From දේශපාලනය

ජනවාර්ගික සබඳතා

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?” වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 ජූලි කලාපයේ කතුවැකියෙන් උපුටා ගැණුනි. “ඉතිහාසයේ කරුණු කාරණා පෙළ ගැසුණු ආකාරය අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන තුරු යුද්ධයක් කරගෙන යාමට රජයට සිදුවීම නොවැලැක්විය හැකි සිද්ධි දාමයක් විය. එය දෙමළ ජනතාවට එරෙහිවූ යුද්ධයක් නොවන බවට රජය සපථ කලේය. එහෙත් යුද්ධය පැවති කාලය මුළුල්ලේම හානියට, විපතට හා ව්‍යසනයට පත්වූ විශාල වැඩි පිරිස සටන්කරුවන් නොවූ සාමාන්‍ය දෙමළ වැසියන්ම විය. අවසානයේ පරාජයට හා විනාශයට පත් කලේ බෙදුම්වාදී හා ත්‍රස්තවාදී නායකත්වය ඇතුළු එල්.ටී.ටී.ඊ. යේ සටන් බල ඇනි වුවද, නොවැලැක්විය හැකි ලෙස ඒ අතරතුර මහල්ලන්,…

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”

“මෙම අවතැන් කඳවුරු වල දොරටු එක දවසකට හෝ විවෘත කළ හොත් එකම පුද්ගලයෙක් හෝ එහි රැඳී නොසිටින බව ඔබට දැක ගත හැක. ” වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 අ‌ගෝස්තු කලාපයෙන් උපුටා ගන්නා ලදී. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති වී. ආනන්දසංගරී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද විවෘත සංදේශය. 05.07.09 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ශෝකජනක තත්වය. මේ රටේ අභිමානය හා ගරුත්වය පවත්වා ගත යුතු නම් මෙම අවස්ථාවේදී ඔබගේ මැදිහත් වීම අවශ්‍ය බව අවබෝධ කරවීම සඳහා මා මෙම ලිපිය ලියන්නේ බලවත් සිත් තැවුලෙනි. රටේ විශ්වසනීයත්වය රඳා පවතින්නේ සමහර…

ගාන්ධි පසුපස ගාන්ධි

ඡායාරූපය මුකේෂ් පර්පියානි අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බ‍ටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර…

ජනවාර්ගික සබඳතා

” ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න ” ” මා සිතන්නේ, මෙබඳු කටයුතු වලදී අනුගමනය කළ හැකි, පුරුද්දෙන් ඇතිකර ගත්, ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නම් “ ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න” සහ ඔවුන් ඔබ ට කරනු ඇතැයි ඔබ අපේක්ෂා නොකරනු ඇති යමක් අන් අයට නොකරන්න. බාගවිට, මෙබඳු විවාදාපන්න මාතෘකා පිළිබඳ ලියන කුමන හෝ ලේඛකයෙකු “ මගේ අත්තම්මා ඒ ඇතුළේ සිටියා නම් මොකද වෙන්නේ? එය මගේ පර්යාලෝකය වෙනස් කරනු ඇත්ද?” යන ප්‍රශ්නය ඇසිය යුතුය. ” දයාන් ජයතිලක මෙසේ මතක් කළේ කුමන කරුණක් අරභයා ද? මෙහි බලන්න

‍“ලේ හෙළනු ඇති”

‍“ලේ හෙළනු ඇති” PDF මාදිලියෙන් කියවන්න Download pdf “ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්ය ය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු බලයට පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය.”

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය :කුමාරයා

Globe and Mail, 2008 March 14 PDF මාදිලියෙන් කියවන්න downloadpdf මිනිසුන් අතර කුමාරයා‍ නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා මයිකල් ඉග්නටියෙෆ් පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ 1532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ…