වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක් සුමනසිිරි ලියනගේ විසිනි 1. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීම සමග ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු පිළිබඳ අදහස තවදුරටත් වලංගු ද යන්න ගැන කුකුසක් වමේ සහෝදරවරු අතර පැන නැඟී ඇති හෙයින් මෙම කරුණ ගැන බරපතල ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේය. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල ආණ්ඩුව වෙතින් ජනයා ඉවත්වීමක් පැහැදිළිව පෙන්වයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු වූ අතර ආසන සංඛ්‍යාව හයකින් අඩුවිය. මොනරාගල දිස්ත‍්‍රික්කයට වැඩි ආසන ගණනක් ලබා නොදුන්නේ නම් එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ගණනක් ලබා ගන්න තිබුනේ ද යන ප‍්‍රශ්නය ද කෙනෙකුට නැගිය හැක. ස්වභාවයෙන්ම මැතිවරණ වාසිය ගියේ එක්සත් ජාතික…
'kathika' social, cultural and political review
Tagged කුමුදු කුසුම් කුමාර
සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්
සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම් කුමුදු කුසුම් කුමාර මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම…
අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම
අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම: මහාත්මභාවය සනාථ කිරීමට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාවකි කුමුදු කුසුම් කුමාර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය එම ආයතනයේ වසර අටක සේවාකාලයකට පසු සේවයෙන් නෙරපීමට විශ්වවිද්‍යාල පාලක මංඩලය තීරණය කොට ඇත. මෙම තීරණයට හේතුව වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන්නේ සේවයෙහි ස්ථිර කිරීම සඳහා අදාළ කොන්දේසිය වන පශ්චාත් උපාධි සුදුසුකම නියමිත පරිවාස කාලය වන අවුරුදු අට තුළ ඉටුකරන්නට අනුරුද්ධ ප්‍රදීප් අසමත් වීමයි. නමුත් මෙම තීරණය හෙළා දකින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් පෙන්වා දෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පලිගැනීමක් බව සහ මේ සිදුවීම පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන හේතුව එයට අදාළ සැබෑ…
‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්
‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක් කුමුදු කුසුම් කුමාර ‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ යන මැයෙන් නාමල් උඩලමත්ත ‘දිවයින-වටමඬල’ අතිරේකයට (2013 මැයි 16) ලියූ ලිපිය පිළිබඳ ලියමි. එම ලිපියට මාතෘකා වන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් මැයි 2 දා සංවිධානය කළ ‘සාහිත්‍ය සහ ඉතිහාසය’ නමැති සංවාදයේදී මා කීවේ යෑයි කියන අදහසක් නාමල් උඩලමත්ත මෙසේ සඳහන් කරයි. ‘අමරසේකර සිය කෘති ඔස්‌සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම්කර ගැනීම පරස්‌පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය’ නාමල් උඩලමත්ත එසේ කියා ඒ පිළිබඳ විවේචනයක් කරයි. මා මේ…
ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය
ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය කුමුදු කුසුම් කුමාර රනිල් වික්‍රමසිංහ සුචරිත ගම්ලත් ශූරීන් පිළිබඳ ලියූ ලිපිය (රාවය, 2013 අප්‍රේල් 14) සාකච්ඡාව සඳහා වැදගත් කරුණු ගණනාවක් මතුකරයි. ජාතික අනන්‍යතාවක් ගොඩ නැංවීමෙහි ලා භාෂාවට හිමිවන ප්‍රමුඛත්වය පිළිබඳ අදහස මෙහි ලා ප්‍රධාන ය. රනිල් වික්‍රමසිංහ ගම්ලතුන්ගේ දායකත්වය අගය කරන්නේ ඔහු සිංහල භාෂා පුනර්ජීවනයට උර දුන් මුල් විද්වතුන් ගේ පරපුරේ විප්ලවීය යුග පුරුෂයෙකු ලෙසිනි. යටත් විජිත සමයේ මෙරට ඇරඹුණු සිංහල හා දෙමළ භාෂා පුනර්ජීවන ව්‍යාපාර යටත් විජිත විරෝධයේ ආරම්භය සටහන් කළ බෞද්ධ සහ හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරවල දිගුවකි. අප ජාතියක් වශයෙන් නැඟී සිටීමේදී සහ සිංහල භාෂාව පෝෂණයේදී ඉංග්‍රීසි භාෂාව දේශීය භාෂාවක් වශයෙන් උගැන්මේ ඇති වැදගත්කම…
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද?
පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද? කුමුදු කුසුම් කුමාර තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි. මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා…