“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “,

“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “, ඔවුන් රටටම බරක්
– එස්.බී.

මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක බාහිර උපාධිධාරීන් රටටම බරක් යයි පැවසුවේ මෙසේය

‘විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ ‘ක‍්‍රීම් ඔෆ් ද ක‍්‍රීම්’ දරුවන්. අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහිකරන එක ඉදිරියට නතර කරන්න ඕනෑ. බාහිර උපාධි කාරයෝ අද රටට ගමට පවුලට මහ බරක්…සමහර ආචාර්යවරු සතියකටම බාහිර උපාධි ප‍්‍රශ්න පත්තර අටදාහක් නව දාහක් උඩ දාල බලනව. සමහරුන්ට රැකියා දෙන්න යනකොට ඒ අයට සාපෙළ නෑ ඒත් උපාධියක් තියනව. සා.පෙළ ගණිතයවත් නැති කෙනෙකුට කොහොමද රැකියාවක් දෙන්නේ…අපේ අරමුණ පාරවල් අයිනෙ හිටගෙන ඉන්නැති උපාධිධාරීන් බිහිකරන එකයි..’

හර්ෂි සි. පෙරේරා

බලන්න lankaguardian

Comments

  1. ඔබ කියන්ෙන් ෙමානවාදැයි ඔබ ම ෙනාදනියි… අප ඔබට අනුකම්පා කරමු ඒෙහත් ෙෙදවය…?

  2. මේ (අපහාස වචනය ඉවත් කරන ලදී – සංස්. ) ආණ්ඩුවට හොදට කඩේ යනවා

  3. එහෙනම් ඉතිං කරන්නේ තියෙන්නේ විශ්ව විද්‍යාල වල තව ඉඩ පහසුකම් හදන එක නේද……?? ළමයි ගැන හිතන එකයි රටක ආණුවල මුලින්ම කෙරෙන්න ඕඅන කාර්යය…. අනික මමනම් හිතන්නේ නෑ බාහිර උපාධ් කරනෙන උසස් පෙළ විභාගෙන් අඩු ප්‍රතිඵල ගත්ත අය කියලා… සමහර විට අභ‍ය්‍යන්තර සුසුන්ට වඩා සුදුසුකම් එයාලට තියෙන්න පුළුවන්…… අනික රටේ ජීවත් වෙන්නනම් අඩුම තරමේ ඉගෙනවත් ගන්න හොද ආදායමක් තියෙන්නේ ඕනේ…. උසස්පෙළ කරපු ගමන් ළමෙක් රැකියාවකට යොමු වෙන්නේ ඒ අවශ්‍යතාවය මත මිසක් වෙන හේතුවක් එක එල්ලෙම පෙන්නන්න අමාරුයි… මොනවා උනත් මේක මිට වඩා සදාරණව හිතලා කටෞතු කරනවනම් රටේ අනාගතේටත් හොදයි කියලා මම විශ්වාස කරනවා……..

    ඒ වගේම සුසුන්ට ලස්සනට ආමන්ත්‍රණය කරලා තියෙන විදිය දැක්කම සතුටට පත් වෙනවා….. ජනතා ආණ්ඩුව ජනතා හිත සුව පිණිසමයි කියලා මේවගේ වැඩ වලින් ඔප්පු වෙලා හමාරයි…..

  4. බාහිර උපාධි කාරයො නෙමෙයි කාලකන්ණි. මේ රටේ ඉන්න දේශපාලඥයෝ. දැන් ඉන්න නිලියන්ටයි / නලුවන්ටයි දේශපාලන තියා ලංකාවේ ඉතිහාසයත් පැටලෙනවා. මේක නෙමෙයිද ලංකාවේ කාලකන්ණි කම

Leave a reply to එරංග Cancel reply