නොහැකි අය බැහැර කරමින්, අපව තරඟකාරී කරයි; ඔවුන්ට උපකාර කිරීම සහ රැකවරණය ලබා දිය හැකි වන්නේ සාමූහික ප්‍රයත්නයෙන්, එනම් රජයෙන්,මිස පුණ්‍යකර්මයෙන් නොවන බව ප්‍රතික්ෂේප කරන තැනට අප පත්කරයි.
එය ස්වාධීන ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමෙන් අපව වලක්වයි.
එමගින්,අප ආහාර සුරක්ෂිතතාව ඇති කර අපගේ ජනතාව ඵලදායී ලෙස රැකියාවක නියැලෙනු ඇති වන පරිද්දෙන්, ස්වයංපෝෂිත භාවය ළඟා කර ගැනීම සඳහා අපගේම කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත සංවර්ධනය කිරීමෙන් එය අපව වළක්වයි.
ලෝක බැංකුව සහ ජාමූඅ වැනි ගෝලීය උතුරේ ගෝලීය ප්‍රාග්ධනයේ නියෝජිතයන්,ඔවුන් අප හා සම්බන්ධ වූ පළමු මොහොතේ සිටම, ස්වයංපෝෂිත ආර්ථිකයක් සංවර්ධනය කිරීම බැහැර කරමින් අපනයනය ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම මගින්, අපගේ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත සංවර්ධනය කිරීමට අපට බාධා කර ඇත.
එය, අවසානයේ ජනාන්දෝලකයන්, ජාතිවාදීන්, ආගම්වාදීන් අත ෆැසිස්ට්වාදයක් බිහිකරනු ඇති පරිද්ෙදන්, ජනකොටස් එකිනෙකාට විරුද්ධව සටනට කැඳවමින්, ෆැසිස්ට්වාදයට අත වනයි.
මූලික වශයෙන්, එය අපගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය අපෙන් උදුරා ගෙන ඇත.
එහෙයින්, නව ශ්‍රී ලංකාවක් සඳහා අපගේම වන නව දැක්මක්, නව ලිබරල්වාදයෙන් සුසමාදර්ශී වෙනසක්, ක්‍රම වෙනසක් අපට අවශ්‍යයි. අපගේ දැක්ම, අද ප්‍රභූන්ට සහ ව්‍යාපාරික පන්තියට සීමා වී ඇති සමානාත්මතාවය සහ නිදහස සියළු පුරවැසියන්ට ලබා ගැනීම යි.
සමාජීය අර්බුදය උග්‍රවෙයි
සාගතය, මන්දපෝෂණය,
අද, බොහෝ කුටුම්භයන් දිනකට එක් ආහාර වේලක් මත දිගටම ජීවත් වෙයි.සමහරුන්ට එයත් අහිමිය. ළමුන් අතර මන්දපෝෂණය වැඩි වී ඇති අතර ආහාර අනාරක්ෂිත භාවය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතියි. 2022 දී, වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළුණු අතර 2023 මාර්තු වන විට, මාස හයේ සිට මාස 59 දක්වා ළමුන්ගෙන් 19.8% ක් මන්දපෝෂණයේ උග්‍ර ස්වරූපය වන නාස්තියෙන් පීඩා විඳිති.
අස්වැසුම සැබෑ අස්වැසුමක් නොවේ!
සහනාධාර ලැබිය යුතු යැයි ආණ්ඩුව තක්සේරු කරන ජනයාට ඒ ද්‍රව්‍යමය සහනාධාර ෙවනුවට, උද්ධමනයට ( මුදලේ වටිනාකම අවප්‍රමාණවීම ) සහ මිල ඉහළ යෑමට යටත්වීෙමන් අගය පිරිෙහන, මූල්‍ය ආධාර දීම ජාමූඅසහ ලෝක බැංකුව කරන යෝජනාවයි.මෙලස සහනාධාරවල සැබෑ වටිනාකම අගය පිරිෙහළීමට සැළැස්වීම සහනාධාර අවම කිරීමට රජය විසින් දැනටමත් ෙගන ඇති එක මඟකි.
අපට ජාමූඅට යාමට කියන උපදේශකයන් වඩාත්ම අවදානමට ලක්වන පිරිස් ඉලක්ක කොට මූල්‍ය සහනාධාර දිය යුතුයැයි කීමේ සැබෑ අරුත ෙමයයි. දැනටමත් සොච්චමක සහනාධාර ලබන වඩාත්ම අවදානම් සහගත යැයි හඳුන්වන කාණ්ඩයේ සිටින අයට උද්ධමනය නිසා වටිනාකම දිනපතා හැකිෙලමින් තිබෙන රුපියල් වලින් තවත් සොච්චමක් එකතු කිරීමෙන් ඔවුන් නිරාහාරෙයන් සාගතයට ගොදුරුවීෙමන් වැළකිය නොහැකිය. සමෘද්ධිලාභීන් හෝ අස්වැසුම ලාභීන් සම්බන්ධෙයන්ද ෙමය එක සේ අදාළය.
පටු ඉලක්ක කරගත් අස්වැසුම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයෙන් රටේ දුප්පතුන් සහ අවිධිමත් කම්කරුවන් බොහෝ දෙනෙකු ඉවත් කර ඇති බව ප්‍රකාශ වී තිබේ. සුදුසුකම් සැක කළ නොහැකි සහ මීට පෙර සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවලට ඇතුළත් කර ඇති පුද්ගලයන් ක්‍රමානුකූලව ඉවත් කිරීම දිගටම නිරීක්ෂණය කරනු ලැබ ඇත. වැඩසටහනට ඇතුළත් නොවන අය සඳහා වන අභියාචනා ක්‍රියාවලිය ව්‍යාජ එකක් වන අතර පරිපාලනමය ප්‍රමාදයන්ගෙන් පීඩා විඳියි. වේදනාකාරී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයෙන් වඩාත් පීඩාවට පත් වූවන්ට ආරක්ෂිත දැලක් සැපයීමෙන් අස්වැසුම වැඩසටහන බොහෝ දුරස් ය. මෙම අයවැය මුදල් හුවමාරුව පදනම් කරගත් ඉලක්කගත සමාජ ආරක්ෂණය සඳහා ජාමූඅ විසින් නියම කරන ලද සමාජ ආරක්ෂණ “මහල” ට අඛණ්ඩව අනුකූල වන පරිදි,දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කොට ඇත්තේ සියයට 0.6ක් වැනි සොච්චමක් පමණි.
රැකියා අහිමි වෙයි, වැඩ කරන කාලය අඩු වෙයි, ආදායම් අඩු වෙයි, අහිමි වෙයි.වියදම් ඉහළ යයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 දී කරන ලද සමීක්ෂණයකට අනුව, කුටුම්භ සහිත පුද්ගලයින් සියයට 60.5 ක් තරම් ප්‍රමාණයකට ආර්ථික අර්බුදය බලපාන අතර ඔවුන්ගේ මාසික සාමාන්‍ය ආදායම අඩු වී ඇති අතර කුටුම්භවලින් සියයට 91.0 ක් ඔවුන්ගේ මාසික වියදම් මට්ටම්වල වැඩිවීමක් අත්විඳිති.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 99.1 ක් කියා සිටියේ මෙය ආහාර වියදම් ඉහළ යාම නිසා බවයි. ප්‍රවාහන වියදම් (සියයට 83), සෞඛ්‍ය වියදම් (සියයට 73.2) සහ අධ්‍යාපන වියදම් (සියයට 51.8) ද ඉහළ ගොස් ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්ත පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ ප්‍රධාන රැකියා වල වෙනස්කම් වලට මුහුණ දී ඇත. සියයට 47.3 ක් රැකියා විරාමයන් හෝ තාවකාලිකව නොපැමිණීම අත්විඳ ඇත. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 48 සහ 45.8 පිළිවෙළින් වැඩ කරන පැය ගණන අඩුවීම හෝ වැටුප් හෝ දීමනා කප්පාදු කිරීම සහ ආදායම් අහිමිවීම් අත්විඳ ඇත.

සමීක්ෂණය අතරතුර, බොහෝ කුටුම්භයන් ඔවුන්ගේ සාමාන්‍ය මාසික ආදායම පහත වැටීමට හේතු වූ විවිධ හේතු සඳහන් කළහ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 48.7 ප්‍රතිශතයක් ලෙස වාර්තා වන, වඩාත්ම නිතර වාර්තා වන හේතුව, කුටුම්භ ආදායම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් පෙන්නුම් කරන, වැඩ කරන පැය ගණන අඩු වීමයි.
වැඩ කරන කාන්තාවෝ ණය බර දරමින් සිටිති!
ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන කාන්තාවන්ට ශ්‍රම වේලාවන් අහිමි වීම නිසා ඔවුන් සේවය කරන කුඩා පරිමාණ ඇඟලුම් ව්‍යාපාර බොහෝමයක් දැඩි මූල්‍ය ගැටලුවලට මුහුණ දී ඇති බැවින් ඔවුන් නිවසට ගෙන යන ආදායමේ විශාල අඩුවකට මුහුණ දී තිබේ. මීට පෙර රු. 40,000 – 60,000 දැන් රු. 25,000 – 30,000 එය ඔවුන්ගේ මූලික වැටුප පමණි.
බොහෝ නාගරික කම්කරු පන්තියේ සහ රට පුරා දුප්පත් ප්‍රජාවන් 2020 මාර්තු මාසයේ පළමු COVID-19 අගුලු දැමීමේ සිට එකතු වූ උපයෝගිතා බිල්පත් සහ අනෙකුත් ණය ගෙවීමට අරගල කරමින් සිටිති.ටික කලකට පෙර ප්‍රකාශ කෙරුණු සංඛ්‍යා ලේඛන වලට අනුව ගාස්තු ගෙවා ගත නොහැකි වීම නිසා විදුලි සම්බන්ධතා මිලියනයක් සහ හැට දහසක් කපා හරින ලද බව වාර්ථා කෙරිණි. මෙම හිඟ මුදල් සමහර පවුල් සඳහා එතරම් ඉහළ අනුපාතවලින් යුක්ත වන අතර ඔවුන්ට එම ණය කිසිදා ගෙවීමට නොහැකි වේ. මෙය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම ගැන සඳහන් නොකලත්, එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට දැනටමත් අරගල කරන කුටුම්භ මත අසාමාන්‍ය බරක් පටවයි.
සෞඛ්‍ය සේවය අඩාලවීම මහජන සෞඛ්‍යය අවදානමට හෙළයි
ජනතාවගේ සෞඛ්‍යයට ඇති බලපෑම සම්බන්ධයෙන් කටයුතු කරන ලද සමීක්ෂණය පවසන්නේ විරැකියාවට හෝ අඩු ආදායම්වලට මුහුණ දෙන පුද්ගලයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝග නිවාරණ ප්‍රතිකාර වෙත ප්‍රවේශ වීමේදී සෞඛ්‍ය සේවයේ ප්‍රමාදයන් හෝ නොවැළැක්විය හැකි හිඩැස් හේතුවනේ බොහෝ විට අභියෝගවලට මුහුණ දීමට සිදු වෙයි.අත්‍යවශ්‍ය ඖෂධ සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කිරීම මගින්, මූල්‍ය බාධාවන් පෙර පැවති සෞඛ්‍ය තත්ත්වයන් උග්‍ර කළ හැකිය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ රෝගීන් අතරින් සියයට 35.1ක් ප්‍රතිකාර කරන ස්ථානය වෙනස් කර ඇති අතර සියයට 33.9ක් ඖෂධ භාවිතයට යොමු වී ඇත්තේ තම රෝගය අසාධ්‍ය තත්ත්වයට පත් වූ විට පමණි.
