By kathika

දුටුගැමුණු ගැන මා තුළ අනුකම්පාවක් ඇතත් රහතුන් කෙරෙහි එසේ නැත:(දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:අවසාන කොටස)-ගණනාථ ඔබේසේකර

19 වන සියවසේ අග භාගයේදී අනගාරික ධර්මපාල විසින් යලි මතුකරන ලද බෞද්ධ රාජ්‍ය පිළිබඳ මතවාදවලින් ගැලවී නැත. ඔහු බහුතරය විසින් පිළිගන්නා බෞද්ධ කථාන්තර ඉවත දමා ඇත. ඔහුගේ සමහර සමකාලීන උගත් සහායකයෝ බෞද්ධ ආචාර ධර්ම, භාවනා ක්‍රම බඳු නූතන ගිහි ආගමික වතාවත් පිළිපදිති. අනෙක් අය පිළිපදින ධර්මය දාර්ශනික අර්ථයන්ගෙන් හා දේශපාලනික අර්ථයන්ගෙන් බහුල වුව ද හෘදසාක්ෂියක්…

දුටුගැමුණු යලි ඉපදී ඇතත් මෙවර ඔහු තුළ බෞද්ධ හෘදසාක්ෂියක් නම් නැත (දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:3 කොටස) -ගණනාථ ඔබේසේකර

“මේ කථාන්තර කීම තුළින් ත්‍රිපිටක සම්ප්‍රදායට අයත් තේරුම් ගැනීමට අපහසු ගැඹුරු සංකල්ප ගැමියන්ගේ එදිනෙදා ජීවිතයට හා ආචාර ධර්මවලට එකතු වූහ. මේවා නිදා නොවැටී අසා සිටිය හැකි කථාන්තර නිසා දෙමාපියනට ඒවා තම දරුවන්ට කුඩා කල සිටම කියා දීමට හැකි විය. දරුවෝ ද මහත් අභිරුචියෙන් මේ කථාන්තරවල ඇති චරිත සමඟ තවමත් හඳුන්වා ගැනීමෙන් හා තම දෙමාපියන් දැරූ…

ධනේශ්වර සංවර්ධනය අනිවාර්ය ඓතිහාසික ඉරණමක් නොවේ – කුමුදු කුසුම් කුමාර

ගෝලීය නව ලිබරල්වාදී යුගයේ වමේ දේශපාලනය “මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ…

මිනිසාගේ දෙවැනි මරණය: අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

මිනිසාගේ දෙවැනි මරණය “මිනිසා තව දුරටත් තම භූගෝලීය සහ ඓතිහාසික සත්තාවේ එක් ආකාරයකට – එනම් වියුක්ත මානවවාදය මත පදනම් වූ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ට – පමණක් සහමුලින් පළායන්නේ යැයි අපට කිව හැකිද? ශීතල යුද්ධයේ අවසානයත් සමග ඉතිහාසය අවසන් විණැයි ෆුකුයාමා ලිබරල්වාදී දේශපාලන ව්‍යාපෘතිය ලොව දේශපාලන විකාශනයේ අවසානය යැයි යෝජනා කළද අද වන විට යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය බටහිරමත්…

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (2 කොටස) :මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය-මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“මහාවංශය කෙතරම් වෙහෙස දැරුවද සාමාන්‍ය සදාචාර ධර්මයන්ට අනුකූලව සෝනුත්තරගේ සහ අනෙකුත් භික්ෂූන්ගේ ක්‍රියා කලාප වංචාවෙන් හා හොරකමෙන් වෙන් කළ නොහැක. මට සිතෙන අන්දමට සාමාන්‍ය ගැමියන්ගේ හෘදසාක්ෂිය උගතුන්ගේ සහ භික්ෂූන්ගේ‍ හෘදසාක්ෂියට වඩා සියුම්ය. වහා සසලවන සුළුය. ඔවුන් සිංහල ථූපවංශයේ ඇති කථා ස්වරූපය තම මිථ්‍යා කථා ආකෘති තුළ යළි යළිත් හුවා දක්වා ඇත. දුටුගැමුණු රජ නාගයෙකු විසින්…