By kathika

Featured

මන්නාරම් පක්ෂීන්, ජීවීන්, භූමිය, ජනයා හා එක්ව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුවේ අපි නැඟී සිටින්නෙමු!

ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය මන්නාරමේ පක්ෂීන්, භූමියේ සහ එහි ජනතාවගේ විලාපයන් ඇසේ. මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට 2025 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ දී සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රජයේ අඳුරුතම දිනයක් උදා වී ඇත.1 මෙම හේතුවෙන් කාන්තාවන් සහ…

Featured

නව ලිබරල්වාදී වැඩපිළිවෙල තුළ අධ්‍යාපනය ආයෝජනයක්-අර්ජුන පරාක්‍රම

“සමහර පාසල් කුඩා වීමට හේතුවක් තිබේ: ළඟම ඇති පාසල දුරින් පිහිටා ඇත, නැතහොත් ඒවා කුල පදනම් වී ඇත, ඒවා ආන්තික කණ්ඩායම් සඳහා වන පාසල් වේ, නැතහොත් ඒවා පවුල් ජීවනෝපායක් උපයන ස්ථාන අසල පිහිටා ඇත, මන්ද දරුවන් ද මෙම කාර්යයට සහභාගී වන බැවිනි. මෙම යෝජිත කාර්යක්ෂමතා ආකෘතියේදී, මේ සියල්ල ඒවායේ සිසුන් සමඟම අතුරුදහන් වනු ඇත. අධ්‍යාපනය…

Featured

ඉතිහාසය හරය ලෙස තබාගැනීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි තර්කයක්

සරලව කිවහොත්, භූමියේ පවතින සැබෑ තත්ත්වයන් පිළිබඳව කිසිදු තැකීමක් නොකර, පාසල් විෂය මාලාව සඳහා මෙතරම් සංකීර්ණ සහ අධි-අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබීම දුටු විට මම එකවරම කම්පනයටත් ව්‍යාකූලත්වයටත් පත් වීමි.

Featured

බිම් අඟලක් බලයෙන් අල්ලා ගැනීමේ සිට පූර්ණ අයිතිය දක්වා: සියොන්වාදී ආක්‍රමණික උපායමාර්ග-සීමාරහිතයි

බිෂොප් දුලිප් ද චිකේරා විසිනි එය පලස්තීන නිවාස කඩා බිඳ දමමින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගනී, හිතුමතේට රඳවා තබාගෙන ඝාතනය කරයි; ඉන්පසු තම මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව, ඊට විරුද්ධ වන්නන්ට යුදෙව්-විරෝධී යැයි චෝදනා කරයි. ගාසා තීරය ඊශ්‍රායලය විසින් මහා විනාශයකට ලක් කිරීමට විසඳුමක් ලෙස, ගාසා ජනගහනය අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් ගාසා තීරයේ ජනගහනය අවශෝෂණය කර ගත යුතු යැයි…

Featured

ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි

ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.