සිසු අධ්‍යාපනය කඩා වැටෙයි
2022 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සිසුන්ගෙන් සියයට 54.9 ක් පමණ අධ්‍යාපනය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද ආර්ථික අර්බුදයේ බලපෑම – 2023 පිළිබඳ නවතම ගෘහස්ථ සමීක්ෂණය අනාවරණය කරයි.
2023 නොවැම්බර් මාසය වන විට පාසල් හැර යන, වයස අවුරුදු 12 සහ 13 වයස් කාණ්ඩවල, ළමුන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවට පවුල් සෞඛ්‍ය කාර්යාංශය අනතුරු අඟවා තිබුණි.
ඉල්ලීම්
අපි බලකර ඉල්ලා සිටින්නේ:
අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය!
ආහාර සඳහා සහනාධාර!
නිවාස සඳහා සහනාධාර විදුලිය!
ආහාර පිසින ඉන්ධන සඳහා සහනාධාර!
විදුලි ගාස්තු වහා අඩු කරනු!
ජල ගාස්තු වහා අඩු කරනු!
පාසැල් දරුවන්ට ආහාර වේලක් වහා සපයනු!
බස් ගාස්තු අඩු කරනු! පාසැල් දරුවන්ට, උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට, වැඩිහිටියන්ට නොමිලේ මගී ප්‍රවාහන අයිතිය සපයනු! වැඩ කරන ජනයාට සහන මිලට මගී ප්‍රවාහන අයිතිය සපයනු!
ධන බදු පණවනු!
ජනතාවගේ යහපතට රජය වියදම් කළ යුතු මුදල්, රජයේ ණය සඳහා පොලී ආපසු ගෙවීමට යොදා ගැනීම නවතා, එම ණය අහෝසි කරනු!
අධ්‍යාපනය, සෞඛ්‍යය සහ පෝෂණය සුරක්ෂිත කිරීමට විශ්ව සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සකසනු !
නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය නඟා සිටුවනු!
දේශීය ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ආයෝජනයෙන් ආහාර සුරක්ෂිතතාව ඇති කරනු!
වත්මන් අර්බුදයට විසඳුම් සඳහා යෝජනා
ආණ්ඩුව සහ සමාජය අතර එකඟතාව විය යුත්තේ සියළු ජනයාට යහපත් ජීවන තත්වයක් පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට පවත්වා ෙගන යාමයි. එම ගිවිසුම ප්‍රකාර කටයුතු කිරීමට ආණ්ඩුවට බල කර සිටිය යුතුය.
රටක අර්බුදයෙන් මිදීමේ ප්‍රධාන මාර්ගය එහි ජනතාව වෙනුවෙන් ආයෝජනය කිරීම බව හඳුනා ගනිමු.
අපේම වන නව ආර්ථික මොඩලයක් නැතහොත් ආකෘතියක් හදාගැනීමට අපට අවශ්‍ය යි.
රටේ ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය මැදිහත්වීම මුල් කරගත් නව ආර්ථික වැඩ පිළිවෙළකට මාරු වෙමු!
වික්‍රමසිංහ-රාජපක්ෂ ආන්ඩුව අනුදත් ජනතා විරෝධී ආර්ථික ගමන් මග වෙනස් කරමු!
වත්මන් අර්බුදයට මූලික විසඳුම් අදියර තුනක් යටතේ කතා කළ හැකිය.හදිසි, සහ ෙකටි කාලීන, මධ්‍ය සහ දිගු කාලීන යනුෙවනි.
හදිසි මහජන සේවා, යැපුම් සහනාධාර ඇතුළු සමාජ වියදම් කප්පාදුව නවතනු !
ජාමූඅ විසින් තල්ලු කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා සමාජ වියදම් මත කෙරෙන කප්පාදුව වහා නවතනු!
අපේ සමාජයේ පොදු යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය රාජ්‍ය අංශය නඩත්තු කිරීම ප්‍රමුඛතාව ලබා දෙමින් ඒ අංශ සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කරමින්, රජයේ ආයෝජන වහා වැඩි කරනු!
අයහපත් ආර්ථික ප්‍රතිපත්ති සහ බලයේ සිටින අයගේ පාලනය හේතුවෙන් විදේශ ණය ගෙවීමට, වඩාත්ම අවදානමට ලක්විය හැකි අයගෙන් මුදල් ලබා ගැනීම වහා නවතනු!
ජනතාවට සහන සළසන ආර්ථික වැඩ පිළිවෙලක් වහා ක්‍රියාවට නංවනු!
සැමට දෙන මහජන සහනාධාර මගින් ආහාර අනාරක්ෂිත භාවය ආමන්ත්‍රණය කරනු.
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන විසින් පටවන ලද වියගසේ බර යටතේ සෑම දිනකම දිවි ගලවා ගැනීමට අරගල කරන මේ රටේ වැඩ කරන ජනතාව එම බරින් වහා මුදවාලීමට කැප වෙනු.
කාන්තා විරෝධී සහ වැඩ කරන ජනතාවට එරෙහි සහ විශ්‍රාමික විරෝධී ආර්ථික ප්‍රතිපත්ති හකුළනු.
ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ රැකියා කරන කාන්තාවන් සහ ළමයින් වන හෙයින් වහා ඔවුන් ඉලක්ක කොට සහන ලබා දිය යුතුය.
විශ්‍රාම යන වයසේ සිටින සෑම කෙනෙකුටම ආහාර, නවාතැන් සහ ඖෂධ සැපයීම සමඟ සුවපහසු ජීවිතයක් සහතික කරන විශ්‍රාම ගෙවීමක් සහතික කළ යුතුය.
යැපෙන්නන් රැකබලා ගත යුතු කාන්තාවන්ට සුබසාධන ස්වරූපයෙන් රාජ්‍ය සහාය තිබිය යුතුය.
(අ)ආහාර අහේනිය මන්ද පෝෂණය
වැඩ කරන ජනතාව සහ දුප්පතුන් සාගතයෙන් මුදවා ගනිමු!
අස්වැසුම ජනයා සාගතයෙන් මුදවන්නට ප්‍රමාණවත් නොවේ!
පහේ කොලේ ඡන්ද අල්ලස් වන ඊනියා අස්වැසුම් වෙනුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහනාධාර මල්ලක් අවශ්‍ය සියළු දෙනාටම සපයනු!
ආහාර, මහජන සෞඛ්‍ය සේවාව, රාජ්‍ය අංශයේ අධ්‍යාපනය, සහ සමාජ ආරක්ෂණය සුරකිනු!
මෙම සේවා විශ්වීය සහනාධාර ෙලස සළකා අවශ්‍ය සියල්ලන්ට ලබා දිය යුතුය. ඒවා කප්පාදු කිරීම ආපසු හැරවිය යුතුය.
කිසිවෙකු කුසගින්නේ නොසිටින ලෙස විශ්වීය සමාජ ආරක්ෂණයක් , සුබසාධන ආහාර යෝජනා ක්‍රමයක් වහා ක්‍රියාවට නංවනු.
දිෙනන් දින වැඩිවන භාණ්ඩ මිලට මුහුණ දිය හැකි වන පරිද්දෙන් ජීවන වියදම් දර්ශකයක් මත පදනම්ව සේවක වැටුප් ප්‍රමාණවත් පරිදි නිතිපතා වැඩි කළ යුතුය.
එසේ නොකරන්නේ නම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සහනාධාර මල්ලක් සියල්ලන්ටම සැපයිය යුතුය. විශේෂෙයන්ම, අවම පෝෂණ මට්ටමක් සඳහා අත්‍යවශ්‍ය පරිප්පු වැනි ආහාර වෙළඳ පොළේ අධික මිලට නොව සහනාධාර මිලකට සියලු අවශ්‍ය අයට සැපයිය යුතුය.
සැමට සහල්, පරිප්පු, සීනි, අල, කිරිපිටි, හාල්මැස්සන්, කරවල වැනි අත්‍යවශ්‍ය ආහාර සහනාධාරයක් සළාක ක්‍රමයක් මගින් වහා සපයනු!
සෑම සතියකම සහල්, ඇට වර්ග, එළවළු, පළතුරු, කිරි, බිත්තර නිශ්චිත ප්‍රමාණයක් ගෘහාශ්‍රිතව සහතික කළ යුතු අතර මෙමගින් උද්ධමනය නොසලකා පෝෂණ අවශ්‍යතා සපුරාලීමට හැකි වේ.
මහජනයාට ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය. එසේ නොවුව හොත් ෙවෙළන්දෝ භාණ්ඩ ගොඩ ගසා ගනිති. මිළ සිත්සේ ඉහළ නංවති.

රාජ්‍ය ආනයන සහ බෙදාහැරීමේ ආයතන පද්ධතියක් යළි ස්ථාපිත කළ යුතුය. ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සාධාරණව බෙදාහැරීම සහතික කිරීමට,1970 සමයේ අපට තිබුණු සමුපකාර පද්ධතිය, වී අලෙවි මංඩලය, සතොස,ආහාර කොමසාරිස් ෙදපාර්තමේන්තුව, රාජ්‍ය වෙළඳ නීතිගත සංස්ථාව වැනි ආයතන දේශපාලනයෙන් මුදවා, ජනයාගේ සාමුහික පාලනයට යටත් කොට නැවත පණ ගන්වා, බලගැන්විය යුතුය.
සෑම පාසලකම ආහාර වැඩසටහන් හරහා දරුවන්ගේ පෝෂණ මට්ටම් ඉලක්ක කර ගත හැක.
ආහාර නොවන වියදම් සඳහා මුදල් හුවමාරු ආකාරයෙන් මසකට එක් නිවසකට අවම වශයෙන් ප්‍රමාණවත් වැඩිවන මිලට සරිලන ලෙස වෙනස් කරන මූල්‍ය දීමනාවක් ලබා දිය යුතුය.
උපයෝගිතා ගාස්තු ඉහළ දැමීම නිසා ලක්ෂ සංඛ්‍යාත නිවාසවලට ඉන්ධන, විදුලිය සහ ජලය ලබා ගැනීමට නොහැකි වී ඇති හෙයින් උපයෝගිතා බිල්පත්වල පෙරනිමි අවලංගු කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු ය.
අධික ලෙස ඉහල දමා ඇති විදුලි බලය මිල සඳහා අවශ්‍ය සියළු ෙදනට සහනාධාර සැපයිය යුතුය.
බස් ගාස්තු අඩු කරනු! වැඩ කරන ජනයාට සහන මිලට මගී ප්‍රවාහන අයිතිය සපයනු!
පාසැල් සිසුන්ට පාසැල් යාමට වාර ප්‍රවේශ පත්‍ර නොමිලේ නිකුත් කරනු!
උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට, වැඩිහිටියන්ට නොමිලේ මගී ප්‍රවාහන අයිතිය සපයනු!
(ආ)සෞඛ්‍ය
අවශ්‍ය සෑම කෙනෙකුටම නොමිලේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව තිබිය යුතුයි.
රජයේ රෝහල්වල අවශ්‍ය සියළු බෙහෙත් සහ ප්‍රතිකාර, සහ වෛද්‍ය පරීක්ෂණ පහසුකම් නොමිලේ සපයනු!
දක්ෂ වෛද්‍ය වෘත්තිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින අර්බුදය විසඳීමට ඔවුන් රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීමට සහය දැක්වීමට සහ සහතික කිරීමට ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් කළ යුතුය.
දිවයිනේ රජයේ රෝහල් 40 ක් වසා දමා ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් තවත් 100 ක් වසා දැමීමට ආසන්නව ඇති බව ප්‍රකාශ වී තිබේ.
මෙම තත්ත්වය වහා ආපසු හැරවීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරනු! වසා ඇති රෝහල් විවෘතකරනු! ඉදිරියේදී වැසෙන්නට නියමිත රෝහල් එම තත්ත්වයෙන් මුදවාලනු!
(ඇ)අධ්‍යාපනය
පාසැල් සිසුන්ට ආහාර
දැනට රජයෙන් දිවා ආහාරය ලබා දෙන්නේ තෝරාගත් ප්‍රාථමික පාසල් කිහිපයක පමණි. ඉතා දුෂ්කර හා දුප්පත් ස්ථාන ඇතුළුව ප්‍රාථමික පාසල් විශාල සංඛ්‍යාවක් දවල් ආහාර වැඩසටහන සඳහා රජයේ ආධාර නොමැතිව ඉතිරිව සිටිති. දෛනිකව පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට එක් ආහාර වේලකට වෙන් කරන මුදල ප්‍රමාණවත් නොවේ. තවද, ද්විතීයික පාසල්වල සිසුන්ට සාමාන්‍ය පෙළට පැමිණීමට පෙර සිසුන් පාසැල් හැර යාමේ අවස්ථා වැඩි කිරීමට ඔවුන්ට ආහාර සැපයීමේ ප්‍රතිපත්තියක් නොමැත.
ඒ වෙනුවට රජය විසින් සෞඛ්‍යයට නොමිලේ ප්‍රවේශය ඇති රටක ගැටලුකාරී සහ අනවශ්‍ය සුරක්ෂා සෞඛ්‍ය ප්‍රතිපත්ති යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කිරීම නවතා ලිය යුතු ය. ඒ මුදල් සියලුම පාසල්වල විශ්වීය දවල් ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින හදිසි අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාවයක් ලෙස යොමු කළ යුතුය.
පාසැල් දරුවන්ට ප්‍රමාණවත් නිල ඇඳුම්, සපත්තු, ලිපි ද්‍රව්‍ය නොමිළේ සපයනු!
(ඈ) බදු
විදුලිය, ඉන්ධන, වතුර වැනි අත්‍යවශ්‍ය භාංඩ මත පනවා ඇති රාජ්‍ය බදු ඉවත් කරනු!
වක්‍ර බදු ඉවත් කරනු! සෑම පාරිභෝගිකයෙකුටම පහර දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත පනවා ඇති වැට් බදු ඇතුළු සියළු බදු අහෝසි කරනු!
නැතහොත් ජනතාවට දරා ගතහැකි මට්ටමකට අඩු කරනු!
වක්‍ර බදු හරහා ආදායම් වැඩිකර ගැනීමටත්, එමගින් දුප්පතුන් මත බර වැඩි කිරීමටත් රනිල්-රාජපක්ෂ-නන්දලාල් ඇතුළු නව ලිබරල් සට්ටැඹියන් ගේ රෙජිමය ගත් පියවර වහා හකුලනු!
රජය තවමත් ධන බද්දක් ප්‍රකාශයට පත් කර නොමැති බැවින් ධනවතුන්ට ධනය රැස් කිරීමට, ආරක්ෂා කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අවසර ඇත.
ධනවතුන් මත ධන බදු, වත්කම් බදු පණවනු!
ෙමය තව තවත් බදු බර ජනතාව මත පැණවීමට අවස්ථාව නොවේ. වැඩි කළ අගය එකතු කළ බද්ද ( වැට්, VAT)ඉවත් කොට ඒ ෙවනුවට ධනය ප්‍රතිව්‍යාප්තිය සඳහා, සමුච්ඡායනය – නැතහොත් දිගු කලක් තිස්සේ ඒකරාශී කරගත් ආදායම් සහ වත්කම් සඳහා ධන බදු පැණවිය යුතුය. 2වැනි 3වැනි යනාදී නිවාස සහ වාහන අයිතියට බදු පැණවිය යුතුය.
සමාගම් බදු වැඩි කරනු!
ප්‍රාග්ධන ලාභ බදු වැනි සියලුම ප්‍රගතිශීලී බදු සියයට 25 කින් වැඩි කරනු!
විදුලි බල සැපයුම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ධනහිමියන්ගෙන් සාමාන්‍ය ජනතාව ෙගවනවා ෙමන් ෙදගුණ ෙතගුණ ප්‍රමාණයක් අයකර ගත යුතුය.
(ඈ) පෞද්ගලීකරණය
රාජ්‍ය අංශයේ ආයතන සහ සම්පත් ගජ මිතුරන්ට කුණු කොල්ලයට විකිණීම අරමුණු කරගත් ඊනියා පෞද්ගලීකරණය වැඩ පිළිවෙළ වහා නවතා දමනු!
පෞද්ගලීකරණයට සැරසෙන රාජ්‍ය අංශයේ ආයතන ඒවායේ සේවකයන්ගේ සාමුහික පාලනයට පවරනු!
දැනටමත් එසේ පෞද්ගලික අංශයට පවරා ඇති රාජ්‍ය සම්පත් යළි රජයට පවරා ගෙන ඒවා සමුපකාර ක්‍රමය යටතේ සේවක අයිතියට පවරා ඔවුනට එහි හිමිකාරිත්වය සහ කළමානකාරීත්වය පවරනු!
2. කෙටි කාලීන
පොදුවේ ගත් කළ, මූලික වශයෙන් ආහාර සහ ජීවන සුරක්ෂිතතාව නඟා සිටුවීමට මං සොයා ගත යුතු ය.
ඒ සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ – ආහාර, ඖෂධ, ඉන්ධණ, ගෑස් යනාදියට ප්‍රමුඛතාව ෙදමින් රජය වගකීම ගනිමින් ආනයන ප්‍රමුඛතා ගතකළ යුතුය.
අඩු මිල යෙදවුම් මත ගොඩනගන කෘෂිකර්මයකට මාරුවීමට පදනම දැමිය යුතු ය.
ෙදවනුව, කෘෂිකර්මය සහ දේශීය කර්මාන්ත නඟා සිටුවීමට අවශ්‍ය අතරමැදි භාණ්ඩ – ෙපහොර, නිෂ්පාදනය සඳහා ෙමවලම්, උපකරණ, උපාංග, ආනයනයට තැන ලැබිය යුතුය.
ඊට අමතරව,
ආණ්ඩුව, දේශීය නිෂ්පාදකයන්ට ද සහනාධාර සැපයිය යුතුය.
3.මධ්‍ය කාලීන
(අ) ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නීති හඳුන්වා දීමට රජය අව්‍යාජව කැප විය යුතුය.
ආර්ථික අර්බුදය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව වැඩි වීම කෙරෙහි අවධානය යොමු කොට පිළියම් යෙදීමට ප්‍රතිපාදන වෙන් කළ යුතුය.
(ආ) ග්‍රාමීය නවජීවනය උදාකරගැනීම
ස්වයංපෝෂිතභාවය අත්පත් කරගැනීම ඉලක්ක කළ යුතුය. ග්‍රාමීය කෘෂිකර්මය සහ කිරි නිෂ්පාදනය, ධීවර කර්මාන්තය වැනි ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයන් මගින් ආහාර ස්වයංපෝෂිතභාවය අත්පත් කර ගැනීම සහ එමගින්, රැකියා උත්පාදනය සහ ජීවනෝපාය සහතික කරගැනීම ඉලක්ක කළ යුතුය.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන සහ පරිසර හිතකාමී සහ ධරණීය කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්ත සංවර්ධන වැඩ පිළිවෙළකට වහා අවතීර්ණ විය යුතුය.
ඒ මත පදනම්ව දිගුකාලීන කෘෂි සහ ධීවර කර්මාන්ත සංවර්ධනයට අප යොමු විය යුතුය.
කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර
ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් තම ජීවනෝපාය සඳහා යැපෙන කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයට රජයේ සහන ලබා දිය යුතුය.
ඒ සඳහා කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදකයන් ගේ සමුපකාර පිහිටුවීමට කටයුතු කළ යුතුය. ඒ හරහා, ගොවියන්ට, ධීවරයන්ට නොමිළේ සහ/ හෝ සහන මිලට බීජ, ආම්පන්න, යන්ත්‍ර සූත්‍ර සැපයිය යුතුය.
විදේශ සමාගම් සහ පුද්ගලයන් ලංකා මුහුදු අවකාශය තුළ මසුන් ඇල්ලීම වහා තහනම් කොට ඒ කටයුත්තට ධීවර කාර්මික සමුපකාර සංගම් යෙදවිය යුතුය.
කෘෂිකාර්මික ඉඩම් ප්‍රතිසංස්කරණය
මිනිසුන්ගේ ජීවනෝපාය සඳහා සැලකිය යුතු ආයෝජනයක් නොමැතිව එහි පුරවැසියන් මත බර වැඩි කිරීම,ඉඩම් අන්සතු කිරීම වේගවත් කිරීමේ සහ කෘෂිකාර්මික අංශය අත්පත් කර ගැනීමට විශාල සමාගම්වලට ඉඩ දීමේ බරපතල අවදානමකට ඔවුන් නිරාවරණය කරයි. කෘෂිකාර්මික ඉඩම් ප්‍රතිසංස්කරණය සඳහා වන රජයේ අයවැය යෝජනා එවැනි ප්‍රතිඵලයක් ලබා දීමේ චේතනාන්විතය බව පෙනේ.
අයවැයේ සඳහන් ‘උරුමය’ වැඩසටහන මඟින් කුඩා ගොවීන් ලක්ෂ 20කට විකිණිය හැකි ඉඩම් ලබා දෙන බව සඳහන් වේ. ඉඩම් හිමිකම් සහ ගොවීන්ගේ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් අනතුරු අඟවා ඇති පරිදි, යටින් පවතින උපාය මාර්ගය වන්නේ දැනටමත් ණය වී සිටින කුඩා ගොවීන් ඔවුන්ගේ ඉඩම්වලින් නෙරපා හැරීමයි.
අවසානයේ ණයට හේතු වන ඉඩම් අහිමි කිරීම සමාජයේ සෑම අංශයකටම සහ රටට ආපසු හැරවිය නොහැකි දිගු කාලීන බලපෑම් සමඟ ආහාර අනාරක්ෂිත භාවය උග්‍ර කරනු ඇත.අවශ්‍ය වන්නේ කුඩා ගොවීන්ට කෘෂිකර්මාන්තයේ රැඳී සිටීම සඳහා තිරසාර සහයෝගයක් දීම යි.
වතුකරයට ජන හිතකාමී ඉඩම් ප්‍රතිසංස්කරණයක්

වතුකරයේ නිවාස සහ ඉඩම් අහිමි ජනයාට වගාව සඳහා සහ නිවාස සඳහා ඉඩම් අයිතිය පවරා දෙන ඉඩම් ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරිම වහා කළ යුතුය.
වතුකම්කරු පවුල් සඳහා ස්වාධීන නිවාස ඉදිකර දිය යුතුය.
ඔවුන් ස්වාධීන තේ, රබර් නිෂ්පාදකයන් බවට පත්කරමින් නිෂ්පාදකයන්ගේ සමුපකාර වටා ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කළ යුතුය.
සත්ව සුභසාධනය සහ වනාන්තර සුරැකීම
සත්ව සුභසාධන පනතක් ක්‍රියාත්මක කර සත්ව අයිතීන් සුරැකීම ට රජය කැප විය යුතුය.
අහෝසි කරන ලද 2001/05 චක්‍රලේඛය යලි පණගන්වා අවශේෂ වනාන්තර ආරක්ෂා කිරීම ට රජය කැප විය යුතු ය.
(ඇ)නිදහස් අධ්‍යාපනය සුරැකීම
ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතවල සහ අධ්‍යාපන ජයග්‍රහණවල ආපසු හැරවිය නොහැකි පරිහානියක සැබෑ අනතුරක් පවතින අතර එය ඉදිරි පරම්පරාවන්ට සහ සමස්ත සමාජයට බලපානු ඇත.
පාසල් යන වයසේ කිසිම දරුවකු අත්හැර නොදමන නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතු අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ඇති ඕනෑම අයෙකුට ඉඩ කඩ තිබිය යුතුය.
අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම සඳහා ගෙන ගිය ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැළකිල්ලට ගෙන අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය කෙරේ රාජ්‍ය මැදිහත්වීම ශක්තිමත් කිරීම.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටීමේ අද්දර පවතින අතර, නව විශ්වවිද්‍යාල හඳුන්වාදීම, පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගැනීම එය තව දුර තීව්ර කිරීම අරමුණු කරයි. අධ්‍යාපනය සඳහා අඩුම මහජන මුදල් වැය කරමින්,රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ස්වයංපෝෂිත වන ලෙස බලපෑම් කරන අතරම ඒවා බඳවා ගැනීම වැඩි කරන ලෙස ඉල්ලා සිටීම රටේ නිදහස් උසස් අධ්‍යාපනය කඩා වැටීමට හේතු වේ.
සිසුන් සඳහා ණය යෝජනා ක්‍රම දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව නව පරපුරේ උගත් තරුණ පරපුර අතර ණයගැතිභාවයක් ඇති කිරීමටත්, ගෘහ ණය බර වැඩි කිරීමටත් හේතු වනු ඇත. විසඳුම වන්නේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියට ප්‍රමාණවත් සම්පත් සැපයීමෙන් තරුණ පරම්පරාවට ජීවන අවස්ථා තහවුරු කිරීම යි.
3. දිගුකාලීන
(අ) ආර්ථිකයේ වත්මන් ව්‍යුහාත්මක සැකැස්ම ෙවනස් කිරීම
( බලන්න, ජී.වී.ඇස් ද සිල්වා, ආර්ථික සංවර්ධනය පිළිබඳ මිසදිටු මත කිහිපයක්.)
ගෝලීය ආර්ථිකය සමඟ අප සම්බන්ධවිය යුතු ආකාරය අප නැවත සළකා බැලිය යුතු ය. අපගේ ආර්ථිකය දැන් පදනම්ව ඇත්තේ බාල ශ්‍රමය සොයමින් රටින් රටට දුවන සහ තමන්ගෙන් පිටතට කාර්මිකකරණය ව්‍යාප්තියට දායකත්වයක් නොසපයන ඇඟළුම් කර්මාන්තය සහ භාහිර අර්බුද හමුවේ දැඩිව උච්ඡාවචනය වන සංචාරක කර්මාන්තය මත ය. අප සංචාරක කර්මාන්තය මත යැපීම වත්මන් ණය අර්බුදයට හේතුවකි.
අප කෘෂිකර්මයට දිශානති ගත වූ කර්මාන්ත නඟා සිටුවිය යුතු ය. ඒවා කෘෂිකාර්මික නිෂ්පාදන වලට අගය එකතු කරන ඒවා විය හැකිය.
අප අභ්‍යන්තර සහ අපනයන වෙළඳ පොළට නිෂ්පාදනය කරන දේශීය කර්මාන්ත නඟා සිටුවීමට යොමු විය යුතු ය.
ලාංකේය ජනයා විසින් සම්ප්‍රධායානුකූලව කරමින් සිට ඇති කර්මාන්ත හඳුනාෙගන ඒවා නඟා සිටුවිය යුතුය.
ආනයන ආදේශන දේශීය කර්මාන්ත ක්ෂේත්‍ර ප්‍රමුඛතා පිළිවෙළක් මත හඳුනාගෙන, ඒවා දිරිගැන්වීමට බැංකු මගින් අඩු පොලී ණය සැපයීම සහතික කළ යුතුය. අදාළ කර්මාන්ත නිශ්පාදනය දිරිගන්වන ආනයන බදු සහ සීමා පැණවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය සියළු සහනාධාර ආණ්ඩුවෙන් ලබා දිය යුතුය.
අනුකලනීය පාරිසරික- කෘෂිකර්මය වෙත හැරීමෙන් සහ ගොවි සමුපකාර ජාලයක් ගොඩ නැගීමෙන් ශ්‍රීලංකාවේ කෘෂිකාර්මික අර්බුදය විසඳාගැනීමට ඇති ඉඩ කඩ කෙරෙහි යොමු විය යුතු ය.එමගින් කෙරෙන්නේ 1960 ගණන්වල හදුන්වා දුන් කෘෂිකර්මයේ හරිත විප්ලවය ආපසු හැරවීමකි. ( බලන්න, සුමනසිරි ලියනගේ ගේ ලිපි ලේඛණ.)
(ආ) ස්වාධීන ආර්ථික සංවර්ධන මාවතකට අවතීර්ණ වීම සඳහා මූලික කරුණු
( මූලාශ්‍රය: ෙද්වක ගුණවර්ධන, Sri Lanka and the crisis of the 2020s: Rethinking the development model, 9 January 2024, Daily Financial Times. )
නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයෙන් බැහරව ස්වාධීන ආර්ථික සංවර්ධන මාවතකට අවතීර්ණ වීමට නම් අප මුල් කොට ගත යුත්තේ, පළමුකොටම ස්වයංපෝෂිත වීමේ මූලධර්මය යි.
එයට ආරම්භයක් ලෙස, ආදායම් ප්‍රතිව්‍යාප්තිය සහ පොදු බෙදාහැරීමේ පද්ධතියක් සඳහා අරමුදල් සැපයීම මත පදනම් වූ ක්ෂණික සහන වැඩසටහනකට අප අවතීර්ණ විය යුතුය.
රටේ වැඩකරන ජනතාවගේ මූලික පැවැත්ම තහවුරු කිරීම එහි අරමුණ යි.
දෙවන ලෝක සංග්‍රාමයේ සිට 1970 ගණන්වල අග භාගයේ ආර්ථික ලිබරල්කරණය දක්වා ජනතාව දිරි ගැන්වූ ඓතිහාසික ආහාර සහනාධාරය අනුව අලුත් කරන ලද පොදු බෙදාහැරීමේ පද්ධතියක් අප යළි වර්ධනය කළ යුතුය.
සමාජ අවශ්‍යතා සපුරාලීමේ අරමුණට ආර්ථික වර්ධනය සැළසුම් කළ යුතුය.
ග්‍රාමීය ප්‍රදේශවල ආදායම් උත්පාදනය කිරීමේ සාර්ව උත්තේජක ප්‍රතිපත්තියක් මඟින් සංවර්ධන බැංකු ජාලයක් හරහා විදේශ විනිමය උපයන කර්මාන්තවල ආයෝජන ශක්තිමත් කිරීම සඳහා ඇපකරයක් වන දේශීය ඉතුරුම් ජනනය කළ හැකිය.
ප්‍රවීණයන් සහ ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය මැදිහත්වීම් තුළින් මෙම කර්මාන්ත හඳුනා ගත හැකි අතර, පහත සඳහන් ප්‍රධාන නිර්ණායක මත පදනම්ව රාජ්‍ය ආයෝජන සඳහා අවස්ථා හඳුනා ගත හැකිය:
1)රටෙන් පිටත ද්‍රව්‍ය ලබා ගැනීමේ උපායමාර්ගික අවදානම් මට්ටම (නිෂ්පාදන ප්‍රත්‍යස්ථතාව ඇතුළුව)
2) දිගුකාලීන ආයෝජන අවස්ථා (තාක්ෂණික නවෝත්පාදන සඳහා විෂය පථය ඇතුළුව)
3) සමාජ සම්බන්ධතා, හෝ කුටුම්භ, සමුපකාර හෝ සමාගම් නිෂ්පාදනයට සම්බන්ධ වන මට්ටම සහ ස්ත්‍රී පුරුෂ භාවය, කුලය, යනාදී භූමිකාවන් පරිවර්තනය කිරීමට කැපවී සිටින සහයෝගීතාවයේ පුළුල් ආචාර ධර්ම වර්ධනය කිරීම සඳහා වන ප්‍රතිවිපාක, සහ
4) අපනයන වෙලඳපොලට ඇතුල් වීමට ඇති බාධක.
අනෙකුත් දිළිඳු රටවල් සමඟ කඩිමුඩියේ තරඟකාරී ලෙස අපනයන නිෂ්පාදනය කිරීම සඳහා වැටුප් මර්දනය කෙරෙහි අවධානය යොමු කරන ලද ප්‍රතිපත්තියක්, නව ආර්ථික පුනර්ජීවනයක් සඳහා ආරම්භයක් නොවේ.
ඒ වෙනුවට, නිෂ්පාදනයට අවශ්‍ය අතරමැදි භාණ්ඩ වැනි ආනයනවලට ප්‍රමුඛත්වය දීමෙන්, ශ්‍රී ලංකාවේ වෙළෙඳ සබඳතාවල ස්වභාවය පිළිබඳව, විශේෂයෙන් නිෂ්පාදන පරිභෝජනයේ ප්‍රයෝජනය පිළිබඳ වඩාත් විවේචනාත්මක ආකාරයකින් සිතීම අවශ්‍ය වේ.
නිදසුනක් වශයෙන්, ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිත වීම සඳහා, ලෝකයේ නොඑසේ නම්, නගරයේ පුරුදු හා ජීවන රටාවන්ට වඩා නැඹුරු යැයි කියනු ලබන තරුණයින්ගේ අභිලාෂයන් යටපත් කිරීම අවශ්‍ය නොවේ.
