By kathika

කතිකා.ලංකා

කතිකා.ලංකා ක්‍රියාකාරී සිංහල ජාත්‍යන්තර අඩවි නාම අතලොස්ස අතරට එකතු වෙයි කතිකා.ලංකා අඩවියට පිවිසීමට කතිකා.ලංකා යන්න ලිපිනය යොදන අවකාශයේ යතුරු ලියන්න. එවිට ඔබ කතිකා.ලංකා අඩවිය කරා ගෙන යනු ඇත. මෙම අඩවියේ දැනට ඇත්තේ තාක්ෂණික දෝෂයකින් තාවකාලිකව අක්‍රිය වූ නමුත් දැන් යලි පිහිටුවා ඇති කතිකා, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන විචාර සංග්‍රහයේ ප්‍රාරම්භ කලාපය යි. කතිකා, මංගල කලාපය නුදුරු දිනෙකදී පළ කරන්නට අදහස් කරමු. ඒ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න. දැනට ක්‍රියාත්මක අනෙක් සිංහල ජාත්‍යන්තර අඩවි නාම සඳහා මෙහි බලන්න.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ වෘත්තීය සටන

විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘත්තීය සටන් වෙත එළඹුණේ ඇයි? විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුවෙන් ප‍්‍රකාශයක් පසු ගිය සංකේත වැඩ වර්ජනයේ සිට ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ජාතිකව හා ජාත්‍යන්තරව විපර්කාරක දායකත්වයක් සැපයිය හැකි ලෝක මට්ටමේ උපාධිධාරීන් හා පර්යේෂකයන් බිහි කරන උසස් තත්ත්වයේ අධ්‍යාපන ආයතන ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ෂා කිරීමට දැඩි කැපවීමක් හා අධිෂ්ඨානයක් පෙන්වූහ. මෙම සමස්තය අරගලය අන් කවරක් සෂඳහාවත් නොව රාජ්‍ය විශ්ව විද්‍යාල ලංකාවේ මහජනයාට, ඔවුන්ගේ මිළ ගෙවීමේ හැකියාව නොසලකා, උසස් අධ්‍යාපන අයිතිය සහතික කිරීමට හා අපේ වෘත්තීයේ තත්ත්වය හා ගෞරවය ආරක්ෂා කිරීම සඳහාය. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මාර්ගයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සටන් බිඳ දැමීමට කටයුතු කරන…

නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර

නාට්‍යයේ පෙළ හා එහි රංගනය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කලාව වෙනත් කලාවක් වගේ ම වාණිජ බැමිවලින් හසු වී ඇති මේ කාලයේ මම මේ දේශනයෙන් දැක් වූ ලක්ෂණ නොවෙනස් ව පවතිනවා යැයි කියන්න අමාරු යි. මක්නිසාද කියතොත් මුදල් ඉපැයීම ප‍්‍රධාන අංශ වුණු විට තමා ගේ නිර්මාණය ඉතා නාඹුල් රුචිකත්වයෙන් යුත් පේ‍්‍රක්ෂකයා ජනයා පිනවීම සඳහා නාට්‍ය නිර්මාණය කරන්ට, නාට්‍ය සාදන්ට පෙළඹීම පුදුමයක් නොවෙයි. මෙයින් පේ‍්‍රක්ෂකයන්ට ගැඹුරු වින්දනයක් ජීවිතයේ අනිත්‍යතාව, දුක ගැන සිත තුළට කාවැද්දවීමක් සිදු නොවේ. ජීවිතය පිළිබඳ සත්‍යය අමතක කොට සැහැල්ලූ විනෝදයක් දීම පමණක් සිදු වේ. ඒ විනෝදයේත් නොයෙක් වර්ග විද්‍යමාන වෙනවා. බුද්ධියෙන් ලබන විනෝදයත් අංග විකාරයෙන් ලබන විනෝදයත් යන මේ දෙවර්ගය.…

හින්දු උළෙල පැරණි කදිරේසන් කෝවිල සමුද්‍ර වීදිය කොළඹ hindu festival – 2

කොළඹ, සමුද්‍ර වීදිය, පැරණි කදිරේසන් කෝවිලේ පූජා උත්සවය 2011 අ‌ප්‍රේල් මස 14 වැනිදා පැවැත්වුනි. පහත දර්ශන 15 දින උදෑසන ගත් ඒවා ය. The day after the festival at Sea Street, Old Kahiresan Kovil, 15th April, 2011

‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි

‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’ උස්වත්තෙ ආරච්චි ‘බස’ යනු ඒ දොඩන, ලියන, කියවන දනා අතර සම්මුතියෙකි. ‘මහා සම්මතය’ රජකු පත් කර ගැනීම නො ව, බසක් නිර්මාණ කිරීම ය. සිංහල වහරන්නෝ ‘ඔළුව’ කුමක්දැයි දනිති. එහෙත් ඉංගිරිසිය වහරන්නෝ ඒ කුමක්දැයි නො දනිති. එ මෙන් ම ‘ව්‍යාකරණ’ යනු ඒ සම්මුතියේ වැදගත්ම කොටසයි. ඇමරිකීයයෝ ‘twenty’ යි ලියති. එය ‘twenny’ යි උසුරුවති. ප්‍රංශුවෝ ‘bourgeois’ යැයි ලියති, ‘බුර්ශ්වා’ යි හඬවති. තායි බසෙහි ‘ශිනවන්ත්‍රා ’ යි ලියා ‘ශිනවත්’ යි කියැවෙයි. මෙසේ ඇතිවන යම් යම් සම්මතවලින් බස් වහරන ජනයාට ප්‍රයෝජනයක් ඇත. ඒවා අත්තනෝමතික ලෙස කපා කොටා දැමීමට, තම තමන්ට රිසි පරිදි උසුරුවන්නාට…