“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා” රත්න ශ්‍රී විඡේසිංහ බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල් දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක් හිරිකිතයක් නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. වැඩිදුරටත් අදහස් ප්‍රකාශ…
'kathika' social, cultural and political review
Tagged Add new tag
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හත්වැනි ලිපිය : විශේෂයාගේ සම්භවය පිළිබඳ
Globe and Mail, January 26, 2008 විශේෂයාගේ සම්භවය පිළිබඳ On the Origin of Species PDF මාදිලියෙන් කියවන්න downloadpdf මයිකල් රූස් පරිවර්තනය: අමිල සූරිආරච්චි 1850 දී පළවූ සිය විශේෂයාගේ සම්භවය අවසානයට පැමිණීමේදී ඉංග්‍රීසි ජාතික ස්වභාවික විද්‍යාඥ චාල්ස් ඩාවින් [තම]පොත හැඳින්වූයේ “තනි දීර්ඝ තර්කයක්” ලෙසිනි. යුග අරුත් ගන්වන මෙම කෘතිය කියවිය යුත්තේ ඒ ආකාරයටම ය. අප ද…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’- සිවුවැනි ලිපිය : සියක් වසක හුදෙකලාව
Globe and Mail අප්‍රේල් 25, 2008 සියක් වසක හුදෙකලාව ඉලන් ස්ටවාන්ස් පරිවර්තනය පියල් කුමාර ජයරත්න, අනූෂයා කොල්ලුරේ PDF මාදිලියෙන් කියවන්න Download PDF එවකට එතරම් ජනප්‍රියත්වයක් ලබා නොසිටි කොළොම්බියානු ජාතික ජනමාධ්‍යවේදියෙකු වූ ගාබ්‍රියෙල් ගර්ෂියා මාකේස්, මාස දහ අටක් තිස්සේ මෙක්සිකෝවේ හුදෙකලාවේ වසමින් සියක් වසක හුදෙකලාව ලිවීය. ලතින් අමරිකානු කලාපයෙන් මතුව ආ නව සාහිත්‍ය රැල්ලක පෙරගමන්කරු වෙමින්…
සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය
මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි දෙවැනි ලිපිය යි. අපගේ පළමු ලිපියට අප දිරිගන්වන සුළු ප්‍රතිචාර ලැබී තිබේ. අපට උපකාර කිරීමට, පරිවර්තනයෙහි ලා දක්ෂකම් දක්වන කිහිප දෙනෙකුම දැනටමත් ඉදිරිපත් වී සිටිති. අද අප පළකරන ලිපිය, Globe and Mail පුවත්පතේ මෙම විශේෂාංගය සංස්කරණය කරන, එම පුවත්පතේ පොත්-පත් විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින්, ‘ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීම පිළිබඳ අදහස හා සබැඳි ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත ගැටළු, පිළිබඳ කරන සාකච්ඡාවකින් සංක්ෂිප්තව සකස් කරගත් එකකි. දෙවනුව, මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් ඉදිරිපත් කළ විවිධ…
“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50,” කැනේඩියානු පර්යාලෝකයකින්
අප රටේද, සාහිත්‍ය සහ පොත-පත කියැවීම පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසක් සිටින බව පෙනෙන හෙයින්, Globe and Mail පුවත්පතේ එම විශේෂාංගය අපට හැකි පමණින් සිංහල පාඨකයාට ඉදිරිපත් කරන්නට අපි අදහස් කළෙමු. මෙය එතරම් පහසු කාර්යයක් නොවන්නේ, Globe and Mail පුවත්පත තෝරාගත් ජූරි සභාවක් විසින් තෝරාගෙන සතිපතා නම් කෙරෙන මෙම පොත් පිළිබඳ, අදාළ ක්ෂේත්‍රයේ මනා සුදුසුකම් ඇතැයි පිළිගැණෙන විද්වතුන් සහ ලේඛකයන් විසින් සතිපතා ලියැවෙන ලිපිය එහි මුල් අදහස එපරිද්දෙන්ම රැකෙන පරිදි සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීම ඇතැම් විට අතිශය දුෂ්කර කටයුත්තක් වනු ඇති හෙයිනි. මේ සදහා අපට දක්ෂ භාෂා පරිවර්තකයන්ගේ පිහිට පැතීමට සිදුවෙයි.