ඉතුරුම් සහ ආයෝජන අතර සම්බන්ධය ගත් කළ, ශ්‍රී ලංකාවේ ආර්ථික සංස්ථාපිතයේ උපරිම උත්සාහය තිබියදීත්, මෙම සබඳතාව තවදුරටත් වෙළඳපොළට යටත් කළ නොහැකි ය.
ඇත්ත වශයෙන්ම වත්මන් අර්බුදය, විශාල පරිමානයෙන් බලහත්කාරයෙන් අන් සතු කිරීම මගින් සමුච්චායනය කිරීමේ නව වටයක් යුක්ති සහගත කිරීම සඳහා යොදා ගන්නා බව පෙනේ. වැටුප් මර්දනය සහ රාජ්‍ය වත්කම් කුණු කොල්ලයට විකිණීම ඊට ඇතුළත් ය.
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවගේ හදිසි අවශ්‍යතා තෘප්තිමත් කළ හැකි ඵලදායී ව්‍යාපාර සඳහා ක්‍රියාකාරී ආයෝජනය නව ආර්ථික වැඩ පිළිවෙළක අරමුණ විය යුතුය. ඒ කෙරෙහි අවධානය යොමු කරන ලද සංවර්ධන ආකෘතියක් ලෙස හඳුන්වන දෙය සාමූහික විවාදයේ හදිසි කාර්යයක් බවට පත් කළ යුතුය.
දේශපාලන ප්‍රතිසංස්කරණ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ ඇති කරන ලද සංවරණ තුලන තත්ත්වය අහෝසි කොට ඇති කරන ලද 20 වන සංශෝධනය යටතේ නිර්මාණය වන අධික බලතල සහිත විධායක ජනාධිපති තනතුර අත්තනෝමතිකභාවයකට මග පෑදූ අතර මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ රජයේ අවිචාරවත් තීන්දු තීරණ රට අරාජිකත්වයට ගෙන ගියේය.
1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ විධායක ජනාධිපතිධූරය ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් කර ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියේ වලංගු භාවය අහෝසි කොට ඇත. ආර්ථික අර්බුදය හමුවේ දැඩි සර්වාධිකාරී සහ මර්ධනීය පාලනයක් සහ ඒ යටතේ ජනතා විරෝධී අති දක්ෂිණාංශික වැඩපිළිවෙලක් දියත් කිරීමට වර්තමාන ජනාධිපතිවරයා මෙම තනතුර මෙහෙයවමින් තිබේ.
එමනිසා, පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගකියන විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් සහ අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීම සඳහා වන දශක ගණනාවක ජනතා ඉල්ලීම සැළකිල්ලට ගෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සහ පුරවැසි ජනතා බලය ශක්තිමත් වන පරිදි ප්‍රාරම්භනය සහ යළි කැඳවීම සඳහා ශක්තිමත් විධිවිධාන ඇතුළත් කළ යුතු ය.
ජනතාව තීරණාත්මක පාලක පංති වෙනසක් කිරිම සඳහා ආණ්ඩු වෙනසක් කිරීමට මැතිවරණ අපේක්ෂාවෙන් සිටින මොහොතක මැතිවරණ කල් දැමීමට වත්මන් පාලනයට අවකාශ සලසන පරිද්දෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් නොකළ යුතු යැයි අපි විශ්වාස කරමු. ඒ වෙනුවට, දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා ඉදිරිපත් කළ යුත්තේ මැතිවරණ පැවැත්වීමෙන් පසු බලයට එන නව ආණ්ඩුවක් වෙත බව අපේ අදහස යි.එහිදී අතිශයින් වැදගත් වන සුවිශේෂ යෝජනාවක් අපි පහත සටහන් කොට තබන්නෙමු.
අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම සඳහා වන යෝජනාව
( පහත කොටස සඳහා අදහස් උපුටා ගන්නා ලද්දේ (2016) ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වූ මහජන අදහස් විමසීමේ කමිටු වාර්ථාවෙනි. මෙම නව දේශපාලන ව්‍යුහය සංකල්පගත කිරීමට අදාළ අදහස් කමිටුවට යොමු කළේ මහාචාර්ය හේ.ශ්‍රියානන්ද ය.)
අප යෝජනා කරන මූලික ව්‍යවස්ථා සංශෝධනයන්හි වැදගත්ම අංගයක් විය යුතු අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම සඳහා වන පහත සඳහන් යෝජනාවයි. ඡන්ද දායකයන්ට වගවීමට වත්මන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසමත් වීමේ ගැටලුව මේ මගින් සාර්ථක ලෙස විසඳෙනු ඇත.
පුරවැසියන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ශක්තිමත් වන පරිදි නියෝජිතයන් පත් කිරීම පහළ තලයේ සිට ඉහළ තලය දක්වා ක්‍රියාත්මක වන මැතිවරණ යාන්ත්‍රණයක් ඇති කළ යුතු ය.
සෘජු සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කරන,ප්‍රාදේශීය මට්ටමේ පුරවැසියන්ට ජාතික මට්ටමේ දේශපාලනයේ සෘජු හා ක්‍රියාකාරී කාර්ය භාරයක් ඉටු කළ හැකි දේශපාලන ව්‍යුහයක් සංකල්පගත කළ යුතුය.
රජයේ සියලු මට්ටම්වලට පත් වූ නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය සහිතව ඒ මගින් ප්‍රජාතාන්ත්‍රීය තංහචි හා වැලකුම් සංවරණ සහතුලන ක්‍රියාත්මක වනු ඇත. එය ජාතික මට්ටම දක්වා ඉහළට යන මණ්ඩල මාලාවකට නියෝජිතයන් පත් කෙරෙන ක්‍රමයක් බැවින් පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය තහවුරු කෙරෙන සන්ධාන මණ්ඩල මණ්ඩල පද්ධතියකි. ජාතික මට්ටමේ විවිධ සමාජ ප්‍රවර්ගවල නි යෝජනය ද මෙයින් සහතික කෙරේ. එය, ජාතික මට්ටමේ දේශපාලනයේ දී පොදු යහපත ගැන සාකච්ඡා කෙරෙන, නගර/ගම් මට්ටමේ පුරවැසියන්ට වැඩිපුර සහභාගී වීමට ඉඩ සලසන, මධ්‍යම/පළාත් ප්‍රාදේශීය ආදි විවිධ ස්තර සම්බන්ධ කරන, පාලන ව්‍යුහයකි. මෙහි ප්‍රධාන නිර්ණායක වන්නේ “ආපසු කැඳවීමේ අයිතිය“ සහ හා කුඩාසහ හා හසුරුවා ගත හැකි ආයතනයි.
ඡන්ද කොට්ඨාසය ඉතා කුඩාවට තබා ගැනීමෙන් (100 දෙනෙක් පමණ) නියෝජිතයා ආපසු කැඳවීම පහසුවන අතර මෙසේ පත් කර ගන්නා මණ්ඩල ද කුඩාවට තබා ගැනීමෙන් (නියෝජිතයන් 100කට නොවැඩි) ඔවුන් අතර අර්ථාන්විත අන්තර් ක්‍රියාකාරීත්වයක් ගැන සහතික විය හැකි වේ. මෙහි දී අපේක්ෂා කරන්නේ ඡන්දදායකයන් 100ක් පමණ ඇති ‘කොට්ඨාස‘ නම් නැමති මූලික ඒකක වලින් ඒකකවලින් සමන්විත වන ස්තර තුනක පාලන ව්‍යුහයකි. මෙහි පළමුවැනි මට්ටම පළාත්පාලන ආයතනය වන අතර එය ඡන්දදායකයන් 10,000 ක් නියෝජනය කරන කොට්ඨාස නියෝජිතයන් 100 කින් පමණ සමන්විත වේ. දෙවැනි මට්ටම වන පළාත් ආණ්ඩුව, ඡන්දදායකයන් මිලියනයක් නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීන් 100කින් පමණ සමන්විත වනු ඇත. ජාතික ආණ්ඩුවරජය නියෝජිතයන් 60 දෙනෙකුගෙන් සමන්විත වනු ඇත.මෙයින් 30 දෙනෙක් පළාත් සභා මන්ත්‍රීන්ගෙන් තෝරා ගන්නා අතර අනිත් 30 දෙනා විවිධ කණ්ඩායම් නියෝජනය කිරීමට ජාතික පදනමකින් තෝරා ගත යුතුය. මෙම කණ්ඩායම් වන්නේ ගොවියන්, කාර්මික සේවකයන්,වතු කම්කරුවන්, ධීවරයන්, සේවා කර්මාන්තවල සේවකයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,විද්වතුන්,පාසල් ගුරුවරුන්, වෛද්‍ය වරුන්, ඉන්ජිනේරුවන්, වාස්තු විද්‍යාඥයින්, විද්‍යාඥයින්, සුළු කර්මාන්තකරුවන්,මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්, විශාල කර්මාන්තකරුවන්,වෙළඳුන්, බැංකුකරුවන් වැනි වෙනත් ව්‍යවසායකයන් ආදි කොටස්ය. මේ අනුව 60 දෙනෙකුගෙන් සමන්විත ජාතික මණ්ඩලයේ අවම වශයෙන් 15ක් (උපරිම වශයෙන් 45ක්) කාන්තාවන් වනු ඇත.
පිටතින් සභාපති කෙනෙක් තෝරා පත් කර ගන්නා ජාතික සභාව පාලනයේ ප්‍රධාන අංශ නියෝජනය කරන උප කමිටු 12කට බෙදිය යුතුය. මෙම අංශ වන්නේ ආරක්ෂක හා විදේශ කටයුතු, මුදල්, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආහාර හා කෘෂිකර්මය, අධිකරණ, පරිපාලනය හා නීතිය බලාත්මක කිරීම, කර්මාන්තආදියයි. සෑම උප කමිටුවක්ම සභාපති කෙනෙක් පත් කර ගත යුතුවේ.මෙම සභාපතිවරුන්ගේ කමිටුව අමාත්‍ය මණ්ඩලය ලෙස කටයුතු කරන අතර ඔවුන් අතරින් කෙනෙක් අගමැති ලෙස තෝරා ගත යුතු ය. යෝජිත ව්‍යුහයේ සෑම පරිපාලන මට්ටමකම බලතල හා වගකීම් පර්යන්තයේ සිට කේන්ද්‍රයට මධ්‍යගත කෙරේ. සැම මට්ටමක ම ආපසු කැඳවීමේ බලය ඇති පැවතිය යුතු අතර සියලුම ආයතනවල නිල කාලයනියම කෙරේ.සියලු මැතිවරණ අවුරුදු හතරකට වරක් එකඟ වූ මාසයක පැවැත්වෙනු ඇත පැවැත්විය යුතුය. වරින්වර මැතිවරණ පැවැත් වීමෙන් ඇති වන අවුල් හා වියදම් මේ නිසා අවම කර ගැනීමට හැකි වනු ඇත.
ඉහත සඳහන් ආකාරයට අපේ දේශපාලන ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් රටේ දේශපාලන කටයුතුවලට පුරවැසියන්ට ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට ඉඩ සලසා දීම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වයට පිළියමක් ලැබෙනු ඇත.කෙසේ වෙතත් එවැනි රාජ්‍ය ක්‍රමයක් පිහිටුවීම සඳහා පුරවැසියන් අතර විප්ලවකාරී සමාජ පරිකාල්පනික දියුණුවක් අවශ්‍ය වේ.
