Tagged ජනතාව

Featured

අරගලය පාවා දෙනු ලැබීද ?: ජනතාවාදී යුගයක බුද්ධිමතුන්ගේ ‘ද්‍රෝහීත්වය’ 

දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ  ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ‘‘ජනතාවට සහභාගිවීමේ අයිතිය සහ අවකාශය’’ තිබිය යුතුය

පසුගිය දෙසැම්බර 21 වන දිනැති පාර්ලිමේන්තුවේ අංක 01 දරණ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට අනුව මෙම ජනවාරි 09 වන දිනයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය සඳහා ‘‘ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලය’’ ලෙසින් හඳුන්වනු ලබන මන්තී‍්‍රවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනු ඇත. එහි අරමුණ වනුයේ (උපුටනයේ ආරම්භය)…..ජනතාවගේ අදහස් හා උපදෙස් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 75 වන…