දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මම කලකට පෙර දැන සිටියෙමි. මා 1970 දශකයේ මැද භාගයේ ජනවේගය පත්තරයේ සේවය කළ සමයේ දී ඔහු සේවය කළේ සමසමාජයෙන් පළ කළ ජන දින පත්තරයේ ය. අපේ කාර්යාල මාලිගාවත්ත පාරේ එක ළඟ පිහිටා තිබුණු හෙයින් දෝ අප හඳුනා ගත් බව මට මතක ය. මෘදු ගති පැවතුම් ඇති, ප්‍රිය මනාප පුද්ගලයෙකු වූ…
'kathika' social, cultural and political review
By kathika
වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යයන් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
ලංකාවේ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය ගැන ඔබේ තක්සේරුව මොකද්ද? මේ වෙනකොට අධ්‍යාපනය විවිධාකාරයෙන් අර්බුදයට ලක්වෙලා තියෙන්නේ. මේකට එක ප‍්‍රධාන හේතුවක් අධ්‍යාපනය අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන එක. ඒක අධ්‍යාපනයට විතරක් නෙවෙයි අද රටේ හැම තැනකට ම වගේ පොදු දෙයක් වෙලා. කොටින්ම කියනවා නම්, දැන් දේශපාලනය කියන එක සමාජ පංතියක් බවට පත්වෙලායි තියෙන්නේ. අද ලංකාවේ තියෙන්නේ මාක්ස්වාදයේ…
“ප්‍රායෝගිකබව” ගේන්නේ බුද්ධාගමට තියන වරප්‍රසාද රකින්න – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම වාර්තාවේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව) විවෘතභාවය පිළිබඳ සිහිපත් කරමින් අදහස් දැක්වීම ආරම්භ කළ අතර ඔහු මෙහිදී වාරණය හා ස්වයංවාරණය පිළිබඳ ප්‍රශ්නය එනම් හමුදාකරණය , යුද්ධය සහ යුද්ධය නිසා වූ මානව…
අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (1 කොටස)
පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “1818 දී බ්‍රිතාන්‍යයන්ට එරෙහි විරෝධතා අරගල සමයේ බිබිලේ (වෙල්ලස්ස නම්) සහ ඒ ආසන්න මගේ වර්තමාන ක්ෂේත්‍ර පර්යේෂණ ප්‍රදේශයේ සිංහල පවුල් කිහිපයක් නැගෙනහිර වෙරළට පලා ගොස් එහිදී සිංහල වාසගම් නාම සහිත දෙමළ කතා කරන්නන් බවට පත්විය. සුළු ආකාරයකින් හෝ ඔවූහු අප වත්මනෙහි නැගෙනහිර වෙරළ යැයි පවසන ප්‍රදේශයෙහි සංස්කෘතික සාරවත්භාවය පෝෂණය කිරීමට…
මහජනයා බලගන්වන්න ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ඉඩ දෙන්නෙ නෑ-ආචාර්ය නිර්මාල් දේවසිරි (Constitution: For Whom ? )
“ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව පිළිබඳ ) සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දෙන ලද වැදගත් අදහසක් වූයේ මහජනයාට දේශපාලන බලය ලැබෙන, දෛනික වශයෙන් ආණ්ඩුකරණ ක්‍රියාවලිය හැසිරවීමට හැකි රැඩිකල් ආකාරයෙන් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලකට ලංකාවේ දේශපාලන සහ ආර්ථික…
ව්‍යවස්ථාව කාටද ?/Constitution : For Whom ?- අහිලන් කදිර්ගාමර්/Ahilan Kadirgamar
” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී අහිලන් කදිර්ගාමර් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද කරුණක් වූයේ ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව හමුවේ මෙසේ ජනතාව අදහස් ඉදිරිපත් කිරීම විශේෂඥයන් විසින් ව්‍යවස්ථාව සකස් කළ යුතුය යන කරුණට එරෙහිව යන සුභවාදී දෙයක් බවත් ව්‍යවස්ථාව හෝ…



