‘නපුරෙහි නිස්සාරත්වය’ : ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටිය නරඹා සාකච්ඡා කරමු විසිවැනි සියවසේ දේශපාලන චින්තනයට ඉමහත් ලෙස බලපෑ ජර්මානු-යුදෙව් ජාතික දේශපාලන චින්තිකාව වන හනා ආරන්ඩ්ට් ගේ ජීවිතය පදනම් කරගත් ජාත්‍යන්තර අවධානයට පාත‍්‍ර වූ ‘හනා ආරන්ඩ්ට්’ නමැති කලාත්මක චිත‍්‍රපටියේ දර්ශනයක් සහ ඒ පිළිබඳ සාකච්ඡාවක් ජුනි මස 13 වෙනි සිකුරාදා සවස 2.30 ට මරදාන ‘සමාජය හා සාමයික කේන්ද්‍රයේ‘ පැවැත්වෙයි. හිට්ලර් ගේ් නාසි පාලනය යටතේ 1931 දී අත්අඩංගුවට පත්ව රටින් පලායාමට බලකෙරුණු සහ පසුව රඳවා තබා ගැනීමේ කඳවුරක සිරකාරියක්ව සිටි ආරන්ඩ්ට් 1941 දී ඇමෙරිකාවට පළා ගියාය. නාසිවාදී ප‍්‍රධානියෙකු වූ ඇඩොල්ෆ් අයික්මාන් 1961 පැවැති නඩු විභාගය පිළිබඳ ‘ද නිව් යෝර්කර්’ සඟරාව වෙනුවෙන් හනා ආරන්ඞ්ට් ඉදිරිපත් කළ…
'kathika' social, cultural and political review
By kathika
මහාචාර්ය සරච්චන්ද්‍රටත් සෝභිත හිමියන්ටත් බිම දාගෙන ගහපු රටක්!
දයා ලංකාපුර සාහිත්‍ය පිළිබඳව පමණක් නොව සංස්‌කෘතිය හා සමාජය පිළිබඳවද එතුමා නිර්භයව අදීනව සිය අදහස් පළකළ බව කවුරුත් දන්නා කරුණකි. ඒ නිසාම නොයෙක් අවස්‌ථාවල දොaෂාරෝපණ හා ගැරහුම්වලට ලක්‌වීමටද මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට සිදුවිය. වරක් එතුමා සිංහල සංස්‌කෘතියේ පරිහානිය ගැන කතා කිරීමට ගොස් ශාරීරික වශයෙන් මැර ප්‍රහාරයකට ලක්‌විය. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි වාතාවරණයක් නැතැයි පවසමින් වර්තමානයේ හඬනගන…
“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – අවසන් කොටස
“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස – අවසන් කොටස “බෞද්ධ වීම යනු ස්වයංසිද්ධ අනන්‍යතාවක් වූයේ බෞද්ධ නොවූ දඩයම්කාර වැද්දන්ගෙන් බෞද්ධ වූ සිංහලයන් වෙන් කරන මූලභූත [structural ව්‍යුහාත්මක] ප්‍රතිවිරුද්ධතාව පදනම් කරගෙනය. අද වැද්දන් [as small dispossessed groups labeled as “aborigines” “ආදිවාසීන්“ ලෙස ලේබල් ඇලවූ බැහැර කළ ] ඉතා කුඩා පිරිසක් බවට පත්ව සිටිතත් මගේ තර්කය නම් ඓතිහාසික සාධක අනුව බස්නාහිර, සබරගමුව, ඌව හා උඩරට පළාත්වල විශාල ප්‍රදේශයක පැතිරී සිටි වැද්දන් 15 වන සියවසෙන් පසු එම පෙදෙස්හි බෞද්ධ රාජධානි පහළ වීම හා සමඟ කෘෂිකර්මය භාවිතා කර ගනිමින් සිංහල – බෞද්ධභාවයට පත් වූවා…
ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – ආචාර්ය නලීන් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස් අපගෙන් සමුගෙන තෙවසරක් සම්පූර්ණ වේ. ඩෙරීඩා කියන්නේ ලෝකෙ තියන හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ “සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ” නිසා කියලා (binary opposition). දෙකක් ස්වාධීනව පවතින දේවල් හැටියට (substances-නික්ත) මවා පෙන්වන (conrstruct) මේ දෙක ඇති වුනේ වෙනස difference, සංඥානනය-සන්න-කිරීමෙන් යන භාව යටපත් කිරීමෙන්-මකා දැමීමෙන්. ඔතන තමයි රහස. පාරභෞතිකය දන්නේ ඉන්ද්‍රියයන් බෙදීමෙන්, ශාරීරික ඉන්ද්‍රියයන්/මනස, මනස ස්වාධීන කරනවා. මේ බෙදීමේ මුළ -“trace” එක – සොයා ගත හැකියි. පාරභෞතිකය ලෝකය නීචකරගන්නේ අනිච්චාවෙ භෞතිකය “සීමා” කිරීමෙන්-(තිරය). නමුත් මුළු පාරභෞතිකය-“සංකල්පීය” පිළිවෙලක් ගොඩනගා ඇත්තේ “සංකල්පීය නොවනා” ලෝකය මතයි. ශාරීරිකය වෙන් කරපු ඉන්ද්‍රීන් කයෙන් මනස ලෝකය අත් දකින්නේ. ඉන්පසු මේ සම්භවය මකලා, පාරභෞතිකය, අනත්ත, අසීමිත, සදාකාලික නිත්‍ය…
මනමේ පරිණත වීම
මයිකල් ප්‍රනාන්දු මෙම ලිපිය සකස් කරන ලද්දේ මහාචාර්ය ආරිය රාජකරුණා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසුව ඔහුගේ ද අනුමැතිය ඇතිවය. ලෝකප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ වරක් ප්‍රකාශ කළ පරිදි හොඳ චිත්‍රයක් ද පණ ඇති ජීවියෙකු ලෙස ක්‍රමයෙන් වර්ධනය වෙයි. එයට හේතුව එම චිත්‍රය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පසුබිම මෙන්ම ඔවුන්ගේ ආකල්ප ද ඓතිහාසිකව පවතින පරිසරය අනුව වෙනසකට පාත්‍ර වීමයි. ලෝකයේ හොඳම නාට්‍යකරුවන්ගේ නාට්‍යයද ඔවුන් ජීවත් වූ අවධියේම නොයෙක් වෙනස්කම් වලට පාත්‍ර වී වෙනස් වී ඇත. නාට්‍යයේ රඟපාන නළු නිළියන් චරිතයන්ට සපයන අර්ථ කථන මෙන්ම ප්‍රේක්ෂක හා විචාර ප්‍රතිචාර නිසා ද නාට්‍යකරුවෝ සිය නාට්‍යවල සමහර වෙනස්කම් කරති. බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන…
“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ හයවැනි කොටස
“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ -හයවැනි කොටස දමිළ හින්දු අනන්‍යතාවය විඝනීභූතකරණය – මහාචාර්ය ගණනාථ ඔබේසේකර පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස දමිළයන් පිළිබඳ මේ තත්ත්ව නිරූපණය සැම විට ම එක ස්වරූපයෙන් පැවතුණා යැයි කිව නොහැකි වුවත් ඇතැම් නිරූපණයන් යටත් විජිත යුගයට පෙර කාලයේ දී නිරතුරුවම එක සේ පැවතුන බව පෙනේ. දමිළයෝ වනාහි පරාජය කළ යුතු සතුරෝය යනු වැනි ඇතැම් නිරූපණයන් දකුණු ඉන්දීය ආක්‍රමණ අවධීන්හි දී ඉස්මතු වන්නටඇත . එහෙත් අනෙක් අවධි වලදී විවාහය හා ඥාතී සම්බන්ධතා වඩා වැදගත් වන්නට ඇ[ත]. [must surely have been important ඇති බව නිසැකය.] මේ විවිධාකාර ප්‍රතිනිරූපණයන් නිසා දමිළයන් “අන්‍යයන්” ලෙස නොපෙණුනාය not seen කියා…