2
දෙවැනි කොටස
නව ලිබරල්වාදය සහ ශිෂ්ඨාචාර / සංස්කෘතික අර්බුදය
නව ලිබරල්වාදය ආචාර ධර්මයක් ලෙස
( බලන්න, Paul Verhaeghe (What About Me?) , සහ Wendy Brown ( Undoing the Demos) )
නව ලිබරල්වාදය යනු ආර්ථික තර්කයක් පමණක් නොව, ආචාරධර්මයක්, අපගේ සමාජය යනු කුමක්ද සහ අප කවුරුන්ද යන්න හැඩගස්වන, අපගේ දේශපාලනයට ද බලපාන හර පද්ධතියක් ද වෙයි.
ඉතිහාසය පුරාවටම ආර්ථිකයන් සෑම විටම ආගමික, සදාචාරාත්මක සහ සමාජීය ව්‍යුහයන් තුළ අන්තර්ගත වී ඇත. ඊට පටහැනිව නව ලිබරල්වාදය සම්බන්ධයෙන් ගත් කළ, ආගම, ආචාර ධර්ම සහ සමාජය ‘වෙළඳපොළට’ යටත් වේ. ඒ අර්ථයෙන් නව ලිබරල්වාදය තවදුරටත් ආර්ථික න්‍යායක් නොව ඊට වඩා පුළුල් මතවාදයකි.
නව ලිබරල්වාදය යනු අද අපේ සංස්කෘතිය පාලනය කරන මහා ආඛ්‍යානයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ අනන්‍යතාවය සාදයි. මෙම ආඛ්‍යානය විද්‍යාවේ සහ අධ්‍යාපනයේ සිට සෞඛ්‍ය සේවා සහ මාධ්‍ය දක්වා සමාජයේ සෑම අංශයක්ම අත්පත් කරගෙන ඇත.
මනුෂ්‍යත්වය පිළිබඳ නව ලිබරල් දෘෂ්ටිය පහත පරිදි වේ: මිනිසුන් තම ලාභය කෙරෙහි අවධානය යොමු කරන තරඟකාරී ජීවීන් ය. මෙය සමස්තයක් ලෙස සමාජයට ප්‍රයෝජනවත් වන්නේ තරඟකාරීත්වය නිසා සෑම කෙනෙකුම තම උපරිමයෙන් ඉහළට පැමිණීමට කටයුතු කරන බැවිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රජයේ මැදිහත්වීමෙන් බාධාවකින් තොරව, තනි නිදහස් වෙළඳපොලක් තුළ වඩා හොඳ සහ ලාභදායී නිෂ්පාදන සහ වඩා කාර්යක්ෂම සේවාවන් අපට ලැබේ. මෙය සදාචාරාත්මකව නිවැරදි වන්නේ එම තරඟයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ පුද්ගල උත්සාහය මත බැවිනි. එබැවින් සෑම කෙනෙකුම ඔවුන්ගේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට වගකිව යුතුය.
සෑම දෙයක්ම, සෑම කෙනෙකුම ආර්ථිකමය වනවා පමණි
නව ලිබරල්වාදය සෑම මිනිස් වසමක්ම සහ උත්සාහයක්ම, මිනිසුන් සමඟම, ආර්ථිකයේ නිශ්චිත ප්‍රතිරූපයකට අනුව පරිවර්තනය කරයි.සියලු හැසිරීම් ආර්ථික හැසිරීම් වෙයි; පැවැත්මේ සියලුම ක්ෂේත්‍ර, එම ක්ෂේත්‍ර සෘජුවම මුදල් ඉපැයීම සිදු නොකළ විට පවා ආර්ථික නියමයන් සහ ප්‍රමිතික මගින් රාමු කර මනිනු ලැබේ. නව ලිබරල් විචාරණය තුළ සහ එය විසින් පාලනය වන වසම් තුළ, අපි හුදු ආර්ථික මිනිසුන් පමණක් වෙමු, සෑම තැනකම. මේ, ඔහුට ලබා ගත හැකි සියල්ල අවශ්‍ය වන, ව්‍යවසායකයා ලෙසින් එන පුද්ගලයා යි.
නව ලිබරල්වාදය මිනිස් විෂය ( human subject ) ව්‍යවසායකමය විෂයක් බවට, ජීවිතයේ සෑම මානයකම ඇය හෝ ඔහුගේ වත්කම් ව්‍යවසායකකරණමය බවට පත් කිරීමට උත්සාහ කරන විෂයය බවට පත් කරයි.
“යෞවනයන් තමන් ව්‍යවසායන් ලෙස සැලකිය යුතු අතර, දැනුම සහ කුසලතා සියල්ලටම වඩා ආර්ථික වශයෙන් – එනම්, ඔවුන්ගේ වෙළඳපල වටිනාකම වැඩි කර ගැනීමට භාවිතා කළ හැකි දෙයක් ලෙස දැකිය යුතුය. ”
අපගේ වර්තමාන මූල්‍යකරණය වූ ආර්ථිකය එහි වර්තමාන සහ අනාගත වටිනාකම ඉහළ නැංවීම සඳහා සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා තමන් තුළම ආයෝජනය කිරීමට සැලකිලිමත් වන විෂයයක් වන, ආර්ථික මිනිසාගේ තවත් එක් පුනරාවර්තනයක් අපට ලබා දෙයි.
ව්‍යවසායකත්වයට පත් ආර්ථික මිනිසා හුදෙක් වර්ථමානයේ තම වටිනාකම උපරිමකරණය කිරීමට තම වත්කම් සාර්ථක ලෙස ව්‍යවසායත්වයට පත් කරන්නේ කෙසේදැයි සිතා ගැනීමට උත්සාහ කරයි.
නමුත්,මූල්‍යකරනය කරන ලද ආර්ථික මිනිසා හුදෙක් වර්ථමානයේ පමණක් නොව, එහි පරිකල්පිත අනාගතයේ පවා ස්වයං-ආයෝජනය කිරීම සහ තමා තුලටම ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අරමුණු කරයි. එනම්, ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකි දේ පිළිබඳ සමපේක්ෂනය හරහා එහි වර්තමාන සහ අනාගත වටිනාකම ඉහළ නැංවීම කෙරෙහි උමතු ලෙස නැඹුරු වී ඇත: විශාල මූල්‍යකරණය වූ සමාගම් ක්‍රියා කරන ආකාරය මෙය වන අතර මූල්‍යකරණය වූ මානව ප්‍රාග්ධනය ක්‍රියා කරන ආකාරය ද මෙය ම වේ.
අද අපේ විශ්ව විද්‍යාලවල අපේ තරුණ සිසුන් සහ (ඇතැම් වයස් ගත ) ආචාර්ය මහාචාර්යවරුන්මත් පවා තරම් හොඳින් මෙය දන්නා කිසිවෙක් නැත. ඔබ මෙය ඔවුන්ට විස්තර කළහොත්, ඔවුන් ක්ෂණිකව තමන්ව හඳුනා ගනී; ඔවුන් මෙය ඔවුන්ගේ අධ්‍යාපනය සමඟ, ඔවුන්ගේ ආල ජීවිතය සමඟ, ඔවුන්ගේ Facebook ජීවිත සමඟ, ඔවුන්ගේ LinkedIn ජීවිත සමඟ, ඔවුන්ගේ සීමාවාසික පුහුණුව සහ ජාලකරණය සමඟ, කලින් සහ හොඳින් සන්නාමකරණය පිළිබඳ ඇති කැපකළ උනන්දුව සමඟ, කරමින සිටින බව ඔවුන් දනී.
වර්තමාන ආර්ථික සත්වයා මානව ප්‍රාග්ධනයේ තීව්‍ර ලෙස ගොඩනඟන ලද සහ ආණ්ඩුකරනය කරන ලද මානව ආර්ථික පුඥයකි.එහි තරඟකාරී ස්ථානගත කිරීම වැඩි දියුණු කර ගැනීම සහ වාසි සහගත ලෙසට හරවා ගැනීම සහ එහි සියලු උත්සාහයන් සහ ස්ථාන හරහා එහි (මුදල් සහ මුදල් නොවන) ආයෝජන කළඹ වටිනාකම වැඩි දියුණු කිරීමත් එයට පැවරී ඇති කාර්ය වෙයි.
නව ලිබරල්කරණය වූ රාජ්‍යයන්, මහා සමායතන, කුඩා ව්‍යාපාර, ලාභ නොලබන ආයතන, පාසල්, උපදේශන ආයතන, කෞතුකාගාර, රටවල්, විද්වතුන්, රංගන ශිල්පීන්, රාජ්‍ය අංශයේ ආයතන, සිසුන්, වෙබ් අඩවි, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා කණ්ඩායම්, පශ්චාත් උපාධි වැඩසටහන්, සෞඛ්‍ය සේවා සපයන්නන්, බැංකු සහ ගෝලීය නීති සහ මූල්‍ය ආයතන වල ව්‍යාපෘති සමෝච්ඡාරණය කරන වරම් වන්නේද, සහ එහෙයින් දිශානතයින් වන්නේ මේවාය.
ප්‍රජාතන්ත්‍රවාදය
නව ලිබරල්වාදය දෘෂ්ටිවාදයක් හෝ රාජ්‍යය සහ ආර්ථිකය අතර සම්බන්ධතාවය යළි පිහිටුවීමකි.
ප්‍රාග්ධන වටිනාකම, තරඟකාරී ස්ථානගත කිරීම සහ ණය ශ්‍රේණිගත කිරීම් වැඩි දියුණු කිරීම සඳහා වන වර්ණනාකිරීම මඟින් තනි පුද්ගල සහ සාමූහික ස්වයං පාලනයක් සඳහා වන කැපවීම සහ එයට සහාය දක්වන ආයතන යටපත් කොට පසුව අවතැන් කරනු ලැබේ.
කථනය, සාකච්ඡා කිරීම, නීතිය, මහජන පරමාධිපත්‍යය, සහභාගීත්වය, අධ්‍යාපනය, පොදු භාණ්ඩ සහ ජනතාව විසින් පාලනය කරනු ලබන හවුල් බලය යන භාවිතයන් සහ මූලධර්ම ආර්ථිකකරණයට යටත් කෙරේ.
නව ලිබරල්වාදය ජනතාව විසින් පාලනය ලෙස වටහා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම, භාවිතයන්, සංස්කෘතීන්, විෂයයන් සහ ආයතනවලට පහර දෙයි.
නිදහස, සමානාත්මතාවය සහ ජනප්‍රිය පාලනය ප්‍රහාරයට ලක්ව ඇත
නව ලිබරල් වටිනාකම්
පුද්ගලවාදය, තරඟකාරිත්වය සහ භෞතිකවාදය (අධ්‍යාත්මික සාරධර්මවලට වඩා ද්‍රව්‍යමය දේපළ සහ ශාරීරික සැනසීම වඩා වැදගත් ලෙස සැලකීමේ ප්‍රවණතාව ) නව ලිබරල්වාදය විසින් වගා කරනු ලැබේ. එමගින් සාම්ප්‍රදායික වටිනාකම් වන සහයෝගීතාවය, මහජන ජීවගුණමය බව සහ අධ්‍යාත්මිකත්වය විස්ථාපනය කොට ඇත. සුඛපරමවාදයක් විසින් පරාර්ථකාමීත්වය සහ සරල බව ප්‍රතිස්ථාපනය කර ඇත.
