ශ්රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…
'kathika' social, cultural and political review
From දේශපාලනය
වෙනසට බිය; මහ වෙනසට මහා බිය.
මම ඒත්තු ගන්වන්නට උත්සාහ දරන කාරණය නම් ‘විප්ලව තේ සාද නොවේ’ වන නමුදු, ඒවා අවසාන විසඳුම ලෙස කෙරෙන ක්‍රියා බව ය. ඒවා සිදු වන්නේ කුණු වූ සමාජවල ප්‍රතිසංස්කරණ සඳහා දරන සියලු උත්සාහයන් අසාර්ථක වූ විට ය. 19 වැනි සියවසේ අග භාගයේ ප්‍රංශයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ රුසියාවේ විප්ලව වලින් ඒ බව වඩාත් පැහැදිලි විය. කුඩා තිතක් බඳු මෙම දිවයිනට 21 වැනි සියවසේ පළමු භාගයේදී මහා දේවල් සාධනය කරගත නොහැකි වීමට හේතුවක් නැත. ඒවා අසාර්ථක වන්නේ පවතින තත්ත්වයට සමාජයේ වඩාත්ම බලවත් පුද්ගලයන් වඩා කැමති වූ විට ය. ඔවුන්ට එරෙහිව ජනතාව සතු බලවත්ම මෙවලම සමඟ නැගී සිටිය යුතුය: ඒ තමන්ම ය.
මූල්‍ය “ජල වධ හිංසා” සමඟ ජාමූඅ සඳහා අයවැය
වඩාත් කප්පාදු පියවර සහිත අයවැය නිවේදනය කරන ලද්දේ හුදෙක් ජාමූඅ දිනාගැනීමට ය. එහි නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම බලාපොරොත්තු වූ දේ හරියටම ප්‍රකාශ කළේය; එය හුදු ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් පමණක් වන අතර එම අරමුදල් පවා ලබා දෙන්නේ ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පමණි. රාජපක්ෂගේ පුනරාගමනය පැහැදිලිවම පෙන්නුම් කළේ ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් රාජ්‍ය බලය තරයේ අල්ලාගෙන සිටින බවයි.
පසුගිය සති කිහිපය තුළ රටේ ආර්ථික හා දේශපාලන ගමන් මගෙහි විශාල විශ්මයන් නොමැති අතර, වැඩ කරන ජනතාවගේ තත්ත්වය ඔවුන් කෙමෙන් ගෙල සිරකර මරා දැමීමකි. හිටපු ග්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරූෆාකිස් 2015 දී ග්‍රීසියේ ඇපදීමේ ගිවිසුම “මූල්‍ය ජල වධ හිංසා” ක්‍රියාවක් ලෙස කළ ලක්ෂණ නිරූපණය ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳ උචිත විස්තරයකි.
සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි
පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…
මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
සුමනසිරි ලියනගේ IMF ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ? – News Now මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව වීඩියෝව නැරඹීමට මෙහි යන්න, මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස
අහිලන් කදිර්ගාමර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) සමග ගිවිසුම සහ එහි විපාක ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…





