From දේශපාලනය

මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග

II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය. වත්මන් සිතීමට අනුව,…

වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

III වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී…

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිළිබඳ ලිපියක සමාප්ති සටහන් – සමුද්‍රන්

අධිරාජ්‍යවාදී ලෝකය විසින් උපත දෙන ලද පළමු විප්ලවය උදා වී ඇත. පළමු විප්ලවයයි, නමුත් නිසැකවම අවසන් එක නම් නොවේ. – ස්විට්සර්ලන්තයේ සූරිච් හි විප්‍රවාසීව සිටියදී 1917 පෙබරවාරි විප්ලවය පිළිබඳ පුවත ලැබුණු විගස ලියූ ලිපියකින් ‘සියලු බලය කම්කරුවන්ගේ, සෙබළුන්ගේ සහ ගොවීන් ගේ සෝවියට් සභා වලට.’ සාමය! පාන්! ඉඩම්! – 1917 බෝල්ෂේවික්වරුන්ගේ සටන් පාඨ ‘1917 රැසියානු විප්ලවය…

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු…

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ කරන පරිදි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පළාත් මට්ටමින් ඔබ්බට ගම්සභා සහ සුළු නගර සභා මට්ටමට බලය බෙදීම පුළුල් කිරීමේ යෝජනාව බෙහෙවින් වැදගත් ය. නමුත් ගැට‍ළුව වන්නේ බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකඟ කරවා ගැනීමට එය ප්‍රමාණවත් වේද? යන්න යි. ඒ සඳහා අවශ්‍ය…