Tagged ආචාර ධර්මය

නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය…

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව දිමුතු සමන් වෙත්තසිංහ- ‘කතිකා’ අධ්‍යයන කවය ඔබගේ ක්‍රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න. කාන්ට් කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය ‍වේ. ගැඩමර් දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ. ගැඩමර් ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි. ෂන්තාල් මූෆ් ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල…

නිදහස සහ අවශ්‍යතාව: අධ්‍යාපනය සහ සංවර්ධනය – ‘කතිකා‘ අධ්‍යයන කවය

2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තන මතවාදය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අප කියා සිටියේ මෙම ගැටුමේ දෙපාර්ශ්වයට හවුල් වන ජනතාව නියෝජනය කරන අපේක්ෂාවන් වන පිළිවෙලින් පුද්ගලවාදයත්, ප්‍රජාවත් අතර ගැටුම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, මෙම ගැටුම සංහිඳියාවට ගෙන ඒමේ මඟක් ලෙස සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අදහස පරිකල්පනය…

මූලකෘති – ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය

ආචාර ධර්මය – ඇරිස්ටෝ‍ටල් – දෙවැනි පොත ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය කෘතිය ලි‍යැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි. අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා…