“වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ…
'kathika' social, cultural and political review
By kathika
රජය මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට කැසකවයි – ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්‍යාපාරය
සංවර්ධනයේ නාමයෙන් භුක්තිය පැහැර ගැනීම: ගොවීන්, ධීවරයින්, ග‍්‍රාමීය ප‍්‍රජාව සහ නාගරික දුගීන් අනතුරේ ඉදිරිපත් කළ නව අයවැය… 2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම් සහ ආදායම් පිළිබඳ ප‍්‍රකාශයකට වඩා රජයේ…
නිර්මිත පරිසරය තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානතාව තහවුරු කරමු – චන්න දාස්වත්ත
‘ගෞරවය දිනාගැනීමට පෙර ගෞරවය ලබා දිය යුතුයි.’ තනි තනිව පුද්ගලයන් ලෙස හෝ ජාතික රාජ්‍යයක් ලෙස ගෞරවය සහ ඇගයීම පිළිබඳව කියවෙද්දී ඉහත කියමන නිතර නිතර භාවිතවූවකි. ජාතික රජයක් වෙනත් රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී පවත්වන ගෞරවනීය ස්වභාවය මත වෙනත් රටවල් තවත් රටක් පිළිබඳව දක්වන අවධානය සහ ඇගයීම තීරණය වේ. රටක් ලෙස ඔවුන් නිවැරදි යැ’යි විශ්වාස කරන අදහස්…
අප පතන ‘පොදු යහපත’ කුමක් ද? – කුමුදු කුසුම් කුමාර
උත්කෘෂ්ඨම දේශපාලන ගැටළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේය. – ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss ‘රාවය’ තම සංවත්සරය වෙනුවෙන් ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?’ යනුවෙන් ප්‍රශ්නයක් නැඟීමෙන් මතු කරන ප්‍රධාන කරුණු දෙකක් මම දකිමි. ඉන් පළමුවැන්න නම්, වත්මන් ලංකාව එබඳු රටක් නොවන බව අප පොදුවේ…
අමරදේව හා සිංහල දේශීය සංගීතය – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි අමරදේවගේ සේවය තක්සේරු කිරීමට පසුබිමක් වශයෙන් මෑත යුගයක අපේ සංගීතය විකාශනය වූ සැටි මඳක් සැලකීම ප්‍රයෝජනවත් යයි හඟිමි. ඈත යුගවල සිංහල සංගීතය යන්න කෙබන්දක් වී දැයි නිශ්චය කිරීම අපහසු ය. පත පොතෙන් අපට ලබාගත හැකි අල්ප වූ සාක්ෂි අනුව නිගමනය කළ හැක්කේ එය භාරතීය සංගීතයට නොවෙනස් වූ බවය. එහෙත් “දේශීය” සංගීතය යයි…
“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර
බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු…




