By kathika

ව්‍යවස්ථා සම්පාදනය හා පුරවැසි ක්‍රියාකාරීත්වය – වීඩියෝ

ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන අදහස් විම්සීමේ කමිටුව නියෝජනය කරන ආචාර්ය හරිනී අමරසූරිය සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර ව්‍යවස්ථා සම්පාදනය හා පුරවැසි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ ආයූබෝවන් සුභ උදෑසනක් වැඩසටහන සඳහා 2016.01.22 දින ලබා දුන් සම්මුඛ සාකච්ඡාව සහිත සම්පූර්ණ වීඩියෝව මෙහි දැක්වේ.

විරුද්ධ මත දරන්නන් තර්ජනයෙන් ගර්ජනයෙන් බිය වැද්දීම ලිච්ඡවි රජ දරුවන්ගේ ක්‍රමය වීද?

අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුමක් පිළිබඳ සමාජයේ විවිධ වෘත්තීයමය කොටස් වෙතින් එල්ල වෙමින් පවතින විරෝධතා මැඩ පැවැත්වීම සඳහා සටන් වැද සිටියි. තමන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක් සමබබන්ධයෙන් එල්ල වන විරෝධතා වෙනුවෙන් පිළිතුරු දීමට අගමැති ට අයිතියක් තිබේ. නමුත් එසේ කිරීමේදී එම විරෝධතා සංවිධානය කරන්නන්ට තර්ජනය කරමින් ඔවුන් බියවද්දා නිහඬ…

මාධ්‍ය නිදහස අලුතින් අර්ථ ගැන්වීම – ‘කතිකා’ අධ්‍යයන කවය

මහින්ද රාජපක්ෂ රෙජිමය සමයේ මාධ්‍ය මර්ධනයට එරෙහිව මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි දේශපාලනඥයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරකයන් ද මාධ්‍යවේදීන් ද දැන් තමන් බලයට පත් කර ගත් මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා රෙජිමය යටතේ මාධ්‍ය නිදහසට යම් යම් කොන්දේසි පනවමින් එය අලුතින් අර්ථ ගන්වමින් සිටිනු අපට දැකිය හැකිය. මේ පිරිස් මී ළඟට සීමා පනවමින් අලුතින් අර්ථකථනය කරනු ඇත්තේ…

“සංස්කෘතියට හොඳ මිලක් නියම කිරීම” : හුවමාරු අගය, පාරිභෝජනය සහ විනෝදාස්වාදය

හනා ආරන්ඩ්ට් ‍ගේ Crisis in Culture ලිපියෙන් උද්ධෘතයක්අවරසිකයා විසින් පළමුව සංස්කෘතික වස්තූන් වැඩකට නැති දේ ලෙස ගර්හාවට ලක් කෙරිණි. මෙම කි‍්‍රයාදාමයේ දී සංස්කෘතික අගයන්ට සලකන ලද්දේ අන් කවර හෝ අගයයන් මෙනි, ඒවා අගයන් හැම විට ම වූ දේ වූ හුවමාරු අගයන් විය. අතින් අතට යාමේ දී ඒවා පැරණි කාසි මෙන් ගෙවී යාමට ලක් විය. සියලූ…