“….ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කළේ රාජ්‍ය බලය රැක ගැනීම වෙනුවෙන් යම් යම් දේවල් කරමින් බලයේ ඉන්න එක නොවෙයි. ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක්. ජනාධිපති සිරිසේන ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ අවංක දේශපාලන වැඩපිළිවෙළක් ඔහුට තිබුණේ නැති බව අපිට පේනවා. හරිනම් බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යාම. එහෙම වුණා…
'kathika' social, cultural and political review
Tagged featured
මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර
“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු…
‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය
පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…
පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?
“ මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතිං පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවිකෙනෙක් කරලා තියෙන්නේ?“ අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු…
සොක‍්‍රටික ශික්ෂණ විද්‍යාව: තර්ක කිරීමේ වැදගත්කම – මාර්තා නස්බෝම්
කතිකා. ලංකා වෙබ් අඩවියේ පළ වූවකි පරිවර්තනය: ලියනගේ අමරකීර්ති මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ. – සොක‍්‍රටීස්. ප්ලේටෝගේ ඇපොලොජි. දැනුම සඳහා අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමෙන් හෝ අනෙක් අයගේ අදහස් අයිති කර ගැනීමෙන්…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය
මානව මනසේ මහා අභිරහස් ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිහින පිළිබඳ අර්ථකතනය ජෙෆ්රි මුසෙයින් මැසොන් පරිවර්තනය: ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් Globe and Mail අප්‍රේල් 12, 2008 ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ එන ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ දෙවැනි ලිපිය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය පිළිබඳ පහත පළ කරන්නෙමු. 1990 දි සිග්මන් ෆ්‍රොයිඩ් ගේ…