තිරසාර අනාගතයකින් තොරව, මේ මොහොතේ ලබන ජයග්‍රහණ මොහොතකින් නැති විය හැකි බව අමතක කර, මේ මොහොතට පමණක් ජීවත් වීමට අපි පත්ව සිටිමු.
මනුෂ්‍යයන් ඉතා ස්වයංකේන්ද්‍රිත විය හැකි අතර, ‘බෙදා පාලනය කිරීම’කෙරෙහි අවධානය යොමු ව සිටිනවා විය හැකිය, නැතහොත් අතිශයින් පරාර්ථකාමී විය හැකි අතර, ඇය හැදී වැඩී ඇති ඌරුව මත පදනම්ව ‘දීම සහ ලැබීම’ කෙරෙහි අවධානය යොමු කළ හැකිය.
කුමන ප්‍රවණතාවය උඩ තැනට පත්වන්නේද යන්න තීරණය කරන්නේ පරිසරය යි. මේ දිනවල එය ආත්මාර්ථකාමී පැත්තක් ගෙන ඇත. නව ලිබරල් ආර්ථික ක්‍රමය අප තුළ ඇති නරකම දේ එළියට ගෙන එයි.
නව ලිබරල්වාදය අධික පුද්ගලීකරණය, “වින්දනය” යන නාමයෙන් ඕනෑම වියදමකින් සතුට සෙවීමේ වගකීම ප්‍රවර්ධනය කරයි. අධිකලෙස තරඟකාරී පුද්ගලවාදය සහ (ආත්ම පාලනයේ පැරණි ආචාර ධර්ම වෙනුවට) ඕනෑම වියදමකින් සතුට සෙවීමට ඇති බැඳීම, භුක්ති විඳීමට වන ආඥාව සමඟ එක්ව, දෙන ද්විත්ව පහර ‘ විෂාදිමය සුඛපරමවාදය’ ඇති කරයි.
ආචාර ධර්ම – ලංකාව
අපගේ සාමූහික වටිනාකම් නව ලිබරල්වාදයේ තර්ජනයට ලක්ව ඇත.
සමාජයක් එකට බැඳිය හැකි ශක්තිමත් සදාචාරාත්මක පදනමක් ශ්‍රී ලංකාවට වර්තමානයේ නොමැත.
පවතින ප්‍රමුඛ ආචාර ධර්ම වන්නේ පුද්ගලවාදයේ සහ ව්‍යවසායකත්වයේ නව ලිබරල් ආචාර ධර්මයයි. “ලොව වත්මනෙහිදී අපි හැමෝම ප්‍රාග්ධනයේ කුඩා කොටස් බවට පත්ව ඇත්තෙමු” යි යන වෙන්ඩි බ්‍රවුන් ගේ ගැඹුරු ප්‍රකාශය ලංකාවේ අපටද එකසේ අදාළ ය.
අප පතන පොදු යහපත යනු තනි තනි පුද්ගල යහපත් එකට එකතු කරගත් විට සැදෙන්නක්ද, නැතහොත් සාමූහික යහපත මූලික කරගත් සාමූහික අගයන් මත පදනම් වූවක් ද යන්න අප තීරණය කළ යුතු වෙයි.
ජනතාවක් ලෙස සාමුහික වටිනාකම්, සමුපකාර වටිනාකම් පිළිබඳ හැඟීමක් අපට ලැබිය යුතුය.
වෙළඳපොළ එදිරිව රාජ්‍යය
නව ලිබරල්වාදය වෙළඳපොල සහ රාජ්‍යය අතර අනවශ්‍ය දෙබෙදුමක් නිර්මාණය කර වෙළඳපොළට පක්ෂපාතී වන අතර මිනිසුන් වෙළඳපොලේ අනුකම්පාවට සහමුලින්ම පාහේ ඉතිරි කර ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ඉරණම මෙය වී ඇත. කෝවිඩ් වසංගතය තුළ ආරම්භ වූ මෙම ක්‍රියාවලිය වත්මන් ආර්ථික අර්බුදය තුළ උග්‍ර වී මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ සමාජය ග්‍රහණය කරගෙන ඇත.
රජය ජනතාව වෙළෙඳ පොළට අත් හැර දමා ඇත.පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා වෙළඳපල නියාමනය කිරීමේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම පාහේ රජය විසින් අත්හැර දමා ඇත.මහජනතාවට හිතු මතේ කොන්දේසි නියම කිරීමට වෙළඳපොළට අවසර ඇත. එයින් දුප්පත්තු නරකම බලපෑමට ලක් වෙති.
රාජ්‍යයේ සාම්ප්‍රදායික කාර්ය භාරය වන අවාසි සහගත අය රැක බලා ගැනීම, රාජ්‍යයේ සුබසාධන භූමිකාව වත්මන් ශ්‍රී ලංකා රජය මුළුම්නන්ම පාහේ අත්හැර දමා ඇත. එය අධ්‍යාපනය, සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය, විදුලිය, ජලය, ඉන්ධන, ගෑස් යනාදී සාමූහික යහපත වැඩිදියුණු කරන පොදු සේවාවන් සැමට ලබා ගත හැකි මිළකට සැපයීමෙහි ලා රජයේ වගකීමෙන් ඉවත් වී ඇත.
ලාභ ඉපැයීමේ පදනම මත පවත්වාගෙන යා නොහැකි ආයතන ඇතුළු ක්ෂේත්‍රවල රාජ්‍ය ආයෝජනවලට දැඩි ලෙස බලපාන, දශක ගණනාවක් තිස්සේ එකතු වී ඇති පාඩු, රාජ්‍යයට සිදුවන පාඩු කපා හැරීම තර්කයයි.
මේ තත්වය තුළ, ඉහළ සමාජ දර්ශක ක්ෂේත්‍රය තුළ ලංකාවේ පශ්චාත් නිදහස් යුගයේ සියලු ජයග්‍රහණ, දිළිඳු හා වැඩ කරන ජනතාවගේ සමස්ත පරම්පරාවකටම බලපාන පරිද්දෙන්, මෙම ක්‍රියාවලිය තුළ ආපසු හැරවීම දැනටමත් වේගයෙන් සිදුවෙමින් පවතියි.
අප නව ලිබරල්වාදී වීම
අපි අතිශය බහුතරයක් නව ලිබරල්වාදී බවට අඩු වැඩි වශයෙන් පත් වී සිටීම අද අප මුහුණ දෙන බරපතළම අර්බුදය ලෙස අපි දකින්නෙමු.
නව ලිබරල්වාදී මානසිකත්වය අනුගමනය කිරීමෙන්, අපට ආත්මාර්ථකාමීත්වය මත ධාවනය වන පුද්ගලයන් වශයෙන් වෙළඳපොලේ තරඟ කර සාර්ථක වීමට, අපගේ පවුල් සහ මිතුරන් සමඟ සමෘද්ධිමත් විය හැකි බව අපි විශ්වාස කරමු. අපෙන් පිටස්තර අය අදාළ නැත.එලෙස සාර්ථක වීමට නොහැකි අය පරාජිතයෝ වෙති. ඔවුන්ට උදව් කළ යුතු නැත.
මෙයින් අදහස් කරන්නේ පවුල තුළ, පාසල තුළ සහ සමාජය තුළ ආරම්භයේදී ඇය මුහුණ දෙන අවාසි හේතුවෙන් යම් තැනැත්තියකට තරඟ කොට සාර්ථක වීමට හැකියාව තිබේද යන්න නොසලකා ඇයට වෙළඳපල තුළ තමාව ආරක්ෂා කර ගැනීමට සිදු වන බවයි.
එම තර්කයම අනුගමනය කරමින්, ආර්ථිකය පවත්වාගෙන යාමේදී රාජ්‍යයට කිසිදු කාර්යභාරයක් නොතිබිය යුතු බව අපගෙන් සමහරෙක් විශ්වාස කරති. ඔවුන්ට අනුව, රජය බදු අය කිරීමෙන් උපයාගත් මුදල් වියදම්, ඉහත පරිදි තරඟයෙන් බැහැර කරන ලද්දවුන්ට, දුප්පත්, අසරණ වූවන්ට උපකාර කිරීම සඳහා වැය නොකළ යුතුය.
නව ලිබරල්වාදය, රාජ්‍ය අංශයේ ආර්ථිකයට විරුද්ධවීම සහ සුභසාධන විරෝධය මත පදනම් වූ ව්‍යාපාරික පන්තියක්, මෙම එකම ආකාරයේ චින්තනයක් අනුගමනය කරමින් සිටින බව පෙනේ.
නව ලිබරල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය මෙහෙයවීම සඳහා ප්‍රභූ පැළැන්තිය එවැනි අදහස් ප්‍රවර්ධනය කරයි.
එක්සත් ජනපදයේ ආරම්භ වූ ආර්ථික අර්බුදයත් සමඟ 2008 දී ගෝලීය උතුරේ නව ලිබරල් සිහිනය බිඳ වැටී ඇත.
2022 අප්‍රේල් මාසයේදී අපි ස්වේච්ඡාවෙන් විදේශ ණය පැහැර හැරීම ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ එම සිහිනය බිඳ වැටුණි.
අරගලයට සම්බන්ධ වූ තරුණයෝ එසේ කෙළෙසවත් අවිනිශ්චිත නොවන වචනවලින් එය කියා ඇත.ඔවුන් කීවේ, සමෘද්ධිමත් ජීවිතයක් ගොඩනැගීමේ ඔවුන්ගේ මධ්‍යම පාන්තික සිහින බිඳ වැටුණු බව ය.
සමාජයේ අනෙකුත් කොටස් අයහපත් ලෙස පීඩාවට පත්වන විට කිසිම මිනිසෙක් දූපතක් නොවන බවත්, අපට තනි තනිව ජීවත් විය නොහැකි බවත් ඔවුන් මේ වන විට තේරුම් ගනිමින් සිටිනවා විය යුතුය.
බහුතරයක් වන දුප්පත් ගැහැණුන් සහ මිනිසුන් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය, ප්‍රධාන කොටම ප්‍රභූ හා මධ්‍යම පාන්තිකයන්ගේ නාස්තිකාර පරිභෝජනය සඳහා වියදම් කර ඇති අතර පහළ පංතියේ අයද, වැඩිපුර උපයා ගැනීමට ප්‍රමාණවත් ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළහොත් ඉටු කර ගැනීමේ ශක්‍යතාවක් ඇති සිහිනයක් ලෙස එය මිල දී ගෙන ඇත.
ශිෂ්ටාචාර / සංස්කෘතික අර්බුදය
ශ්‍රී ලංකාව සිටින්නේ සන්ධිස්ථානයක ය. නිදහසින් පසු රට අත්විඳි දරුණුතම ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුදයට අප මුහුණ දී සිටිමු.
