අහිලන් කදිර්ගාමර් විසිනි ජාතික අයවැය ඊළඟ වසර සඳහා ආර්ථික ප්‍රතිපත්ති හෙළිදරව් කරන අතර, ඓතිහාසික අවස්ථාවන්හිදී වසර ගනනාවක් සඳහා ආර්ථික ප්‍රතිපත්ති ගමන් පථයේ තැන් මාරුව හෙළිදරව් කරයි. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 2023 අයවැය පැමිණෙන්නේ නිදහසින් පසු රට තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වන අතර, එහි කරන දේ සහ අතපසු කරන දේ පිළිබඳ ප්‍රවේශමෙන්…
'kathika' social, cultural and political review
By kathika
හනා ආරන්ඩ්ට් ලිපි සරණිය – ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’
හනා ආරන්ඩ්ට් විසිවැනි සියවසේ ලොව ප්‍රමුඛ පෙළෙහි දේශපාලන න්‍යායධාරිණියක ලෙස පිළිගැනී ඇත. ඇය, පළමුව මාර්ටින් හෛඩැගර් යටතේත් දෙවනුව කාර්ල් ජැස්පර්ස් යටතේත් දර්ශනය හැදෑරීමට යොමු වූවා ය. තමා දර්ශනවාදිණියක ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ තමා හඳුන්වාගැනීමට කැමැත්තේ දේශපාලන විද්‍යාඥවරියක නොව දේශපාලන න්‍යායධාරිණියක ලෙස බවයි. හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන…
A Budget that Devastates the Economy – A talk given by Ahilan Kadirgamar
According to the World Bank the Sri Lankan economy is going to contract by 9.2% in 2022 and a further 4.2% in 2023. This is what we call an economic depression. Given the Budget that was just announced, I argue we are going to see an even larger contraction next year. What does this contraction mean? It means people are losing their income streams, with unemployment on the rise and livelihoods disrupted. A food crisis linked to the crippling of the economy is leading to increased malnourishment and starvation. We are going to lose a generation, as our children’s education and wellbeing are affected.
අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ
ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන් සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.
කාන්තාවන් සහ වැඩ කරන ජනතාව පෙළන බොරු පොරොන්දු!
ශ‍්‍රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…
කම්පන ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය
මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව, වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.