By kathika

වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්

වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක් සුමනසිිරි ලියනගේ විසිනි 1. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීම සමග ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු පිළිබඳ අදහස තවදුරටත් වලංගු ද යන්න ගැන කුකුසක් වමේ සහෝදරවරු අතර පැන නැඟී ඇති හෙයින් මෙම කරුණ ගැන බරපතල ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේය. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල ආණ්ඩුව වෙතින් ජනයා ඉවත්වීමක් පැහැදිළිව පෙන්වයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු වූ අතර ආසන සංඛ්‍යාව හයකින් අඩුවිය. මොනරාගල දිස්ත‍්‍රික්කයට වැඩි ආසන ගණනක් ලබා නොදුන්නේ නම් එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ගණනක් ලබා ගන්න තිබුනේ ද යන ප‍්‍රශ්නය ද කෙනෙකුට නැගිය හැක. ස්වභාවයෙන්ම මැතිවරණ වාසිය ගියේ එක්සත් ජාතික…

ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න

ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න ගෝලීයව සිතා ප්‍රාදේශිකව ක්‍රියා කළ යුතු බවට කියමනක් ඇත. ගෝලීයකරණය වූ ලෝකයක් තුළ කෙනෙකු ප්‍රාදේශිකව කරන්නා වූ ක්‍රියාවල ද ගෝලීය බලපෑමක් ඇති බව ඉන් හැඟවේ. ධර්මපාලතුමා ගැන සිතන විට පෙනී යන්නේ එතුමා ගෝලීයව සිතුවා පමණක් නොව ගෝලීයව ක්‍රියා ද කළ බවකි. එපමණක් නොව, එතුමාගේ දේශීය ක්‍රියාකාරීත්ව පවා තේරුම් ගත යුතුව ඇත්තේ එම ගෝලීය චින්තනයෙහි දිගුවක් ලෙසටය. ධර්මපාලතුමාගේ දේශීය චින්තනය හා ක්‍රියාකාරීත්වය බොහෝ විට අර්ථකථනය කරනු ලැබ ඇත්තේ පටු ජාතිකවාදී හා නොතිබූ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳව “වංසය කබල් ගෑ” අවසානයේ දී තමා උපන් දේශීය ධනපති පංතියට සේවය කිරීමේ සංසිද්ධියක් ලෙසටය. මෑත ශ්‍රී ලාංකික…

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (පළමුවන කොටස) නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය. නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව…

කලා ලොවෙන් සමුගත් ෂේක්ස්පියර් ප්‍රතිරචකයා

කලා ලොවෙන් සමුගත් ෂේක්ස්පියර් ප්‍රතිරචකයා – චන්දන ජයවීර විශ්ව සම්භාවනාවට පත් නාට්‍යකරුවෙක් වූ විලියම් ෂේක්ස්පියර් ශ්‍රී ලාංකේය කලා රසිකයන්ට සමීප කළ නාට්‍යකරුවා බන්දුල විතානගේයි. ඔහුට පෙර ආචාර්ය ගාමිණී හත්තොටුවේගම, අහුන්ගල්ලේ අරුණසිරි, ටෝනි රණසිංහ, ඕ. ගාමිණි ද සිල්වා වැනි අය ෂේක්ස්පියර් නාට්‍ය සිංහලට පරිවර්තනය කිරීමේ කටයුත්තට දායක වුවත් ෂේක්ස්පියර් කෘති පොදුජනයා අතරට ගෙන ගිය නිර්මාණකරුවා ලෙස ඔහු අබිසෙස් ගැන්වීම අනෙක් අයට කරන නිගරුවක් නොවේ. බන්දුලගේ ෂේක්ස්පියර් පරිවර්තන අතිශයින්ම කාව්‍යාත්මක වන අතරම නාට්‍ය උචිත වුණා. ඔහු සිය පරිවර්තන කාර්යේදී මුල් කෘතියේ අර්ථයට හැකිතාක් සමීප වීමට වගේම භාෂා ශෛලිය ආරක්ෂා කිරීම ගැනත් උනන්දුවක් දැක් වූවා. ෂේක්ස්පියර්ගේ වැකිවල කාල අන්තරය බන්දුල සිංහල පරිවර්තනවලත් එලෙසම…

අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන – මහාචාර්ය අසංග තිලකරත්න

මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි. 2014…

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම දයාපාල තිරාණගම දයාපාල තිරාණගම විශ්ව විද්‍යාල රැකියාව අතහැර 80 දශකයේ පූර්ණ කාලීන දේශපාලනයට සම්බන්ධ වන්නේ එවකට ජේ. ආර්. ජයවර්ධන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කලේ යැයි රාජ්‍ය මර්ධනයට ලක් වු විකල්ප කණ්ඩායමෙනි.දයාන් ජයතිලක, ජෝ සෙනෙවිරත්න,දයාපාල තිරාණගම,රාම් මාණික්කලිංගම් වැනි අය අයත් වූ මෙම වාම දේශපාලන කණ්ඩායම එක් පසෙකින් එ.ජා.ප. රජයේ මර්ධනයකටත් අනෙක් පසින් ජ.වි.පෙ සන්නද්ධ ව්‍යාපාරයේ මර්ධනයටත් ලක්ව තිබුණි. ඔහුගේ බිරිඳ යාපනයේ මානව හිමිකම් ක්‍රියාකාරිනයක වූ රාජීණී(රාජසිංහම්) තිරාණගම 1989 දී එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී.මෙම ලිපිය රාවය පුවත් පතින් උපුටා ගන්න ලදී. 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව…