From රනිල් වික්‍රමසිංහ

Featured

රාජ්‍යය ද නැතහොත් වෙළඳ පොළ ද? දෙකම !

වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.

Featured

මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර් 

අහිලන් කදිර්ගාමර්  මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…

Featured

කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

අහිලන් කදිර්ගාමර් මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස…

Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට-අහිලන් කදිර්ගාමර්

ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම,  නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන…

කාන්තාවන් සහ වැඩ කරන ජනතාව පෙළන බොරු පොරොන්දු!

ශ‍්‍රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…

වෙනසට බිය; මහ වෙනසට මහා බිය.

මම ඒත්තු ගන්වන්නට උත්සාහ දරන කාරණය නම් ‘විප්ලව තේ සාද නොවේ’ වන නමුදු, ඒවා අවසාන විසඳුම ලෙස කෙරෙන ක්‍රියා බව ය. ඒවා සිදු වන්නේ කුණු වූ සමාජවල ප්‍රතිසංස්කරණ සඳහා දරන සියලු උත්සාහයන් අසාර්ථක වූ විට ය. 19 වැනි සියවසේ අග භාගයේ ප්‍රංශයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ රුසියාවේ විප්ලව වලින් ඒ බව වඩාත් පැහැදිලි විය. කුඩා තිතක් බඳු මෙම දිවයිනට 21 වැනි සියවසේ පළමු භාගයේදී  මහා දේවල් සාධනය කරගත නොහැකි වීමට හේතුවක් නැත. ඒවා අසාර්ථක වන්නේ පවතින තත්ත්වයට සමාජයේ වඩාත්ම බලවත් පුද්ගලයන් වඩා කැමති වූ විට ය. ඔවුන්ට එරෙහිව ජනතාව සතු බලවත්ම මෙවලම සමඟ නැගී සිටිය යුතුය: ඒ තමන්ම ය.