මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.
'kathika' social, cultural and political review
Tagged නවලිබරල්වාදය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට-අහිලන් කදිර්ගාමර්
ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන…
දේශපාලනයට එරෙහිව සමාජය – හනා ආරන්ඩ්ට් කියවීම
හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism (1951) නමැති කෘතියෙහි, ස්ටාලින්වාදය, නාට්සිවාදය සමඟ එකට තබා සර්වාධිකාරවාදයක් ලෙස හඳුනාගත්තාය. නමුත්, පසුව, කාල් මාක්ස් පිළිබඳ තම වැඩිදුර අධ්‍යයනයේදී වටහා ගත් දෙයක් ලෙස ඇය සඳහන් කළේ, මාක්ස් ගැන වැඩි වැඩියෙන් කියවන තරමට තමා වැඩි වැඩියෙන් දැනුවත් වූයේ යුරෝපයේ සර්වාධිකාරවාදය නැඟීමෙන් බිඳ දමන ලද සම්ප්‍රදාය පස මාක්ස් සිටින බවයි.…
කම්පන ප්‍රතිපත්ති සහ වැටුප් මර්දනය
මිනිසුන් හාමතේ ගැඹුරටම තල්ලු කිරීම පවා කළ හැකි ධනවාදයේ මෙම තර්කයට මුහුණ දිය හැකි දෙය නම් වැඩකරන ජනතා බලය සහ සංවිධානාත්මක ප්‍රතිරෝධයයි. වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත ප්‍රතිනිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම අවශ්‍යතා සමන්විත වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය අහිමි කෙරෙමින් පවතින නමුත් අපගේ ප්‍රගතිශීලී බුද්ධිමතුන්, අපගේ වෘත්තීය සමිති සහ අපගේ සමාජ ව්‍යාපාර සියල්ල නිදා සිටින බවක් පෙනේ. ප්‍රගතිශීලී බලවේග විසින් අතීතයේ දී අතහැර දමනු ලදුව, වැඩකරන ජනතාව මිලියන ගණනින් ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් අවදි වී කොළඹ මායාව පුපුරවා හැර ඇත. අපේ තරුණ පරපුරු විනාශ කරනු ඇති දිග ඇරෙමින් පවතින ව්‍යසනය ගැන බියෙන් වෙව්ලමින් මම අතිමහත් වැඩකරන ජනයා සැදුම් ගන්නා අපේ ගොවීන්, අපේ ධීවර ජනතාව, අපේ වතු ප්‍රජාවන් සහ අවිධිමත් අංශයේ සහ කර්මාන්තශාලාවල වෙහෙසෙන ජනතාව, යළිත් අභියෝගය භාර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
ඇයි ලංකා විදුලිබල මණ්ඩලය?
අහිලන් කදිර්ගාමර් විසිනි සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්, ඇයි දැන්? එමෙන්ම, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…
නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම (2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.) ( සම්පූර්ණ දේශන…