එය ශිෂ්ටාචාර/සංස්කෘතික අර්බුදයක් බවත්, සාමූහිකයක් ලෙස එහි ජනතාව දන්නා ජීවන රටාවේ අනාගත පැවැත්ම සඳහා ගැඹුරු ඇඟවුම් ඇති ගැඹුරු අර්බුදයක් බවත්, එබැවින් පැවැත්මේ අර්බුදයක් බවත් අපට කිව හැකිය.
අනෙකුත් අර්බුද ශිෂ්ටාචාර අර්බුදයේ ප්‍රකාශනයන් පමණි.
පරම්පරා ගණනාවක් තිස්සේ අප දන්නා ශ්‍රී ලාංකේය සාමූහික ජීවිතය විනාශ කර දැමීමේ ක්‍රියාවලිය එහි යටින් පවතී.
දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය දැන් මළාක් මෙන් ය
මානව හිමිකම් සුළඟට විසි කොට ඇත.
අපි ජාමූඅ/නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ සහ අධිකාරවාදී මර්ධනයේ එකතුවක් ඇතිකර ගනිමින් සිටින්නෙමු.
අපගේ ශිෂ්ටාචාරමය වටිනාකම්, අපගේ පැවැත්මේ පදනමම අර්බුදයක පවතී.
මෙම අර්බුදයේ මුල් ලක්ෂණ කොවිඩ් 19 අර්බුදය තුළ පෙනී ගියේ, ප්‍රභූ පැලැන්තිය, මරණය හමුවේ, බලය සහ සදාචාරාත්මක මූලධර්ම නොමැති සහ අවංක හෝ සාධාරණ නොවන ක්‍රම භාවිතා කරමින් සාමාන්‍ය ජනගහනයේ වඩාත් සුදුසු කොටස් වලින් එන්නත්වල ප්‍රමුඛතාවය තමන්ට සහ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සඳහා උදුරා ගත් විටය.
කුසගින්නෙන් හා දරිද්‍රතාවයෙන් පෙළෙන, ඔවුන්ගේ ජීවනෝපාය සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය දැඩි වන තරමට අප අතර සිටින දුප්පතුන්, අවාසි සහගත, අවදානමට ලක්විය හැකි, සාමාන්‍ය මිනිසුන්ගේ දුක්ඛිත තත්ත්වය අප නොසලකා හැරියහොත් අපට ශිෂ්ට යැයි කිව හැකිද? ප්‍රභූ පැලැන්තියේ සහ මධ්‍යම පංතියේ ප්‍රයෝජනය සඳහා මුළු පරම්පරාවක්ම කැප කිරීමට ඉඩ දෙනවාද?
අපි ප්‍රභූන්ගේ කෑදරකමට යටත් වෙන්නද යන්නේ?

හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන කුමාරස්වාමි තම පරම්පරාව අසාර්ථක වී ඇතැයි වරක් ප්‍රසිද්ධියේ පිළිගත් නමුත් ඔහු සොයාගෙන ඇති ජාමූඅ විසඳුම එම අසාර්ථකභවයේ පතුළටම අප ගෙන යන්නක් වීම ඔහු අයිති ප්‍රභූ පැළැන්තියට වටහාගැනීමට නොහැකිවීම බරපතළ ඛේදවාචකයකි. කළකට පෙර ෙකාළඹ පැවති සම්මන්ත්‍රණයකදී ගණනාත් ඔබේසේකර එවකට කුමරාස්වාමි ඇතුළු ප්‍රභූ පැළැන්තිය මූලික වී මෙරට ගොඩ නඟමින් තිබූ ආර්ථිකය තණ්හාධික සමාජයක් බිහි කරමින් තිබෙන්නේ යැයි තම හිත මිත්‍ර කුමාරස්වාමි ගේ මුහුණටම කියා සිටි බව ෙමහිදී සිහිපත් කරනු වටී.
සදාචාරාත්මක ප්‍රතිරෝධයක්
අරගලය තුළ මෙරට ප්‍රභූ පැළැන්තිය සහ මහ ජනතාව අතර විවර වූ අගාධය එලෙසම පවතින අතර එය තව දුර පුළුල් විය. එය ජය ගැනීමට අපට පද්ධති වෙනසක් අවශ්‍යයි.
අප අද මුහුණ දෙන අර්බුදය අප යටත් විජිත පාලනයට යටත් වූ තැන පටන් අප ඊට යටත් කොට තිබී ඇති ඊනියා සංවර්ධන මාවතේ අර්බුදයකි.
නමුත්, අපට, හුදෙක් දේශපාලන මතවාදී ප්‍රතිරෝධයකින් පමණක් අප මුහුණ දෙන බරපතළ ගැටළුව ජය ගත නොහැකි ය.
ඒ සඳහා සදාචාරාත්මක ප්‍රතිරෝධයක් ද අවශ්‍ය වේ. අප නව ක්‍රමයක් ගැන සිතිය යුතු ය. ක්‍රම වෙනසක්, පද්ධති වෙනසක් කිරීම සඳහා අවශ්‍ය නව අගයන් ගැනද සිතිය යුතුය.
ජාතික විමුක්තිය අපට ළඟා විය නොහැකි සිහිනයක් ලෙස පවතියි.
වත්මන් අර්බුදය තුළ නිදසුන් වන පරිදි,යටත් විජිත පාලනයෙන් නිදහස්ව අපේම ඉරණමට මඟ පෙන්විය හැකි ස්වාධීන සාමූහික සිතිවිල්ලක් වර්ධනය කර ගැනීමට අපට නොහැකි වී ඇත.අපි සාමූහිකයක් ලෙස අපගේ චින්තනයේ දී හුදු අනුකරණය කරන්නන් බවට පත් වී ඇත.අපේ අධ්‍යාපනය මේ අතින් අසාර්ථක ය.
නව ලිබරල්වාදයේ ව්‍යාප්තියත් සමඟ වැඩුනු මෙරට නව පරපුර අතර මුල් බැස ගෙන ඇති ප්‍රයෝජ්‍යතාවාදය (pragmatism) පවතින ක්‍රමය වෙනස් කරනවා වෙනුවට ඒ වෙනුවෙන් සමාව අයැදීමක් ලෙස ක්‍රියා කරනු දැකිය හැකිය. විසඳුම වන්නේ දැන් සිටින පාලකයන් වෙනුවට එතැනට තමන් පත්වීම බව මෙම නව පරපුරේ නියෝජිතයන් සිතන බව පෙනෙයි.
අනාගත පරම්පරාවන්හි යහපත සඳහා අප ලෝකය ගැන සාමුහිකව සැලකිලිමත් විය යුතුයි. ප්‍රයෝජ්‍යතාවාදය පවතින සමාජ සහ ආයතනික සම්බන්ධතා සමූහයට සැලකිය යුතු සදාචාරාත්මක හා දේශපාලන ප්‍රතිරෝධයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වෙයි.අපට අවශ්‍ය පවතින ක්‍රමයට එරෙහිව නව වටිනාකම් සහ නව පරමාදර්ශයන් වර නැඟීම යි.ප්‍රයෝජ්‍යතාවාදී දැක්මට එය කළ නොහැකි ය.අදහස්වල දෙන ලද අවශ්‍යතාවක් සඳහා වන ප්‍රයෝජ්‍යතාවාදී වටිනාකම පිළිබඳ එහි අවධාරනය තුල අදහස් හුදු ප්‍රයෝජනයට ලඝු කරන හෙයින් එයට කල් පවත්නා නව අගයයන් සහ පරමාදර්ශයන් වර්ධනය කළ නොහැකි ය.
අපි අපේ ලෝකය, අපේ ජනයා – අවාසි සහගත සහගත තත්වයන්ට යටතේ දිවි ගෙවන, දිළිඳු පංතික සහ සමාජ කණ්ඩායම්, ගැහැණුන්, ළමයින්, සියලු සංවේදී ජීවීන් ද ඇතුළත් ස්වභාවික සහ නිමි පරිසරය, මෙන්ම ගෝලීය දේශගුණය සහ ගැන ද සැලකිලිමත් විය යුතුයි.
අපට අවශ්‍ය වන්නේ බලය හෝ මතවාදයන් සඳහා වූ පෞද්ගලික න්‍යාය පත්‍රවලට ඉහළින් පොදු යහපත – හුදෙක් ප්‍රභූන් නොව සැමගේ යහපත – තබන නායකයන් ය.
අපට අවශ්‍ය ලෝකය ගැන සැලකිලිමත් වන මහජනතාවකි.
අපට ලෝකය ගැන හිතන මහජනතාවක්, අරගලයේ ජීවගුණය විසින් පෙන්වා දුන් පරිදි ස්වාධීන චින්තනයක් ඇති ක්‍රියාශීලී මහජනතාවක් අප සතුව ඇත, එය යහපත් අනාගතයක් සඳහා අපගේ බලාපොරොත්තු මතු කරයි.
දැන් අප හමුවේ ඇති අභියෝගය එම ජනතාව යළිත් සක්‍රීය ජනතාවක් කරන්නේ කොහොමද කියලා හිතන එක යි.
සාමූහික වටිනාකම්: ශ්‍රී ලංකාව
අපි ඉස්සර දයානුකම්පාව, සැලකිල්ල, දයාව, පරාර්ථකාමිත්වය, ත්‍යාගශීලිත්වය වැනි ධනාත්මක වටිනාකම් ඇති සමාජයක් විය.
අපි තණ්හාව පහත් කොට සලකමින්, සරල ජීවිතයක් ගත කිරීම අනුමත කරමින්, එයින් සෑහීමට පත්වීම මිස, වෙළෙඳපොළ විසින් ප්‍රවර්ධනය කරන ලද පාරිභෝගිකවාදය විසින් ජනනය කරන ලද සියලු ආශාවන් තෘප්තිමත් කර ගැනීමට නැඹුරු නොවීමු.
අද අපි ආත්මාර්ථකාමී වී ඇත්තෙමු.
සංවේදීවෙමින් හා අව්‍යාජ සැලකිල්ලක් දක්වමින්, අප මානව විනීතභාවයේ ජීවගුණය අප තුළ නැවත පණ ගැන්විය යුතුය.
මහජන යහපත සඳහා ප්‍රජාව, සාමූහිකය පිළිබඳ හැඟීමක් අප වැළඳගත යුතුය.
අප අතර සමුපකාර ජීවගුණය, සහයෝගිතාව, පරාර්ථකාමීත්වය, අවාසි සහගත තත්වයන්හි සිටින කණ්ඩායම්, වැඩ කරන ජනතාව, අවදානමට ලක්වූවන් සමඟ සහයෝගිතාව වඩා ලිය යුතුය.
කම්කරු පන්තියේ වටිනාකම් අතර සහයෝගීතාවය, ත්‍යාගශීලීත්වය සහ ස්වයං පරිත්‍යාගශීලීත්වය සඳහා ඇති හැකියාව වෙයි.
මිනිසුන්ට සහානුමතිය සඳහා ශක්‍යතාව ඇති අතර සමඋපකාරයට සහ සහයෝගීතාවයට යොමු වේ.
ශ්‍රී ලාංකේය වාම ව්‍යාපාරය ගොඩනැගුණේ පරාර්ථකාමීත්වයෙන් ආරම්භ වන එවැනි මූලධර්ම මත ය.
