By kathika

ධනේශ්වර සංවර්ධනය අනිවාර්ය ඓතිහාසික ඉරණමක් නොවේ – කුමුදු කුසුම් කුමාර

ගෝලීය නව ලිබරල්වාදී යුගයේ වමේ දේශපාලනය “මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ…

මිනිසාගේ දෙවැනි මරණය: අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

මිනිසාගේ දෙවැනි මරණය “මිනිසා තව දුරටත් තම භූගෝලීය සහ ඓතිහාසික සත්තාවේ එක් ආකාරයකට – එනම් වියුක්ත මානවවාදය මත පදනම් වූ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ට – පමණක් සහමුලින් පළායන්නේ යැයි අපට කිව හැකිද? ශීතල යුද්ධයේ අවසානයත් සමග ඉතිහාසය අවසන් විණැයි ෆුකුයාමා ලිබරල්වාදී දේශපාලන ව්‍යාපෘතිය ලොව දේශපාලන විකාශනයේ අවසානය යැයි යෝජනා කළද අද වන විට යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය බටහිරමත්…

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (2 කොටස) :මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය-මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“මහාවංශය කෙතරම් වෙහෙස දැරුවද සාමාන්‍ය සදාචාර ධර්මයන්ට අනුකූලව සෝනුත්තරගේ සහ අනෙකුත් භික්ෂූන්ගේ ක්‍රියා කලාප වංචාවෙන් හා හොරකමෙන් වෙන් කළ නොහැක. මට සිතෙන අන්දමට සාමාන්‍ය ගැමියන්ගේ හෘදසාක්ෂිය උගතුන්ගේ සහ භික්ෂූන්ගේ‍ හෘදසාක්ෂියට වඩා සියුම්ය. වහා සසලවන සුළුය. ඔවුන් සිංහල ථූපවංශයේ ඇති කථා ස්වරූපය තම මිථ්‍යා කථා ආකෘති තුළ යළි යළිත් හුවා දක්වා ඇත. දුටුගැමුණු රජ නාගයෙකු විසින්…

2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය – අහිලන් කදිරගාමර්

“නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ…

2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස -අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර් මූලික උපාධිය විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව සඳහා ලබාගෙන ආර්ථික විද්‍යාව සඳහා ශාස්ත්‍රපති උපාධියක් ද නිව්යොර්ක් නගර විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව සඳහා දර්ශනපති උපාධිය ද ලබා ගෙන එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නියැලේ. යාපනය පදනම් කරගෙන කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා සාමූහිකයේ සාමාජිකයෙක් අතර දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ලිපි ලේඛන…

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (පළවෙනි කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු…