By kathika

නගර සංවර්ධනය හා මූලධර්මවාදය

නගර සංවර්ධනය හා මූලධර්මවාදය වික්ටර් අයිවන් කොළඹ නගර සංවර්ධන විවාදය යන හිසින් මීට පෙර කලාපයක පළවූ මාගේ ලිපිය විවේචනයට හා විචාරයට ලක් කරන කුමුදු කුසුම් කුමාරගේ ලිපියක් පසුගිය රාවයේ පළවී තිබුණි. කුමුදු 71 කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි. එවැනි කෙනකු අතින් කොළඹ සිදුවන නගර සංවර්ධනය ගැන පළවූ මාගේ අදහස් විවේචනයට හා විචාරයට ලක්වීම සුදුසුය. ඒ නිසා මට නැවත එම සාකච්චාවට යොමුවීමට අවස්ථාවක් ලැබීම ගැනද සතුටු විය හැකිය. ඉතිරිය සඳහා බලන්න රාවය

සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි

සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි තිස් වසරක යුද්ධය අවසන් වී වසර දෙක හමාරක් ගත වී ඇත. හදිසි නීතිය ඉවත් කොට මාස තුනකට ආසන්නය. රටේ නීතිය හා සාමයට අදාළ කරුණු සාමාන්‍ය තත්වයට පත් වී ඇතැයි කියනු ලැබේ. නමුත් පෙර නොවූ විරූ පරිදි රජය, ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණයට ලක් කරමින් පවතින්නේ යැයි බරපතළ විවේචනයක් සමාජයේ ගොඩ නැගෙමින් පවතී. සාමාන්‍යයෙන් හදිසි නීතිය යටතේ පමණක් මහ මඟ දැකිය හැකි අවි ගත් හමුදා සෙබලුන් හදිසි නීතිය ඉවත් කළ බව ප්‍රකාශ කළ පසුත් දිගටම මහජනයා අතර ගැවසෙන්නට රඳවා තබා ඇත්තේ හදිසි නීතිය ඉවත් කිරීම හුදු නාමමාත්‍ර දෙයක් යැයි ප්‍රකාශ කරන්නට මෙනි. හදිසි නීතිය ඉවත් කරනවාත්…

“නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ “නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම: ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම් කුමුදු කුසුම් කුමාර ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා. රොබට් මෝසස් ගේ කියුමක් සිහින නගරයක් සැළසුම් කිරීම පහසුය; ජීවමාන නගරයක් යළි ඉදිකිරීමට පරිකල්පනාව අවශ්‍ය කෙරෙයි. ජේන් ජේකබ්ස් ජේන් ජේකබ්ස් White Horse තැබෑරුමේදී 1961, මෑන්හැට්න්, නිව්යෝක් පුරය ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ට මැදිහත් වෙමින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කරගනු වස් සහ…

උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක්

උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන කොළඹ ඉහළ සමාජයේ ඉන්නා රාජ්‍ය නොවන විශේෂඥයෝ ද, ස්වාධීන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන මාධ්‍ය ලොක්කෝ ද ඉදිරිපත් නොවෙති. එබැවින් සිංහල සමාජයේ යටත් වැසියන් පමණක් නොව, පුරවැසියන් ද උතුරේ සහ…

යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි අප හිතවත් වික්ටර් අයිවන් ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘(රාවය, 2011 ඔක්තෝබර් 9) මැයෙන් ලියූ ලිපිය සාකච්ඡාවකට වැදගත් කරුණු මතු කරයි. මෙම ලිපියේ අරමුණ එවැනි සාකච්ඡාවක් සඳහා වෙනත් දැක්මකින් කරුණු ඉදිරිපත් කිරීම මිස මේ පිළිබඳ වික්ටර් අයිවන් සමග විවාදයකට එළඹීම නොවේ. මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නූතන නගරයේ හරය ඇත්තේ එහි පුරවැසියනට තම සාමුහික ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත, සහ නගරයේ සංස්කෘතික, සමාජීය, දේශපාලන සහ ආර්ථික විවිධත්වය රැකගෙන පවත්වා ගෙන…

හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි

හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි ලේඛක හේමරත්න ලියනආරච්චි ගේ අභාවය ‘කතිකා‘ සාතිශය සංවේගයෙන් සටහන් කරයි. හේමරත්න ලියනආරච්චි පාදඩයකුගෙන් (1965), අන්තිම දා (1967), හා මම රාත්‍රිය වෙමි යන නවකතා තුනෙහිත්, මතක සටහන් (1964), හා සපුමල්ගේ ලෝකය (1991) යන කෙටිකතා සංග්‍රහ දෙකෙහිත් කතුවරයා වෙයි. මීට අමතරව ඔහු ‍ෂේක්ස්පිය‍ර්ගේ සමකාලීන ශ්‍රේෂ්ඨ නාට්යක රචකයෙකු වූ ක්‍රිස්ටෝෆර් මාර්ලෝගේ Dr. Faustus නමැති කෘතිය සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ ආරාධනයක් පරිදි “ෆෝස්ටස්” නමින් සිංහලට පෙරළන ලදුව 1999දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පළ කෙරිණ. ගුරුවරයෙකු වශයෙන් හා කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ හේමරත්න ලියනආරච්චි මහතා පේරාදෙණිය ගුරු විද්‍යාලයේ අධිපතිව සිට විශ්‍රාම ලබා සිය කාලය සාහිත්‍ය කටයුතු සඳහා යොදවමින් සිටියේය. ඔහුගේ “බටහිර සාහිත්‍යයේ…