By kathika

සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද? –සංකජය නානායක්කාර විසිනි

2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම! – ‘කතිකා’ අධ්‍යයන කවය විසිනි ‍ PDF මාදිලියෙන් කියවන්න මෙතැන Download PDF here 2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි. මෙම ජනාධිපතිවරණය පැහැදිලිව…

ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න

ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න නිර්මාල් රංජිත් දේවසිරි විසිනි අතිශයින් භයානක නැඹුරුව වන්නේ සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය සඳහා වන මහජන ඉල්ලුම එන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී විපර්යාසයක් සඳහා අතිශයින් අනතුරුදායක වන, “දූෂණයෙන් තොර විනයගත සමාජයක්” සඳහා වන අවශ්‍යතාව දෙසිනි යන කරුණයි. දූෂණ-විරෝධී සටන් පාඨය නිවැරදි ය. නමුත් ජනතාවාදී දූෂණ-විරෝධී ආකල්පය ප්‍රබල ප්‍රජාතන්ත්‍ර- විරෝධී සහ ඒකාධිපතිවාදී මනෝභාවයක් ද කැටුව එයි.

ගෝඩෝ එනකන්? සංකජය නානායක්කාර

ගෝඩෝ එනකන්? සංකජය නානායක්කාර අප දැන් සිටින්නේ ජනාධිපතිවරණයක මුව අග ය. එබැවින් මෙය ජනප්‍රිය දේශපාලනයේ සමය යි. මෙම කාලය තුළ ජනවාර්ගික ගැටලුව මඟහැර සිටීම කළ හැකි හොඳම දෙය වේ. වඩාත් භයානක දෙය නම් ඉතිහාසයේ නොයෙක්වර ශෝචනීය ලෙස සිදුවූ පරිදි, බහුතර සිංහල ජනතාවගේ සැක සංකා දඩමීමා කරගෙන අන්තවාදී බලවේග අවුළුවන ජාතිවාදී ඝෝෂාවය. කොටින්ට එරෙහිව ලැබූ යුද ජයග්‍රහනය ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. ජනාධිපතිවරණය කලින් පවත්වන්නේත්, ජනරාල් ‍ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයෙකු ලෙස මතුවන්නේත්, යුද ජයග්‍රහනයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන නිසාය.

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි”

“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි” සුචරිත ගම්ලත් මෙලෙස සිංහල සාහිත්‍යය ඇගයීමට ප්‍රමිතීන් තිබිය යුතු යැයි අවධාරණය කරන විට ඔහු ඉන් සාහිත්‍යය, කලාව ගැන ප්‍රකාශ කරන්නේ කුමන අදහසක් ද? ඉන් ඔහු ජනතා විරෝධියෙක් බවට පත් වේද?

ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද?

ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද? “ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම. (2) දේශපාලනය අන් තැනක” යන මැයෙන් ප‍්‍රභා මනුරත්න සහ බුද්ධික බන්ඩාර “කටු සටහන්’ හි පළ කළ ලිපිය (මුල් ලිපිය මෙහි බලන්න) ලාංකේය සමාජයේ සිංහල ජාතිකවාදය සහ බෞද්ධ ආගමික හැඟීම් වැඩී ඒම පිළිබඳ සාකච්ඡාවට ලක් විය යුතු ‍‍වැදගත් ‍කරුණු රැසක් ඉදිරිපත් කරයි. එයින් ප්‍රමුඛ ලෙස මා දකින කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, ජාතිකවාදය සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් බව ය. දෙවැන්න, “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” සහ “ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන හා විකල්ප දේශපාලන ධාරාවල බෙදුම් රේඛාව මකා දැමීම ද” “ අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ…

“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය”

“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය” සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 3 වැනි කොටස -හනා ආරන්ඩ්ට් “මෙම සමාජය අවශ්‍යයෙන් ම, තවදුරටත් විවේක කාලය ස්වයං පරිපූර්ණත්වය හෝ තව තවත් සමාජ තත්ත්වය අත් කරගැන්ම සඳහා නොව, වඩ වඩාත් පරිභෝජනය හා වඩ වඩාත් විනෝදාස්වාදය සඳහා භාවිත කැරුණු පාරිභෝගිකයන්ගේ සමාජයක් වීම නිසා ය. ඇත්ත වශයෙන් ම, ප‍්‍රතිඵලය වන්නේ, බැරෑරුම් ලෙස කියතොත්, නොපවතින්නක් වන, බහුජන සංස්කෘතිය නොව, ලෝකයේ සංස්කෘතික වස්තූන්ගෙන් පෝෂණය වන බහුජන විනෝදාස්වාදය ය. එවන් සමාජයක් කල් ගත වීමත් සමග වඩා ”හැදියාවකින් යුතු” බවට පත් වන්නේ යැ යි ද, අධ්‍යාපනය එහි කාර්යය ඉටු කර ඇතැයි ද විශ්වාස කිරීම මාරාන්තික වරදකැ යි…